( ශෂිකලා දර්ශනි)
අපොස උසස්පොළ විභාග ප්‍රශ්න පත්‍ර රැගෙන යාපනයට ගොස් නැවත පැමිණෙමින් සිටි විභාග දෙපාර්තමේන්තුවට අයත් ලොරියක් සහ විභාග කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රියක් අඹන්පොල කාසිකොටේ ආසන්නයේ දී එකිනෙක ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ 08 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ .
අද අලුයම 12.30 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ. අනතුර සිදු වන අවස්ථාවේ 9 දෙනකු වාහනයේ ගමන් කර ඇත.
පොලිස් නිලධාරින් දෙදෙනකු භාරයේ මෙම වාහන දෙක ම ගමන් කර ඇති අතර වෑන් රියේ ගමන් කළ නව දෙනකුගෙන් 08 දෙනකු තුවාල ලබා ඉන් 05 දෙනෙක් අඹන්පොල මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
තුවාල ලැබු තවත් තිදෙනෙක් ගල්ගමුව රජයේ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
විමර්ෂණ කටයුතු සඳහා අවශ්‍ය තොරුතුරු සටහන් කර ගැනීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවට අයත් වාහන දෙක ම එහි පැමිණි පොලිස් නිලධාරීන් ගේ බාරයේ යටතේ පිටත් කර යැවීම ට කටයුතු කළ බව පොලසිය සඳහන් කළයි.
මෙම අනතුරින් කිසිවෙකුගෙත් තත්ත්වය බරපතල නොවන අතර ඔවුන් තවමත් නෝවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විභාග දෙපාර්තමේන්තුවට අයත් රථ දෙකක් ගැටී 9ක් රෝහලේ
Sunil Monday, 05 August 2019 07:03 AM
විභාගෙ ෆේල්...