IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘වධහිංසකයන්ට උසස්වීම් නෑ’ - පොලිස් කොමිසම කියයි

 

බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන 

 

 

පොලිස් වධහිංසාවලට වැරදිකරුවන් වන පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබා නොදීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.

 

වධහිංසා සම්බන්ධයෙන් පොලිසියට එල්ල වන චෝදනා සැළකිල්ලට ගෙන මෙම තීන්දුව ගත්තේ යැයි ද එවැනි නිලධාරින්ට කිසිදු බුරුලක් දීමට පොලිස් කොමිසම කටයුතු නොකරන්නේ යැයි ද එහි සභාපති පී.එච් මනතුංග මහතා කීවේය. 

 

පොලිස් නිලධාරින්ට එල්ල වන වධහිංසා, අල්ලස්, දූෂණ වැනි බරපතල අපරාධ චෝදනා වලදී සිදුවීම්වල ඉතිහාසය දැක්වෙන සේ සුපරීක්ෂණ ලැයිස්තුවක් පවත්වාගෙන යමින් එය පසුවිපරම් කිරීමට ද කොමිසම කටයුතු කළ බව මනතුංග මහතා කීවේය.

 

අදාළ නිලධාරින්ට උසස්වීම් ලබාදීමේදී ශිෂ්‍යත්ව ආදී වරප්‍රසාද ලබාදීමේදී මෙම සුපරීක්ෂණ ලැයිස්තුව දර්ශකයක් හැටියට පාවිච්චි කරන්නේ යැයි ද ඔහු පැවැසීය.

 

වධහිංසා සම්බන්ධයෙන් ජාතික දත්ත පද්ධතියක් සකස් කිරීමේ අරමුණෙන් ජාතික පොලිස් කොමිසම වෙනම විමර්ශන ඒකකයක් ද පිහිටු වී යැයි කී හෙතෙම රජය ක්‍රියාත්මක කරන වධහිංසා පිටුදැකීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ නිකුත් වූ නිර්දේශයක් අනුව මෙම විමර්ශන ඒකකය පිහිටු වී යැයි අවධාරණය කළේය.

 

කොමිසමට පොලිස් බලතල නැති නිසා පොලිසියට චෝදනා එල්ල වන වධහිංසා සිදුවීම්වලදී පොලිස්පතිවරයාට නිර්දේශ නිකුත් කරන්නේ යැයි ද පසුව පොලිස්පතිවරයා නිර්දේශවලට අනුව ක්‍රියාකරන්නේ දැයි කොමිසම පසුවිපරම් කරන්නේ යැයි ද මනතුංග මහතා කීවේය.

 

මෙම නව විමර්ශන ඒකකය මගින් වධහිංසා ගැන ජාතික මට්ටමින් තොරතුරු ඒකරාශි කිරීමත් දෛනික පසුවිපරමත් සිදුවන්නේ යැයි ද ඔහු සඳහන් කළේය. 

 

මීට අමතරව පොලිස් නිලධාරින්ට එරෙහිව එල්ල වන පැමිණිලිවලදී ක්‍රියා කිරීමට පොලිස්පතිවරයා යටතේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක වන්නේ යැයි ද සිදුවීම් වලට අදාළව විමර්ශනයක් පවත්වා චෝදනා පත්‍ර සකසා අධිකරණයට යොමු කිරීම එමගින් සිදුවන්නේ යැයි ද මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (5)

‘වධහිංසකයන්ට උසස්වීම් නෑ’ - පොලිස් කොමිසම කියයි

රවින් Monday, 06 August 2018 10:07 AM

සමහර අයගෙන් තොරතුරු දැනගන්න එක ඔලුව අතගාලා පුළුවන් කියලද හිතන්නේ? විශේෂයෙන් මත් ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන්නන්ගෙන්, සමාජ දුෂකයින්ගෙන් , . ක්‍රියාත්මක කලොත් වෙන එකම දේ අපරාද දුෂණ වැඩිවෙන එක. පොලිස්සියේ උදවිය ශේප් වෙලා ඉඳියි. ජනතාව බෙල්ලේ වැලලාගනියි. සිද්දාන්ත කොමිෂන් විතරක් ඉතුරුවෙයි. දියුණු රටවලත් පොලිසිවලට බලය පාවිච්චි කිරීමේ බලතල දීලා තියනවා. විශේෂයෙන් සංක්‍රම්නිකයන්යිගෙන්න් වන හිරි හැර මැඩ පැවැත්වීම සඳහා.

:       0       1

Prabuddha Monday, 06 August 2018 11:18 AM

මොනවද මේ කතා ? වධ හිංසාවලට සම්බන්ධවී ඇත්නම් මොන උසස්වීම් ද.? වහාම හිරගෙට යවන්න.

:       0       0

Mano Monday, 06 August 2018 11:44 AM

අර භාවනා කළේ නැතුවට විදුලි සෝපාන ක්‍රියා කරුට කම්මුල් පාර දුන්න මහත්තයාටත් මේ නීතිය අදාලද?

:       6       3

prabath Monday, 06 August 2018 03:11 PM

ටික දවසකට කලින් යාපනයේ සිසුන් දෙදෙනෙක් බයික් එකෙන් යද්දී පොලිසියෙන් ඝාතනය කළා කියල‍ා මතකද? පොලිසිය එ්කේ රිපෝර්ට් එක හදලා තිබුණු විදිහ සම්පූර්ණයෙන්ම බොරු වුණා. අධිකරණ මරණ පරීක්ෂණයෙන්... ඉතින් ඔවුන් පොලිසියේම කෙනෙකුට විරුද්ධව හදන රිපෝර්ට් ගැන විශ්වාස කරන්නේ කොහොමද?

:       0       3

Chanak Los angeles Monday, 06 August 2018 03:20 PM

එසේනම් අර කිලිනොච්චි භාර පොලිස් නිලධාරියා මිනීමැරුමකට සම්බන්ධව වාර්තා තිබියදී පොලිස් කොමිසම විසින් ඔහුව නියෝජ්‍ය පොලිස්පතිකමකට නිර්දේශය දුන්නේ මන්ද?

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 106 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 271 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 523 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 509 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 569 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site