IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය පීඨවල පංති වර්ජනය අවසන්

(රංජන් කස්තුරි)
 
රජයේ වෛද්‍ය පීඨවල   ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පංති වර්ජනය අවසන් කොට හෙට සිට දේශනවලට සහභාගී වන බව  වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා අද (19) පැවසීය.
 
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය වසාදමන ලෙස බලකරමින් රට පුරා සියලු වෛද්‍ය පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉකුත්  ජනවාරි 01 වැනිදින සිට පංති වර්ජනයක් ක්‍රියාත්මක කලහ. ඒ අනුව මාස 11 ක පමණ කාලයක් සියලු වෛද්‍ය පීඨවල  දේශන නොපැවැත්විණි.



අදහස් (19)

වෛද්‍ය පීඨවල පංති වර්ජනය අවසන්

wije Sunday, 19 November 2017 04:11 PM

කොල්ලනේ කෙල්ලනේ කල්පනාවෙන්, පළාත්පාලන ඡන්දය කිට්ටු නිසා මේකත් ඡන්ද ගුන්ඩුවක් වෙන්නත් බැරි නැහැ. ඡන්දෙන් පස්සේ ආයේ සැරයක් වෙනත් මුහුණුවරකින් සයිටම් එක එන්නත් පුළුවන්.

:       20       1

s.c.perera Sunday, 19 November 2017 06:46 PM

තව සුමානෙකින් ආයෙත් වර්ජන පටන් ගනීවි මහපොළ වැඩි කරන්න කියල. මෙයාල පන්ති වර්ජනය කරපු කාලෙත් විශ්ව විද්‍යාල නඩත්තු කරේ මහා ජනතාව. මෙයාලගේ මුදලින් ඒවා මහජනතාවට ගෙවන්න නියෝග කරන්න ඕනේ .

:       25       80

one srilankanMonday, 20 November 2017 08:00 AM

පෙරේරා පහුගිය කාලේ මහපොළ නුදුන් බව තමුන් දන්නේ නැද්ද? අකිල විරාජ්ගෙන් හරි කිරිඇල්ලගෙන් හරි අහලා බලන්නකෝ... මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා...

:       29       0

naradhaMonday, 20 November 2017 09:51 AM

එතකොට ඔය වර්ජන දවස්වල, විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ගේ සහ අනිකුත් සුළු සේවකයන්ගේ පඩි, නේවාසිකාගාර නඩත්තු සේවා වැනි වියදම් දැරුවේ කව්ද?

:       0       64

Sarasi Sunday, 19 November 2017 08:50 PM

මේ උදවිය මහජනයාගේ බදු මුදල් නාස්ති කරමින් පන්ති වර්ජන කරද්දී අන්න ඉන්දියාවේ වෛද්‍ය සිසුවියක් ලෝක රූ රැජින වෙලා. ඒ රටවල කාන්තාවන්ට අධ්‍යාපන අවස්ථා අඩුයි. ගැහැණු ළමයෙකු ඉපදීමත් කරුමයක් විදියට සලකන්නේ. අපේ රටේ දුවෙක් වෙලා ඉපදුනොත් අධ්‍යාපනයට සම අයිතියක් වගේම මව්පිය ආශිර්වාදයත් ලැබෙනවා . එහෙම වාසනාවක් තිබෙද්දී උගත්කමට නොහොබිනා වැඩ කර කර අපේ සිසුවියන් මහා පාරේ වර්ජන !

:       29       74

Chamra Monday, 20 November 2017 12:27 AM

ප්‍රශ්නය විසදුනා ලමයි ආවා.. මේකට ලොකු කතා කිය කිය දෙශපාලනය වෙලා කියලා කෑ මොර දීපු අය කෝ.. සමහර දේවල් කියන්න කලින් අපේ මිනිස්සු තව දැනුවත් වෙනවනම් හොදයි..

:       39       0

Bamunuarachchi Monday, 20 November 2017 01:11 AM

තෙල් වර්ජනයෙන් වගේ උඹලාගේ වෛද්‍ය පීඨවල පංතිවර්ජණයෙන් අපට කිසිම පාඩුවක් උනේ නැත. පංතිවර්ජණයෙන් උඹලාට උන වාසියක්ද නැත මොකද සයිටම් එක නොහොත් පුද්ගලික වෛදය විද්‍යාල මෙරට ඇතිවෙනවා සහතිකය. ඇතිවිය යුතුය.

:       117       147

ලුම්බිණි Monday, 20 November 2017 01:23 AM

අපරාදේ පංතිවර්ජණය අවසන් කලේ. තව අවුරු කීපයක් දිගටම කරන්නයි තිබුනේ.

:       16       75

Muhan Monday, 20 November 2017 02:59 AM

මාස 11 කට පස්සේහරි මොලය පෑදුන එක ලොකු දෙයක්...............

:       218       300

Bimal Monday, 20 November 2017 05:13 AM

තමන්ගේ දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්නවා නම් මෙහෙම කාලේ නාස්ති කලාට කමක් නැහැ. මහජන බදු මුදල් නාස්තිකරමින් තවත් කෙනෙකුට සරසවියට එන කාලය දික් ගස්සනවා. හරි නම් මොවුන්ගේ පන්ති සදහටම තහනම් කර , ඉගෙනගන්න කෙනෙකුට අවස්තාව සැලසිය යුතුයි. මේගොල්ලන්ට ඕන විදියට රටේ උසස් අධ්‍යාපනය කරන්න ගියොත් රට ඉවරයි. පොත පතේ දැනුම විතරයි . කිසිම විචාර බුද්ධියක්, මනුස්සකමක් නැහැ .

:       8       264

ONE SRILANKANMonday, 20 November 2017 05:30 AM

තමුන් හොද සිහියෙන්ද ලියන්නේ මොලේ තියන නිසා සරසවියට තේරුනේ. මොලේ තියන නිසා අනුන් වෙනුවෙන් දුක් වින්දේ. පෝලිම අඩුකලාට වැඩක් නැත. ගැටළු තියාගෙන නංදොඩවන්න එපා බිමල් මහත්තයෝ. ඔයාගේ දරුවත් කවදා හරි වෛද්‍ය විදුහලට තේරුණාම මේක තේරේවි.

:       180       107

aseMonday, 20 November 2017 06:26 AM

ඇයි අපි කියලද අපිට ඕනෑවටද දුක් වින්දේ... දොස්තරලා වෙන්නේ? විශ්වවිද්‍යාල වල තවත් විෂය උගන්නනවා. මොකද අපට පලි ගහන්නේ නිකන් උගන්නන නිසාද?

:       0       71

Gihaan Monday, 20 November 2017 06:19 AM

වන් ශ්‍රී ලන්කන් මහත්තයෝ හොඳ සිහියක් නැත්තේ ඔබටයි. උගත්කමයි බුද්ධියයි දෙකක්. සරසවියට ගිය පමණින් සමාජයට හිත සුව පිණිස බිහි වුන ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ. චැනල් කරමින් මහජන මුදල් හුරා කමින් , වර්ජන කර මහජනයාට සංග්‍රහ කරමින් , වාහන බලපත්‍ර සහ දරුවන්ට සුපිරි පාසල් ඉල්ලමින් ගාලගෝට්ටි කරන උගතාගේ රටට වැඩක් නැහැ . ඒ නිසා ඔය රට වෙනුවෙන් පිස්සු නටන කතාව මෙතන කියලා විහිළුවක් වෙන්න එපා.

:       0       159

one srilankanMonday, 20 November 2017 07:43 AM

ගිහාන් මහත්තයෝ මට දැනෙන්නේ ඔබගේ අදහසේ අන්තර්ගතය කුහක ස්වාභායක්. ඔබට නෙලාගන්න බැරි දේවල් අනුන් නෙලා ගන්නකොට කුහක හිතින් ලියන්න එපා. මට තේරෙන්නේ නැත ඔබට තියෙන්නේ බුද්ධියද උගත්කමද කියල. කෙසේනමුත් මධ්‍යස්ත මතදාරිව ලියන්න කියන්න උත්සහ කරන්න.

:       6       0

සිරි Monday, 20 November 2017 06:48 AM

ඔය වගේම ප්‍රශ්නයක් නිසා අපි පළමු වසරේ ගත කලේ මාස පහයි. වෛද්‍ය ශිෂ්‍යයෝත් එක්ස්ප්‍රස් එකේ ඇරියස් කවර් කරයි. එතකොට අර ප්‍රමිතියද මොකක්ද එකට මොකද වෙන්නෙ? එහෙම නැතුව සාමාන්‍ය විදියට ගියොත් ඊළඟට එන්න ඉන්න අයට මොකද වෙන්නේ? ඒ පමාවට යන වියදමත් රජයට අමතර බරක් නේද?

:       0       25

Ravi Monday, 20 November 2017 06:59 AM

වන් ශ්‍රීලන්කන්, මීට දශක ගානකට කලින් බිහිවුන, මානුෂික දයාවෙන් පිරි සමාජ හිතකාමී වෛද්‍යවරුන් අද බිහි වෙන්නේ නැහැ. මොලයක් ඇති. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න. අනුන්ගේ අධ්‍යාපනයට වල කපා, චැනල් මාර්ගයෙන් මහජනයා සුරාකමින්, වර්ජන මාර්ගයෙන් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න මහජනයා තලා පෙලන කුඨ බුද්ධියක් ! දිස්ත්‍රික් කෝටාවට පින් සිදු වෙන්න සරසවියට රිංගලා , එතන ඉගෙන ගන්න කෙනෙකුට වත් ඉගෙනගන්න නොදෙන කුහක කොට්ටාශයක්.

:       0       60

Sarasi Monday, 20 November 2017 07:19 AM

මොලය තිබෙනවා නම් මහජන බදු සල්ලිවලට නියම වටිනාකමක් ලැබෙන පරිදි කලට වෙලාවට ඉගෙන ගන්න ඕනෑ. මේ ගොල්ලන් මෙතන හැට පනින්න කල් ගත කරනකොට, ඊළඟ කණ්ඩායමට සරසවි එන්න වෙන්නේ තිහ හතලිහ පැනලාද? එතකන් මහජනයා තමන්ට හම්බු වෙන තුට්ටු දෙකෙන් බදු ගෙවන්නත් ඕනෑ . වන් ශ්‍රී ලන්කන් කෙනා දන්නේ නැහැ මෙහෙට වැඩිය දුක් විඳගෙන කම්කරු රැකියා කරමින් ඉගෙනගන්න ළමයි පිටරටවල ඉන්නවා කියලා. කොහොමත් සරසවියට ආවොත් දුක් විඳලා ඉගෙන ගන්න වෙනවා. එතන ඉගෙන ගන්න තැනක් මිසක් විනෝද පුරවරයක් නෙවෙයිනේ.

:       0       26

indika Monday, 20 November 2017 07:36 AM

අපි මෝඩ වැඩක් කරගන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දෙන්නේ නැතිව. කරන්න පුළුවන් සේරම රට යවලා උගන්නනවා. ලංකාවේ සල්ලි රට විශ්ව විද්‍යාල වලට පුදකරනවා. එහෙම ඉගෙනගෙන හොදට ජීවිතයක් ගෙනියනවා වෙන රටවල. ඒ රටවල්වලට හොද කර කර. මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා එහෙම. ඒගොල්ලෝ ලංකාවේ ඉගෙන ගත්තනම් පුද්ගලික විශ්ව විද්‍යාලෙක හරි ලංකාවට වැඩ කරනවා. රජයේ විශ්ව විද්‍යාලේ යන්න බැරි වුණා කියල ඒ ගොල්ලෝ මෝඩ නැහැ. පාසල් කාලෙදිත් අඩුවෙන් ලකුණු ගත්තා. පාඩම් කරන්න බැරි හින්ද. පාඩම් නොකරට ලකුණු අඩු උනාට හරිම ඉහල මොලයක් තියෙනවා. පොත් ගුල්ලෝ නෙවෙයි. ලංකාවට පාඩුවක්.

:       0       37

Hasith Monday, 20 November 2017 08:17 AM

වන් ශ්‍රී ලන්කන්, ඔයගොල්ලන් වගේ උදවිය හොඳට නෙලා ගන්නවා තමයි. අපි බහුතරයක් ලියන්නේ මෙතන මධ්‍යස්තව! හොඳයි මේ ප්‍රශ්නවලට කෙලින් උත්තර දෙන්න. තමන්ගේ ශිෂ්‍ය අවධියේ නියමිත පරිදි කලට වෙලාවට ඉගෙනීම ඉවර නොකර, ඊළඟට එන ළමයින්ට අර සරසි මහත්මිය කිව්වා වගේ වයස්ගත වෙනකන් තමන්ගේ වාරය එනතෙක් බලන් ඉන්න සැලැස් වීම හොඳයිද? උදේ සවස මහජනයාට පාර අවහිර කරමින්, වර්ජන කර ලෙඩුන් අමාරුවේ දැමීම හරිද? චැනල් සේවයෙන් ගසා කමින් හම්බ කරමින් ඊටත් අමතරව සුපිරි වරදාන බලාපොරොත්තු වීම හරිද? ඔන්න කියන්න එපා අපි සරසවියට එන්න දුක් වින්දා එ්කට හිලව්වට රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා කියලා. මේ ලියන මගේ ඥාති පුත්‍රයා පිටරටක වෛද්‍ය සිසුවෙක්. ඔහු සති අන්තයේ ආපන ශාලාවක කුස්සියේ වැඩ කර, රාත්‍රී සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස සේවය කරනවා. ඒ ළමයාට කොළඹින් ලකුණු දෙකයි වෛද්‍ය විද්‍යාලයට යන්න මදි වුනේ. ඒ නිසා ඔය අපේ රටේ සරසවි සිසුන්ගේ දුක ගැන නම් මෙතන අමුතුවෙන් ලියලා වැඩක් නැහැ.

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 32 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 109 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 280 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 549 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 229 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 133 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site