(කාංචන කුමාර ආරියදාස)
දිවයින පුරා සංචාරක හෝටල්වල ලැගුම් ගෙන සිටින විදේශීය සංචාරකයන්ගේ බඩු භාණ්ඩ හා මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කල්ලියක සැකකරුවන් තිදෙනෙකු මෝටර් රථ දෙකක් සමඟ ගාල්ල ප්‍රදේශයේ දී දැඩි පරිශ්‍රමයක් දරමින් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලීසිය සමත් වී තිබේ.
දඹුල්ල, සිගිරිය, හබරණ , ආදි ප්‍රදේශවල පසුගිය දින කීපයේම එක දිගටම විදේශීය සංචාරකයන් සිටින කාමර වලට ඇතුළු වී ඉතා රහසිගතව ඔවුන්ගේ මුදල් සහ බඩු බාහිරාදිය සොරා ගැනීම පිළිබඳව පැමිණිලි රැසක් ලැබුණු බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.
පසුව මේ පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා සංචාරක හෝටල් වල සහ ප්‍රධාන මාර්ගවල සවිකර තිබූ සීසීටීවී කැමරා උපයෝගී කර ගනිමින් දින ගණනාවක් තිස්සේ සිදු කළ රහසි ගත පරීක්ෂණයකින් පසුව මෙම පුද්ගලයන් ගාල්ල මනෝරියවත්ත ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටිමින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසිය වෙත රැගෙන විත් තිබේ.
දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විශේෂ රඳදවා ගැනීමේ නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ මෙම කණ්ඩායමේ තවත් සිව් දෙනෙකු සිටින බවද එමෙන්ම මෙම පුද්ගලයන් වසර ගණනාවක් තිස්සේ දඹුල්ල ,හබරණ ,සිගිරිය , තිස්සමහාරාම, මාතර ,ගාල්ල ,අරුගම්බේ ,තිරිකුණාමලය, නුවරඑළිය ආදී දිවයිනේ හික්කඩුව ආදි දිවයිනේ සංචාරක කලාපයන් බොහොමයක සංචාරක හෝටල් වලට ඇතුළු වී ලක්ෂ ගණනාවක් සොරකම් කොට ඇති බව අනාවරණය වී තිබේ. දැනට දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මඟින් මෙම පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතින බව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ සංචාරක හෝටල්වල විදේශිකයන්ගේ මුදල් කොල්ල කන කණ්ඩායමක සාමාජිකයන් තිදෙනෙකු වන ගාල්ල,රත්ගම මනොරියායාවත්ත ප්‍රදේශයේ පදිංචි තිදෙනෛකි.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදේශිකයින්ගේ මුදල්-භාණ්ඩ සොරකම් කළ කල්ලියක තිදෙනෙක් අල්ලයි