විනීතා එම් ගමගේ
විදේශ රැකියා ලබාදෙන පවසමින් කෝටි ගණනක් මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉංගිරිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. මැලේසියාවේ රැකියාවක් අපේක්ෂාවෙන් මෙම කාන්තාවට මුදල් ලබාදුන් පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව කළ විමර්ශන වලින් පසුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම කාන්තාව එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
විදේශ රැකියා ලබාදීම සඳහා වන වලංගු බලපත‍්‍රයක් නොමැතිව මීට පෙරද මෙම කාන්තාව රැකියා සඳහා පුද්ගලයින් විදේශ ගත කර තිබෙන බවද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් කාන්තාව හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී බලපත‍්‍රලාභී විදේශ රැකියා ඒජන්සියක් මගින් විදේශ ගත වන ලෙසත් සියලූම විගමණික ශ‍්‍රමිකයින් විදේශ ගතවීමට පෙර ලියාපදිංචි විය යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නීති ක‍්‍රියාත්මක කිරීමේ නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්. කුමාරසිංහ, පොලිස් සැරයන් එස්.ජේ. පී. රවින්ද්‍ර, මාණ්ඩලික සහකාර සුනේත‍්‍රා විජේතුංග යන නිලධාරීහු මෙම වැටලීමට සම්බන්ධ වූහ.
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදෙස් රැකියා දෙනවැයි පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට