IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වඳින්න ගිය දෙවොල ඇමති හරීන්ගේ හිසමත කඩා වැටෙයි

(වඳුරඹ සිරිනිහාල් ගමගේ)


සවුදි අරාබියේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවසට පැමිණි අමාත්‍යවරුන්ට නිවැසියන් සානුකම්පිතව කරුණු පහදා දුන් අතර ඝාතනයට ලක්වූ කාන්තාවගේ ඥාති සොහොයුරන් ගෙන් අභියෝගයක් එල්ල විය.


සවුදි අරාබියේ ගෘහ සේවයේ නියැලී සිටියදී ඉකුත්  10 දින සිය හාම්පුතාගේ වෙඩි ප්‍රහාරයට ලක්වී මියගිය බවට පැවසෙන වඳුරඹ ,කටබුරාව ,අබේසුන්දර වත්ත.ලිපිනයේ පදිංචිව සිටි තිදරු මවගේ සැමියා හා දියණියන් වාසය කරන නිවසට ඉකුත් 17 දින පැමිණි විදේශ රැකියා හා විදුලි සංදේශ හා ජිඩිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහහා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඔවුන්ගේ සුව දුක් විමසා අවශ්‍ය සියලුම පියවර ගෙන ඉක්මනින් දේහය ගෙන්වා දීමටත් කළහැකි උපර්මයෙන් එම පවුලේ දියුණුව හා දරුවන්ගේ අනාගතයට අධාල කියාමාර්ග ගැනීමටත් පොරොන්දු විය.


මෙම අවස්ථාවේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තා මහත්මියගේ සැමියා හා දරුවන් තමන් මුහුණු දී ඇති ගැටළු සාමකාමිව පෙන්වා දුන් අතර ඌරල ශ්‍රී ක්ෂේත්‍රාරාම සුමංගල පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති හා ගා/ඌරල කනිටු විදුහලේ නියෝජ්‍ය විදුහල්පති  ඌරල චන්දිම හිමි එම කරුණු මනා අවබෝදයට ලක්වන පරිදි අමාත්‍යවරුන් දැනුවත් කළේය. 


මෙම අවස්ථාවේදී තම ඥාති සොයෝරියගේ ඝාතනය ගැන කලකිරි සිටි  කිහිප දෙනකු අමාත්‍යවරුන් අමතා තවත් සතියක් ඇතුලත මෘත දේහය ගෙනවිත් නොදුන්නොත් ගම්වල පිරිස් සමග එක්ව වඳුරඹදී උත්ඝෝෂණ කරන බවට පැවසීම නොරිස්සවූ හරින් ප්‍රනාන්දු අමත්‍යවරයා කියා සිටියේ තමන් හා නියෝජ්‍ය අමාත්‍ය වරයා අතුලු සියලුම නිලධාරින් නොපිරිහෙලා සියලුම කටයුතු කරමින් සිටියදී මෙලෙස අභියෝග කිරීම නොකළයුතු  බවයි.

තවද අමාත්‍යවරයා කියා සිටියේ තමන් අභියෝග වලට නම් භිය නොවන බවත් කොහෙවත් සිටින අරාබි ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටීමට හෝ වෙනත් අවශ්‍යතාවයක් සදහා නොපැමිණි බවත් තමාගෙන් හා අමාත්‍යාංශයෙන් ඉටුවියයුතු සේවාව ඉටු කිරීමට මේ වනවිටද කටයුතු කර වැඩි දුරටත් සොයා බැලීමට පැමිණි බවයි.

 



අදහස් (17)

වඳින්න ගිය දෙවොල ඇමති හරීන්ගේ හිසමත කඩා වැටෙයි

Raveendra Saturday, 17 March 2018 09:51 AM

හාදයා රඟපාන්න ලෑස්තිවෙලා.. "රටටම" අඬබෙර ගහලයි ගිහින් තියෙන්නේ. "පාට පාට" කැට තියාගෙන ඉදිරියෙන් කතා කරන්නේ.. අනේද කියන්නේ?

:       1181       1653

Jothiya Saturday, 17 March 2018 09:56 AM

අා... මේ අපේ ගූගල් හරීන්නේ. මෙයා කියන දේවල් කව්ද අනේ ගණන් ගන්නේ. මෙයා වැඩ බැරි ටාසන් කෙනෙක් විතරයි. හැබැයි ඉතින් මුස්ලිම් මිනිස්සුන්ට නම් පණ ඇරල වැඩ...

:       3373       4045

RaveendraSaturday, 17 March 2018 12:27 PM

ජෝතිය මයාවෙත, ඔබට පොඩි අතපසුවීමක්... ගූගල් හරින් නොවේ "අගුල් නොහොත් මොංගල් " ලෙස ඔබගේ අදහස් නිවැරදි වුනොත් එය ඉතාමත්ම යෝග්‍ය වන්නේය. තවද ටාසන් නොව වැඩ බැරි මුගටියෙකි.

:       78       315

Iqbal MuscatSunday, 18 March 2018 04:46 AM

ප්‍රතිචාර දැක්වීමේදී ශීලාචාරව වචන භාවිතා කිරීමෙන් ඔබගේ ගුණාත්මක බව ඉහල යන අතර පාඨකයින්ට අදහස් කියවීම අප්‍රිය අත්දැකීමක් නොවනු ඇතැයි සිතමි.

:       400       122

රජින්ද Saturday, 17 March 2018 10:30 AM

පාලකයින්ව ජනතාවට විශ්වාස නොමැති නිසයි මෙහෙම දේවල් වෙන්නේ. යහපාලනයේ කරන කියන දේවල් මුලසිට අගටම දන්නා ජනතාව යහපාලනයේ නියෝජිතයින් ප්‍රතික්ෂේප කිරීම ස්වභාවිකයි.

:       477       708

nilmina Sunday, 18 March 2018 08:53 AM

හිටපු ඉන්න මොන පාලකයාත් කරපු මගුලක් නැහැ........ රට ඉන්න අයට වත් ගෙවන බියුරෝ එකට වත්

:       52       0

sirimal Saturday, 17 March 2018 10:36 AM

අහක යන බෝලවලට හයේ පාරවල් ගහන්න ගිහිල්ලා ගමම කන්න නම් හරිම දක්ෂයෙක් තමා...

:       504       570

Lapaya Saturday, 17 March 2018 02:34 PM

පිලිපීන ජාතිකයෙකුට මෙහෙම දෙයක් වුනා නම් බලන්න තිබුණා. එහෙ ජනාධිපතිගේ වැඩ ටික. රටේම ඉන්න පිලිපීන ජාතිකයින්ව වහාම ගෙන්න ගන්නවා. කෝටි ගාණක වන්දියකුත් එක්ක. ඒකට අපේ අය...

:       59       148

Bamunuarachchi Saturday, 17 March 2018 02:39 PM

මේවට තමයි මාධ්‍ය සංදර්ශන කියන්නේ... වැඩිය තේරුම් ගත්ත කෙනෙක් බකට් එක පෙරළුවා. දැන් නාගෙන යන්නකෝ...

:       6       140

ජගත් ලියනගේ Saturday, 17 March 2018 11:56 PM

ඔය කාල තියෙන්නෙ හොඳ කෑමක් .

:       0       2

gunarathna Sunday, 18 March 2018 02:43 AM

අනේ කාලේ වනේ වාසේ කීවලු.

:       0       0

Rohan Sunday, 18 March 2018 05:21 AM

හෑමෝම දන්නවා හැම එකම උගුරට හොරාම බෙත් බොනවා කවද්ද අපි මේ අයට එරෙහිව එක්වෙන්නේ....

:       0       11

sam Sunday, 18 March 2018 09:43 AM

මිනිස්සු හරිනෑ කියන ඒවා ගණන් ගන්නේ නැහැ. මෙයානේ කිව්වේ නිව්සීලන්ඩ් රග්බි කෝච්ලා ගෙන්නලා ලංකාවේ රග්බි දියුණු කරනවා. ගූගල් දෙනවා. අනේ ඉතින් මේවා බොරු පොරොන්දුනේ. ඉතින් මිනිස්සු හරිනම් කියන ඒවා විශ්වාස කරයිද?

:       0       31

Raveendra Sunday, 18 March 2018 11:05 AM

ඉක්බාල් මස්කට් මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු, මෙහිදී අප විසින් "කිසිදු අසීලාචාර වචන බාවිතා කර නොමැති" බවට පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමු. දෙවනුව පිදිය යුතු මහත්මා ගතිගුණ ඇති, මනසින් උසස් තැනැත්තාට "මහත්මයා" කීමට අප කිසිවිට පසුබට නොවන්නෙමු. ඔහු රතුද, කොළද, නිල්ද අපට නම් අදාලම නැත. එමෙන්ම "මී හරකාට" එසේ මී හරකා (එම හරකා රතුද, කොළද, නිල්ද අපට අදාලම නැත) කීමටත් අප නම් "කිසිදු බියක්" නැති බවත් දැන්වීමට කැමැත්තෙමු. අවසාන වශයෙන් කිසිවකු හොඳ දෙයක් කලේනම් (අපගේ මවුබිම වෙනුවෙන් කලේ නම්, පුරවැසියන් වෙනුවෙන් කලේ නම්) එය අගය කිරීමටත් හොඳ යන්න පැවසීමටත් අප නම් කුහක නොවන්නෙමු. මෙම අදහස් වලින් ඔබට යම් අපහසුතාවයකට පත්වුණි නම් අප කණගාටු වන්නෙමු.

:       0       108

liyanage Monday, 19 March 2018 12:40 PM

විදේශ සේවා වලට යන අපේ කාන්තාවන් නතර කළයුතු තැනට ඇවිත් තියෙන්නේ.. මේකට පවතින රජයත් අපේ පෙර සිටි සියලුම රජයන් වගකීම බාරගත යුතුයි. ඊට පස්සේ වගකීම බාරගත යුතු වන්නේ.. ඒ කාන්තාවන්ගේ පුරුෂයන්... මම නම් දකින්නේ. ඒ පිරිමි නෙමෙයි... නැත්නම් තම බිරිඳ යවාවිද? පිටරට ගෘහ සේවයට තමාගේ බිරිඳව පිටරට යවලා හම්බ කරගෙන කන ..පවුලේ අයටත් හොඳ පාඩමක්.. ඔක්කොම වුණාට පස්සේ... රජයට බැනලා මොකටද?

:       0       0

kanchana kodithuwakku Wednesday, 21 March 2018 09:40 AM

මට නුවරදී අහුවුණා නම් "මස්කට්" කවනවා ඉස්මුරුත්තෙටම එන්න...

:       0       0

sahan Wednesday, 21 March 2018 10:10 AM

ඇමතිතුමාටත් නිකන් ඉන්න බැහැනේ... සල්ලි හොයන්න රට ගිහින් මළා නම් ගෙදර අය දැනගන්න ඕනෑ... ඉතිරි ටික කරගන්න. මොකද මෙයා හම්බ කරපුවා රටේ මිනිසුන්ට බෙදලා දුන්නද? නැහැනේ.. ගෙදරටනේ එව්වේ, මෙයාලා හිතන්නේ ඇමතිතුමා අරාබියට ගිහින් මිනිය ගේන්න ඕනෑ කියලා, ඔන්න බම්බු ගහ ගන්න කියලා ඉන්න තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 51 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 43 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 554 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1951 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 373 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site