IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෛද්‍ය සභාවේ පිරිසක් යළි කාලෝ ඉල්ලති

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස නැවත වතාවක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාම පත්කරන්නැයි වෛද්‍ය සභාවට ඡන්දයෙන් පත්වූ සාමාජිකයන් පස් දෙනකු සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකත්වයට ඡන්දයෙන් පත්ව සිටින වෛද්‍යවරුන් වන උපුල් ගුණසේකර, චන්දන අතපත්තු, සුසිත් සේනාරත්න, පුෂ්පිත උබේසිරි සහ සුරේෂ් සම්මුගනාදන් යන මහත්වරු සෞඛ්‍ය ඇමැතිවරයාට ලිපියක් යවමින් එම ඉල්ලීම කර තිබේ.

කාලෝ ෆොන්සේකා මහතා අග්නිදිග ආසියා රටවල වෛද්‍ය සභාවල සභාපති ධූරයට පත්ව සිටින අතර මහාචාර්යවරයාගේ එම ධූර කාලය නිමවීමට තවත් වසරක කාලයක් තිබෙන බවද ඒ මහතාට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය අහිමි වුවහොත් එය ශ්‍රී ලංකාවට නුසුදුසු තත්ත්වයැකැයි ද එම සාමාජිකයෝ ඇමැතිවරයාට යැවූ ලිපියේ සඳහන්වේ.

මීට අමතරව රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතන නඩුව හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධ වෙනත් වැදගත් නඩු කිහිපයක අධිකරණ කටයුතු නිම නොවීම හා වෛද්‍ය සභාවේ සිදුවන තාක්ෂණික වෙනස්කම් ආදිය ද සලකා ෆොන්සේකා මහතාට නැවත එම ධූරය ලබාදෙන්නැයි එහි සඳහන් කොට ඇත.



අදහස් (12)

වෛද්‍ය සභාවේ පිරිසක් යළි කාලෝ ඉල්ලති

chandra Monday, 03 July 2017 02:50 PM

ඇතැමුන්ට රජයේ තනතුරු දරන්න පුලුවන්නම් ඇයි කාලෝ මහත්තයාට බැරි? එහෙම වෙන්න බැහැනේ..

:       253       1143

ධම්ම Monday, 03 July 2017 02:51 PM

සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තුරු එතුමා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස සිටිය යුතුයි.

:       372       1286

WijebahuTuesday, 04 July 2017 03:24 AM

සයිටම් ප්‍රශ්නය ප්‍රශ්නයක් කෙරුවේ මෙයා තමයි. ආණ්ඩුවට මොලයක් තියනවනම් මෙයාව පැත්ත පළාතකටවත් ගන්න එකක් නැහැ.

:       0       0

රොෂාන් Monday, 03 July 2017 03:41 PM

කාලෝ මහත්තයෝ දැන් කුමක් කරන්නද කල්පනාව?

:       202       51

shan saudi Tuesday, 04 July 2017 04:07 AM

දැන් කලින් එයාම අවසර දුන්නා.... සයිටම් එකේ සභාපති වෙන්නයි අදහස...

:       0       0

අශාන් Monday, 03 July 2017 05:30 PM

රාජ්‍ය සේවයේ උපරිම සහ ප්‍රබලම තනතුරු දෙක තමයි ජනාධිපති ලේකම් සහ ආරක්ෂක ලේකම් කියන්නේ .සතියක් ඇතුලත ඔන්න දෙන්නම ගෙදර ..රජයේ සේවකයන්ට එල්ලවෙලාතියෙන දේශපාලන බලපෑම් වල ප්‍රමාණය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි මේවා දිහා හොදින් බලාගෙන හිටියානම් . වෛද්‍ය සභාවට නැවතත් කාලෝ ෆොන්සේකා වගේ කෙලින් චරිත මේවෙලාවේ උවමනා කරන්නේ දේශපාලන ගොබිලන්ගෙන් රටේ සෞඛ්‍ය සේවයේ ඉතිරිවෙලා තියෙන ටිකවත් බේරගන්න ඕන නිසයි .එහෙයියෙක් පත් වුනොත් ලොකු විනාශයක්

:       0       0

ලුම්බිණි Tuesday, 04 July 2017 12:27 AM

කාලයක් වැඩ කලාම විශ්‍රාම ගන්න ඕන නේද?

:       0       0

mano silva Tuesday, 04 July 2017 01:55 AM

අනේ කාලෝ සීයේ දැන්වත් පාඩුවේ ඉන්න ජීවිතේ අන්තිම දවස් ටිකවත්. ලංකාව වගේ රටක මේ වගේ කල් ඉකුත් වෙච්ච අයගෙන් දියුණුවක් කවදාවත් ලබන්න බැ. පේනවනේ වෛද්‍ය සභාව නටන නැටිල්ල. ඉන්දියාවේ, බංගලාදේශේ, රුසියාවේ, ජෝර්ගිඅවේ, මුදල් දීල දොස්තරල වෙලා එන උදවියයට කිසි ප්‍රශ්නයක් නැ. යල් පැනපු මේවගේ උදවිය ඉන්නකන් රට අඹ සරණේ.

:       0       0

Padmini Tuesday, 04 July 2017 04:04 AM

ජනපතිතුමනි, මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් නැවත ඇති නොවී මෙතුමාගේ මුහුකුරා ගිය දැනුම රටට ලබා දීම ඔබේ වගකීමයි. අපේ රටේ ජනතාව බුද්ධිමත් බව 2015 ඔප්පු කල වගේම දැනුත් ඒ බව ඔප්පු කරන්න.

:       0       0

Shan Tuesday, 04 July 2017 06:26 AM

දැන් හැම එකටම ඉල්ලීම්. හැම කෙනාම කරන්න ගත්ත වැඩේ කරන්නේ නෑ... අනිත් වැඩ නම් බැහැල කරනවා.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 04 July 2017 07:43 AM

[ධම්ම Monday, 03 July 2017 02:51 PM සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තුරු එතුමා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස සිටිය යුතුයි.] මොකොද එතුමා ඒකෙ හිටපු කාලයේදී විසඳුමක් ලබා ගන්න උත්සාහයක් නොකරේ ?

:       0       0

mohan Tuesday, 04 July 2017 08:02 AM

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති වෙලා සිටියදී මහින්ද රාජපක්ෂ මහතා ගෙදර ගියා නම් , ඔය තනතුර මීලගට පත් වෙන කෙනාට භාර දී ගියාම මොකද වෙන්නේ ?

:       20       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1647 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 809 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 671 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 338 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 577 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 532 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site