IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වෙනත් රැකියාවක නිරත නම් අර්ථ සාධක අරමුදල පමාවෙයි

(විනීතා එම් ගමගේ)

සේවක අර්ථසාධක අරමුදල ලබා ගැනීමට නිසි වයස සපුරා තිබුණත් විශ‍්‍රාම ගෙන වෙනත් රැකියාවක නිරත වන්නේ නම් අර්ථසාධක අරමුදල ලබා ගැනීමේ අයදුම්පත් භාර නොගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

සේවක අර්ථසාධක අරමුදල් පනතේ ප‍්‍රතිපාදන අනුව සේවකයෙකු වයස අවුරුදු 55 ක් ද, සේවිකාවක වයස අවුරුදු 50 ක් ද සම්පුර්ණ කර ඇත්නම් අරමුදලේ ප‍්‍රතිපාදන ලබා ගත හැක. මෙසේ අර්ථසාධක අරමුදලේ වගන්ති වෙනුවට කම්කරු බලධාරින් හිතු මතේ කටයුතු කිරීම ගැන රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය දැඩි විරෝධය  පළ කරයි.

වහාම මෙම අසාධාරණ කටයුත්ත  නවතා වැඩ කරන ජනතාවට හිමි මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙස කම්කරු බලධාරින්ගෙන් තම සංගමය ඉල්ලා සිටි බව  රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමයේ සභාපති අයි. සී. ගමගේ මහතා පවසයි.

පෞද්ගලික අංශයේ සේවයකරන බොහෝ දෙනා නිසි වයසේ දි විශ‍්‍රාම ගෙන එම සේවා ස්ථානයේ ම නවක සේවකයකු ලෙස හෝ වෙනත් රැකියාවක නිරත  වීම සාමාන්‍ය දෙයක් බවත් ඔවුන්ගේ ජීවිත කාලයක් ඉපැයූ මුදල් ඔවුන්ට නිසි වේලාවට ලබා දීම කම්කරු බලධාරින් ගේ යුතුකම හා වගකීම බවත් ගමගේ මහතා කියයි.         



අදහස් (8)

වෙනත් රැකියාවක නිරත නම් අර්ථ සාධක අරමුදල පමාවෙයි

mahinda Monday, 10 April 2017 12:48 PM

සමහර රජයේ සේවකයන්ගේ නොමනා ක්‍රියා නිසා රජය අපහසුතාවයට පත් කරන තවත් වැඩක්ද?

:       25       34

sunil Monday, 10 April 2017 01:01 PM

එ්කත් නොදෙන්න හේතුවක් හොයාගෙන වගේ කට්ටිය. අර්ථ සාධක අරමුදල් පනතේ එහෙම කොන්දේසියක් නැහැනේ !

:       35       81

himal Monday, 10 April 2017 06:04 PM

අර්ථසාධකේ හිමි කෙනෙක් වයස 55න් පස්සේ සේවයෙන් ඉවත් වෙලා වෙන ‍රැකියාවක් කරනවා නම් ඒ දෙවන ‍රැකියාවට නැවත අර්ථසාධකයට බැ‍ඳෙනවාද නැත්නම් කලින් එකම දික් කරනවාද?

:       0       0

sunil Monday, 10 April 2017 06:17 PM

කම්කරු ඇමතිතුමනි, මේ ඔබතුමන්ගේ අවධානය පිණිසයි! ඔබතුමා මේ අසාධාරණය අනුමත නොකරන බව අපගේ විශ්වාසයයි!

:       0       0

Lanka Perera Monday, 10 April 2017 11:30 PM

අර්ථසාධක මුදල් ගන්න විතරක් බොරුවට, නමට විශ්‍රාම ගන්න එක නිසා තමයි මේ ඔක්කොම. ඒ වැඩේ වැරදියි නේ..

:       0       0

wije Tuesday, 11 April 2017 02:30 AM

අහිංසක සේවකයින්ගේ අර්ථසාධකේටත් විදින්නද හදන්නේ මුළු ආණ්ඩුවම ලැජ්ජා වෙන්න ඕන මේ කරන වැඩ වලට.

:       8       0

සතයපාල Tuesday, 11 April 2017 05:16 AM

කෝමේ වෘත්තිය සමිති නිදිද පැන්ෂන් ගියාට පස්සේ සේවක අයිතිවාසිකම් ගැන බලන්නේ නැද්ද ?

:       0       0

Deepal Nirosh Tuesday, 11 April 2017 08:31 AM

රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපට වගේ අර්ථසාධක අරමුදලටත් තට්ටු කරන්නද යන්නෙ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 870 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 167 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1043 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1078 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1375 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1228 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site