IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විදුලි බල මණ්ඩලයේ පාඩුව ලක්‍ෂ 16 යි - දඩය රුපියල් 10,000 යි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයකුට රුපියල් 10,000ක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් ලක්‍ෂ 16කට අධික පාඩුව ගෙවීමටද විත්තිකරුට අද (12)  නියම කළාය.

වායු සමීකරණ යන්ත‍්‍ර හතක් සහ වතුර උණුකරන යන්ත‍්‍ර තුනක් ඇති විත්තිකරුගේ නිවසේ විදුලි බිල වශ්‍යයෙන් පසුගිය වසර ගණනාවක කාලයක් ගෙවා ඇත්තේ රුපියල් 2,000 ක පමණ බිලක් බවත් ඉන් ලංකා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවී ඇති බව කියමින් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ යසන්ත පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.

ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු පාඩුව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 16ක මුදල කොටස් තුනකින් ගෙවීමට විත්තිකරුට අවසර දෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තිලක් අත්තනායක මහතා ඉල්ලා සිටියත් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ යසන්ත පෙරේරා මහතා ඊට විරුද්ධත්වය පළ කරමින් ද්විත්ව පුරවැසිභාවය හිමි මහා පරිමාණ ව්‍යාපාරිකයකු වන විත්තිකරු මෙම නිවස විකුණා දමා රටින් පිටව යෑමට හැකියාව ඇතැයි කියමින් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහෙස්ත‍්‍රාත්වරිය ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් 1,606,487. 26ක පාඩුව වහාම ගෙවීමට විත්තිකරුට නියම කළාය.

චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ  කොළඹ 07, බුලර්ස් පටුමගේ පදිංචි ලක්සිරි ද සිල්වා මහතාටය.

විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරී ගාමිණි ප‍්‍රනාන්දු සහ සහකාර විමර්ශන නිලධාරීන් වන අධිකාරි  පුෂ්පකුමාර සහ චානක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.

 



අදහස් (12)

විදුලි බල මණ්ඩලයේ පාඩුව ලක්‍ෂ 16 යි - දඩය රුපියල් 10,000 යි

සතයපාල Tuesday, 12 June 2018 12:32 PM

රටේ අනිත් මිනිසුන්ටත් මේවගේ කරුණාව පෙන්වනවා නම් කවුරුවත් විදුලීබිල ගෙවන එකක් නැහැ.

:       0       0

Raveendra Tuesday, 12 June 2018 03:04 PM

නොදකිං මේවගේ හිගන්නොද ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයකු කියන්නේ ??? ලැජ්ජයි තු ........ විතරක් මහලොකු මහා පරිමානයේ ව්‍යාපාරිකයක. සාමාන්‍ය පුරවැසියන් වන අපට තිබෙන ගැටලුව මේ ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරික "හිගන්නා" හොරකම් කර ඇත්තේ මහජන දේපොළ නොවේද ?? කළු කබාවලටත් ලැජ්ජයි .....

:       0       1

Nandalal DE SILVA - France Tuesday, 12 June 2018 03:44 PM

අගය කල හැකි නඩු තීන්දුවක් ! මේකත් රාජ්‍ය දේපොළ සොරා ගැනීමක් වශයෙන් සැලකිය හැක. කවුරු කලත් හොරකම හොරකමකි. නමුත් මෙතැන වෙලා තිබෙන්නේ මහා පරිමාණ ධනවතෙක් කරලා තිබෙන හොරකමක් නිසා, දීපු දඩය නම් ඉතාම සුළු බවයි....

:       0       19

vidya Tuesday, 12 June 2018 05:17 PM

ද්විත්ව පුරවැසිබව තියන තව කීපදෙනෙක් ඉන්නවා.

:       0       1

sanath Tuesday, 12 June 2018 05:34 PM

ලජ්ජා භය තියෙන මිනිස්සුන්ට ගොඩක් ලොකු සල්ලිකාරයෝ වෙන්න බැහැ. ගොඩක් සල්ලි තියෙන මිනිස්සු තමයි ගොඩක් වංචා දූෂණ කරන්නේ.

:       0       1

Bamunuarachchi Tuesday, 12 June 2018 06:17 PM

හොරාට පාඩුව 10000 යි. ලක්ෂ 16 ක විදුලිබලය එයා පාවිච්චි කලානේ.

:       0       1

appuhamy Tuesday, 12 June 2018 07:08 PM

මේ වසල ක්‍රියාව කළ කම්බ හොරාගේ නම සඳහන් කල " ලංකාදීපය "ට ස්තුතියි.

:       0       2

Mahee Tuesday, 12 June 2018 08:30 PM

අපි කවුරුත් එකතුවෙලා මේ 10000 මහා දඩ මුදල ගෙවන්න මේ අසරණයට උදවු කරමුද? රන්ජනුත් කීයක් හරි නොදා ඉන්න එකක් නැහැ.

:       0       1

Chanak Los angeles Tuesday, 12 June 2018 08:53 PM

බයිසිකල් , ත්‍රිරෝද කරුවන්ගේ නඩුව ඉවරවී දඩය ගෙවන තුරු වසා තබනවා නේද ? මොහුටත් එහෙම කලාද ?

:       0       1

lalithsjm Wednesday, 13 June 2018 03:22 AM

අහිංසක ළමයෙක් අඹ ගෙඩියක් කඩා ගත්තනම් විනිසුරු වරියගේ තීන්දුව කුමක් වේවිද ??

:       0       2

manuka Wednesday, 13 June 2018 03:32 AM

ඔය මනුස්සසයට වැඩි ගානක් නොවුනත් නිතිය අකුරටම වෙන්න ඕනේ . තව ඉන්නවා හොඳ හොඳ වැඩ දෙන කට්ටිය .එයාලටත් ඔහොමම නිතිය තියෙන්න ඕනේ .එතකොට තමා මිනිස්සුන්ට දැනෙන්නේ

:       0       4

rocky Wednesday, 13 June 2018 06:29 AM

මොහු ඔස්ටෙලියාවටත් සම්බන්ධ කෙනෙකු විය යුතු යයි මා සිතනවා. ඒක හරි නම් , මිනිහ නොයෙක් තැන් වලට ජිල්මාට් දාපු පොලු කිං කෙනෙක් කියල තමයි අහල තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1775 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3620 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3035 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11657 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7963 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3051 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site