IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විදුලි ඉංජිනේරු සේවකයින්ට පහර දුන්නැයි විරෝධතා

(ශාන්ත කුලරත්න,බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අඹතලේ ප්‍රදේශයේ විදුලිබිල නොගෙවු ටයර් අලෙවිසලක විදුලිය විසන්ධි කිරීමට ගිය බව කියන ශ්‍රී ජයවර්ධනපුර විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවකයින් දෙදෙනකුට එම අලෙවිසලේ හිමිකරු පහර දුන්නැයි විරෝධය පළකරමින් ශ්‍රී ජයවර්ධනපුර විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවකයෝ පිරිසක් අද (20) එම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.

එම සිද්ධීයට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැතැයි ද විරෝධතාකරුවො පැවසූහ.

ඊට සහාය දෙමින් හෝමාගම,හොරණ බණ්ඩාරගම හා අවිස්සාවේල්ල විදුලි ඉංජිනේරු කාර්යාලවල බිඳ වැටුම් අංශයද අද දහවල් 12 සිට සේවාවන්ගෙන් ඉවත් වී තිබිණි.

එම සේවකයන්ට පහර දුන් බව කියන ටයර් වෙළෙඳසලේ හිමිකරු නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ සැඟව සිටියදී  අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.

සැකකරු හෙට (21) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (1)

විදුලි ඉංජිනේරු සේවකයින්ට පහර දුන්නැයි විරෝධතා

priyadarshana Thursday, 20 July 2017 12:28 PM

අද දවල් 12 සිට කිව්වට අපිට අද උදෑසන (ඊයේ රෑ 12) සිටම විදුලි බලය තිබ්බේ නෑ. බිස්නස් ලයින් අරන් ඉන්න සමහර පාරිභෝගිකයන්ගේ අයිස්ක්‍රීම් හා නරක් වන ආහාර පාන සඳහා අලාභය ගෙවන්නේ කවුද ? අද දින සේවා ස්ථාන ක්‍රියාත්මක නොවීම නිසා සිදුවන අලාභ ගෙවන්නේ කවුද? විදුලිය නොමැති වීම නිසා දවසේ පඩි ගෙවා සේවය ලබා ගන්නා සේවා ස්ථානවල සේවකයන් හට අද දින පඩි නොමැතිව දරු පවුල් බඩගින්නේ සිටීම ගැන මේ අය කියන්නේ කුමක්ද ? ඒ නිසා මෙවැනි වෘතීයමය ක්‍රියාමාර්ග ගැනීමේදි පාරිභොගිකයන්ට නිසි කාලයක් හා දැනුවත් කීරීමක් නොවන අවස්තාවන්හිදී මෙම සේවාවන් පැහැර හරින සේවකයන්ගේ පුද්ගලික මුදලින් ඒම අලාභයන් ගෙවිය යුතු වන ලෙස පාරිභෝගික සේවා නීති ගෙන ආ යුතුය. ඒ මන්ද යත් පහර කෑ සේවකයන්ට සාධාරණය ඉටු වනවා සේම මුදල් ගෙවා සේවය ගන්නා පාරිභෝගිකයන් හටද ඒ අය නොකල වරදකට පීඩාවකට පත්වීම හා අනවශ්‍ය ලෙස පාඩු ලැබීම සිදු නොවිය යුතුය.

:       114       148

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 58 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1547 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 474 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 551 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 417 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 579 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site