IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොරොන්දුව බලයේ රස වැටුණම අමතකයි

(හර්ෂණ තුෂාර සිල්වා, බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත්වන සියලු දෙනා බලයේ රස වැටුණු පසු තමන් දුන් පොරොන්දුව අමතක කරන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා අද (28) පස්වරුවේ පැවැසීය.

තොරතුරු නිදහස, යහපාලනය, විධායක ජනාධිපති ධූරය, බලය අවභාවිත කිරීම, දූෂිත පාලනය යනාදී සටන් පාඨ අද ඊයේ ඇති වූ ඒවා නොවූ බව කී කතානායක කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාව තොරතුරු නිදහස දිනා ගැනීම සඳහා දීර්ඝ කාලයක සිට සටන් කළ බව ද කීවේය.

මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දෙවැනි දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් කතානායක කරු ජයසූරිය මහතා එම කරුණු සඳහන් කළේය. සමුළුවේ දෙවැනි දිනය ගල්කිස්ස මහ හෝටලයේදි පැවැත්විණි.

දෙවැනි දිනයේ පළමු සැසියේ මුඛ්‍ය දේශනය කළ කතානායක කරු ජයසූරිය මහතා මෙසේ ද පැවැසීය. 

“තොරතුරු නිදහස, යහපාලනය, විධායක ජනාධිපති ධුරය, බලය අවභාවිත කිරීම, දූෂිත පාලනය යන සටන් පාඨ අද ඊයේ ඇති වූ ඒවා නෙමෙයි. ඒවා බොහෝ කාලයක් තිස්සේ ඉදිරිපත් වූ යෝජනා සහ පොරොන්දු. තොරතුරු දැනගැනීමේ නිදහසත් ඒ ආකාරයෙන් කාලයක් තිස්සේ කතාබහට ලක්වූ මාතෘකාවක්.

තොරතුරු දැනගැනීමේ නිදහස දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවත් දීර්ඝ ගමනක් පැමිණියා. ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ නිදහස ඉල්ලීම සටන ආරම්භ වන්නේ සමාජයේ පහළම තැනින්. ශ්‍රී ලංකාව ඊට වෙනස්. අධ්‍යාපනික ප්‍රජාව සහ වාමාංශික දේශපාලකයන් තුළ එම වුවමනාව තිබුණා.

එක්දහස් නවසිය අනූව දශකයේදී තොරතුරු නිදහස, යහපාලනය, දූෂණය තුරන් කිරීම යනාදිය ස්ථාපිත කිරීම සඳහා දැඩි උනන්දුවක් තිබුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විශාල සටනක් ගෙන ගියා. ඒ කාලයේදීත් වැඩිම බලයක් තිබූ ජනාධිපතිවරයා වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයායි. ඒ නිසා යම්කිසි පාලනයක් ගෙන ඒමේ අවශ්‍යතාව තිබුණා. ජනාධිපතිවරයා අනිසි ලෙස බලය අවභාවිත කිරීම නැවැත්වීමේ උනන්දුවක් තිබුණා.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිළිබඳ යෝජනාව වසර 1990 සිටම ඉදිරිපත් වුණා. අවස්ථා කිහිපයකදීම එම යෝජනාව ඉදිරිපත් වුණා. සෑම ජනාධිපතිවරණයකදීම, සෑම මහ මැතිවරණයකදීම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සටන් පාඨයක් බවට පත්වුණා. එහෙත් බලයට පත්වුණාට පසු සියලු දෙනාටම එම පොරොන්දුව අමතක වී යනවා. ඔවුන් එම පොරොන්දුව නොසලකා හරිනවා. බලයේ රස වැටුණු පසු බොහෝ අයට තමා දුන් පොරොන්දුව අමතක වී යනවා.

තොරතුරු නිදහස අයිතිය ගැන කතා කළොත් එහි ඉතිහාසය 1990 දශකය දක්ව දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.

අද වනවිට ජනතාව තොරතුරු දැනගැනීම වෙනුවෙන් දැඩි උනන්දුවක් දක්වනවා. එය ඉතාම හොඳයි. මා ඉතාමත් සතුටට පත්වෙනවා ගම්මානවල ජනතාවගේ තිබෙන උනන්දුව ගැන. ඔවුන් තොරතුරු දැන ගැනීමට විශාල උනන්දුවක් දක්වනවා.

රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අපි 1998 දී සමීක්ෂණයක් කළා. මහජන අරමුදල්වලින් සියයට 40කට ආසන්න දූෂණය හා නාස්තියට ලක්වන බව එයින් අනාවරණය වුණා.

එහෙත් මේ තොරතුරු අනාවරණය විය යුතුයි. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහස සුරක්ෂිත විය යුතුයි. තොරතුරු අනාවරණය වීම ඇතැම් විටෙක ආණ්ඩුවට අවාසිදායක වුවත් යහපැවැත්ම උදෙසා තොරතුරු නිදහස සුරක්ෂිත විය යුතුයි”.

මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල මහතා තොරතුරු නිදහස තවදුරටත් ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාපත් විය යුතු යැයි පැවැසීය.

දෙවැනි සැසිය ඇමතූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේසන් මහතා ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නිදහස පනතක් කරමින් තොරතුරු අයිතිය නීතියක් මඟින් සුරක්ෂිත කිරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ කරන ලද කැප කිරීම්වල ප්‍රතිඵලයක් යැයි කීය.

තොරතුරු දැනගැනීමේ නිදහස සුරක්ෂිත කිරීම සඳහා තවත් පියවර ගත යුතු බව කී නඬේසන් මහතා තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ නීතියේ බාධාවන ආකාරයේ නීතිරීති පුළුල් සාකච්ඡාවක් තුළින් සංශෝධනය කළ යුතු බව ද කීවේය.

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ඉදිරියට යන තේමාව යටතේ දෙවැනි දිනයේ අවසන් සැසිය අද (28) පැවැත්විණි. යුනෙස්කෝ සංවිධානයේ සන්නිවේදන සංවර්ධන අංශයේ හිටපු සන්නිවේදන අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර, ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකාවන් වන කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්,  කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ටෝබි මෙන්ඩෙල්, ඉන්දියාවේ පළමු ප්‍රධාන තොරතුරු කොමසාරිස් හබිබුල්ලා වජාහත්, බංග්ලාදේශයේ ‘ද ප්‍රොතොම් අලෝ’ පුවත්පතේ සම කර්තෘ මිසනූර් රහ්මාන් ඛාන් යන මහත්ම මහත්මීහු සැසිවාරවලට එක්වූහ. 

දෙස් විදෙස් මාධ්‍යවේදීන්, ජනමාධ්‍ය විෂය හදාරන සිසුහු ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටියහ. හෙට (29) සමුළුවේ තෙවැනි දිනයයි. 

 

 



අදහස් (22)

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොරොන්දුව බලයේ රස වැටුණම අමතකයි

Hafeel Friday, 28 September 2018 01:37 PM

මේ චෝදනාව වත්මන් ජනාධිපතිටත් වලංගුයි.

:       175       246

ඇත්ත සත්‍යපාල Friday, 28 September 2018 07:41 PM

හෆීල්, බලයේ රස වැටුණම පොරොන්දු අමතකයි කියන දෙය ඔය මහදේශනා කරන කතානායකටත් අදාලයි. නියමත කාලයට නොතියා ඡන්ද කල්දාන්න මෙයත් දැන් කී සැරයක් තමන්ගේ බලය, නිලය පාවිච්චි කළාද? "ඔවාදෙනු පර හට – තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත් දනන් දෙන – ඔවා වැද්දක් කියන බණ වැනි" (ලෝකෝපකාරය - රනස්ගල්ලේ හිමි)

:       0       1

Perakum Friday, 28 September 2018 02:06 PM

සහතික ඇත්ත...! ඒත් ඇයි මෙච්චරකල් නොකිව්වේ...? අන්තිමට අපිමයි රැවටෙන්නේ. ඊළඟටත් රැවටෙන්නේ අපිම තමයි...

:       58       148

PerakumSaturday, 29 September 2018 07:42 AM

එළඹෙන මැතිවරණවලදී ජනතාව ඉතා කල්පනාකාරීව පක්ෂය කුමක් වුවත් සුදුස්සන්ට පමණක් කතිරය ගැසීමට තරයේ සිත්හි තබාගත යුතුයි...

:       0       110

LALITH Friday, 28 September 2018 02:15 PM

මෙතන තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එකේ ප්‍රශ්නේ නෙමෙයිනේ. ඒ විධායක බලතල සේරම හොරෙන්ම ජනතාවට කොලේ වහලා අගමැති අතට ගන්න යන එකනේ. සියලු විධායක බලතල ඇති ජනාධිපතිවරයා පත් කරන්න මුළු රටේම ජනතාවගේ කැමැත්ත විමසුවා. නමුත් අගමැති පාර්ලිමේන්තුවට එවන්න ඡන්දෙ දුන්නේ එයාගේ ඡන්ද කොට්ඨාසේ කට්ටිය විතරයි. ඉතින් එක ප්‍රදේශයකින් කැමැත්ත අරන් පාර්ලිමේන්තුවට අාපු කෙනෙකුට විධායක බලතල පවරා දෙන්න කියලද ඔබතුමා කියන්නේ...? එහෙම නම් අගමැති තෝරන්න රටේම කැමැත්ත විමසන්න. ඔය නැතිකරන්න යන විධායක බලතල මීළඟට පවරන්නේ කාටද කියලත් ඔය වේදිකාවලම කිව්වා නම් නේද හොඳ?

:       815       1129

Sanath KandyFriday, 28 September 2018 03:49 PM

අගමැතිට විතරක් නෙවෙයි 20 සංශෝධනයෙන් යෝජනා කරලා තියෙන්නේ විධායක බලතල කොටසක් කැබිනට් මණ්ඩලය හා ව්‍යවස්ථාදායක සභාවටත් බෙදී යන ලෙසයි. ඒත් දැන් ඉන්න අගමැතිට නෙවෙයි. ඊළඟ ඡන්දෙන් පත්වෙන අගමැතිට. දැන් ඉන්න හොරු හොඳ නැතිනම් අායෙත් පරණ හොරුන්ගේ නායකයාම පත් කරගන්න ඔබට පුළුවන්...

:       2512       2108

lalithFriday, 28 September 2018 06:06 PM

ඇයි කොටස් කොටස් එක එක්කෙනාට බෙදන්නේ? පාර්ලිමේන්තුව විධායක සභාවක් කළානම් ඉවරනේ පුද්ගලයින්ට දෙන්නේ නැතිව... එ්කේ ඉන්න සියලුදෙනාම (ජනතාවගේ නියෝජිතයින් නොවුණත්) ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු කට්ටිය. එහෙම නැතිනම් රටේ ජනාධිපතිවරයා තෝරනවා වගේ විධායක බලතල ගන්න කට්ටියගේ නම් ටිකත් මැතිවරණයට ඉදිරිපත් කරලා කැමැත්ත ගන්න. රටක ජනතාව පාලනය කරන උපරිම බලතල තමයි විධායක බලතල කියන්නේ... එ්කට වහෙන් ඔරෝ කට්ටිය පස්සේ පත්කරගෙන හරියන්නේ නැහැ. අනික මීළඟ මැතිවරණයෙන් ජනතාව රටේ අගමැතිවරයෙක් පත්කරන්නේ නැහැ. ඒ ගොල්ලන් පත් කරන්නේ පාර්ලිමේන්තු නියෝජිතයින් විතරයි. ඒ පිරිස එක එක ප්‍රදේශවල ජන කොට්ඨාශවල මනාප ලබනවා මිසක් රටේම මනාප ලබලා නැහැ. නමුත් දෙන්න හදන්නේ මුළුරටටම බලපවත්වන විධායක බලය. මොන රටේද ප්‍රාදේශීය මන්ත්‍රී ඡන්දෙකින් බලයට පත්වුණු කෙනෙකුට මුළු රටේම විධායක බලතල පවරලා තියෙන්නේ? ජනතාවට කෙලින්ම ඡන්දෙකින් අගමැති පත්කිරීමේ බලතල නැතුව, රටේම විධායක බලතල දෙන්න හදන්නේ අමුකාලද? දැනටමත් අපට අපේම නියෝජිතයකු පාර්ලිමේන්තුවට යැවීමට ඇති හැකියාවට විලංගු දමලා. අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදිව රටේ සුපිරි බලවතා පත්කිරීමේ නිදහසත් අහිමි කරන්නද යන්නේ?

:       0       3

ධනුෂ්කSaturday, 29 September 2018 02:36 AM

ලෝකේ ගොඩක් දියුණු රටවල එහෙම තමා වෙන්නේ පාර්ලීමේන්තුවෙන් තමා අගමැති තෝරන්නේ. එ්කට තමා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.රටේම ඡන්දවලින් ජනාධිපතිවරයා තේරුවා කියලා ලංකාවට මෙතක් අත්වුන සෙතකුත් නෑ. මේ රටට ජනාධිපති ධූරය ගේන්න පෙර මේ රට ලෝකෙට ණය වෙලා හිටියෙත් නෑ. දූෂිත දේශපාලකයෝ හිටියා කියලා අහලත් නෑ. අනික එ් කාලේ ඩොලර් එකේ වටිනාකමත් රුපියල් 20ටත් අඩුයි. හැබැයි එතනින් පසු සියල්ල අගාදයට ගියා. එ්කට තමා වැඩි බලය වැඩි දූෂණයේ යෙදෙනවා කියන්නේ. හැම වෙලේම උපාසකයන් එම ධූරයට පත් වෙන්නේ නෑ.යුද්දේ ඉවර කරන්න මේ ධූරය ඉවහල් වුනා කියනවා. හැබැයි සුලුවෙන් පටන් ගත් එම යුද්ධය ලප් තැනිම්ම ලොප් කරන්න එම ධූරයට බැරි වුණා. අනික විස්ස මගින් බලය ලබා දෙන්නේ වත්මන් අගමැතිට නොව බොහෝ දුරට හිටපු නිලනොලත් රජුටත් අවස්ථාව තියනවා.

:       3       0

Raveendra Friday, 28 September 2018 03:13 PM

මහජන නියෝජිතයින් යයි කියන ඔය කොයි කෙනාත් හතරට, පහට නැවිලා, කට බෝක්කුවක් වගේ ඇරගෙන කපටි සිනාවෙන් රූපකාය පෙන්නගෙන වැඳවැටී ජනතා කැමැත්ත ගත්තට පස්සේ දියවන්නා ඔයේ ගවයින්ට නිකන් ලැබෙන පුන්නක්කු, තණකොළ ගිලින ගමන් අනිත් සුර සැපත් පිනටම භුක්ති විඳින කොට මොන ගව රෑනද " බලය නමැති එළදෙන දකිනවිට " දාලා යන්නේ...

:       55       273

susil Friday, 28 September 2018 03:39 PM

225 අතර ඉන්න අයගෙන් රටේ නායකයා පත් කළොත් කොහොම හිටීදෙ? ඉන් 94 ස.පෙ අසමත්... 4,5 සමත් අයත් ඇති...

:       0       236

PerakumFriday, 28 September 2018 11:22 PM

දැන් අපි මොනවා කිව්වත් කලත් ඊළඟ ඡන්දෙදිත් අපි ඔය වැරැද්දම කරනවා. බලන්න බොරුද කියල. ජනතාව දැනුවත් කරන්න කවුරුත් නැතිකම තමයි ගැටලුව.

:       0       0

LoveChin Friday, 28 September 2018 05:02 PM

" බලය මිනිසා දූෂණය කරයි " - ප්ලේටෝ

:       0       0

Walpita Saturday, 29 September 2018 03:00 AM

අද රටේ තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබද ප්‍රශ්නයක් නොවේ ඇත්තේ මිනිසුන්ගේ ජනමතය ප්‍රකාශ කිරිඉමට ඉඩක් නැති කමයි එයට ඔබ වගකිවයුතුයි.........

:       0       0

rocky Saturday, 29 September 2018 03:19 AM

මේ රටේ ඡන්ද දායකයින්ට ඕනෑ කරන්නේ හොරුන්ව නේ. ඉතින් මක් කරන්නද? ඒ මිනිස්සු "අපි දෙන්නා .. එක්වීලා - සහයෝගෙන් වැඩේ දෙන්නේ !". කියලා රටටම වැඩේදෙනවා. මිනිසුන්ට හරි ජොලි!

:       0       0

OMG Saturday, 29 September 2018 05:13 AM

රට සුරංගනා ලෝකයක් වෙයි. අනේ මගේ කට. ඔය ඉන්න උගත් මගොදිස්තුමන්ලා උපරිම කෛරාටික විදිහට අපේ සාක්කුවට විදිනවා. ඉගෙන නොගත් මගෝදිස් තුමන්ලා කපටිකමෙන් අපේ සාක්කුවට විදිනවා. කොහොම කළත් අපිට කෙළවෙනවා.

:       0       9

සතයපාල Saturday, 29 September 2018 06:53 AM

ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් පත්වීම අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. ලෝකයේ බොහෝ බලවත් හා ප්‍රජාතන්ත්‍රවාදි රටවල ක්‍රියාත්මක වෙන්නේ අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩලය මගින් පාර්ලිමේන්තුවට වග කියන පාලන ක්‍රමයකි. එය නියොජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත් අර්ථ ගන්වන ස්වරූපයක් වන අතර එක් පුද්ගලකුගේ තනි මතයට රට පාලනය කිරිමට වඩා කණ්ඩායමක් රැස්වී සාකච්ඡා කර බහුතරයේ එකඟතාවයෙන් තීන්දු තීරණ ගැනිම වඩා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්මයකි. විධායක ජනාධිපති ක්‍රමයේදී එක පුද්ගලයෙක් අත අති විශාල බලයක් රැඳිම නිසා ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක බල සමතුලනයේ අනෙක් ආයතන දෙක වන පාර්ලිමේන්තුව හා අධිකරණය ඔහුගේ අනසකට යටත්වීම හෝ යටත් කර ගැනීම අනිවාර්යෙන්ම සිදුවන අතර පසුගිය දශක හතරක කාලය පුරා අපේ රට තුල මෙය අඩුවැඩී වශයෙන් දක්නට ලැබුනේය. විශේෂයෙන් සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ විපක්ෂයේ පා.මන්ත්‍රීවරයකු ෂක්ෂය මාරු කළවිට ඔහුගේ ආසන අහිමි කිරිමට ඇති නොහැකියාව නිසා මුදලට මන්ත්‍රීවරුන් විකිණීම මගින් තවදුරටත් තම බලය අසීමිත ලෙස වර්ධනය කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට හානිවන ආකාරයට විධායක ජනාධිපතිධුරයේ බලතල භාවිතා කළ ආකාරය මෑත ඉතිහාසය තුළ දකින්නට ඇත.

:       65       16

sarath Saturday, 29 September 2018 07:41 AM

මෑත ඉතිහාසයේ දියුණු වූ බහුතර රටවල් දියුණු වුනේ විධායකයක් සහිත නායකයෙක් හිටි අවස්ථාවලයි. කොරියාව, සිංගප්පූරුව, චීනය... ඕනෙම රටක නායකයාට වැඩි බලයක් තිබිය යුතුයි.. නැතිනම් දැන් ආණ්ඩුවේ වගේ නායකයින් ගොඩයි. එක නායකයෙක් දන්නේ නැහැ රෑ එළිවෙනකොට මොනවද අනිත් නායකයෝ ගැසට් කරලා තියෙන්නේ කියලා...

:       0       65

සතයපාලSaturday, 29 September 2018 04:13 PM

සරත් ලෝකයේ අනිත් රටවලට පෙර ලංකාවම උදාහරණයකට ගන්න. ලංකාවේ මේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කරලා දැනට වසර හතලිකට වැඩි අතර ඒ කාලයේ රටතුළ බිහිසුණූ යුද්ධ දෙකක් ඇති කරන්න මේ විධායක ජනාධිපති ක්‍රමය ඉවහල්වූ අතර දුෂණය වංචාව හොරකම හා නාස්තිය වගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ බිද වැටිමටද මේ කාටවත් පාලනය කල නොහැකි හා කාටවත් වග නොකියන විධායක ජනාධිපති තනතුර හේතුවු බව සිහි බුද්ධිය ඇති කාට වුවද පෙනේ.මෙහි ඇති වඩාත්ම නරක ස්වභාවය වන්නේ පළමු වරට පත්වන විධායක ජනාධිපතිවරයාට දෙවන ධුර කාළයද දීනා ගැනීමට තමන්ගේ විධායක බළතල හරහා හැකිවිමයී. අවසානයේ කිවයුතු වන්නේ ඔබ දැක්වු සිංගප්පුරුව විධායක ජනාධිපති ක්‍රමයක් නැත එහි සිටින්නේ අගමතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකී.

:       0       0

Ajith Nissanka Saturday, 29 September 2018 03:02 PM

වැඩේ කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන පොරොන්දුව බලයේ රස බලන දේශපාලකයන්ට විතරක් නොවේ... ඔවුන්ට හෝයියා කියන ජනතාවටත් මේ හොරුන්ට පිරිත් නූල් බැඳපු පැවිදි පක්ෂයටත් අමතක වෙලා! මෙහෙම රටක් ලබාගන්න මේ දේශපාලකයෝ කොච්චර පින් කරන්න ඇද්ද?

:       0       0

de silva Saturday, 29 September 2018 03:50 PM

එතකොට අපේ ලොකු මහත්මය එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් කිවුවේ බොරුද ?

:       0       0

Chanak Los angeles Saturday, 29 September 2018 09:57 PM

බලයේ රස නොවැටෙන්න ඉතින් සෝතාපන්න භාවයටවත් පැමිණෙන්න ඕනේ . එහෙම නොවෙලානම් ඔබත් ඉන්නේ එම රාමුවේමයි.

:       6       1

Abiththayaa Monday, 01 October 2018 01:35 AM

අපිනම් ඡන්දෙ දෙන්නේ පාසලකට වැස්සකටවත් නොගිය කාන්තාවන් දණගස්සවන, මහපාරේ සාරිපොට අල්ලන මහා ආසනවල වාඩිගතහැකි සංකල්ප තියන අයට පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 864 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 166 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1038 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1069 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1371 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1224 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site