(නිමල කොඩිතුවක්කු)
පුද්ගලයන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ වාද්දුව වෙරළ සාදය පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවත් එහි බලපෑම මත මෙතෙක් කිසිදු සංවිධායකයකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කොළඹදී අද (7) පැවසීය.
මෙම වෙරළ සාදයට සම්බන්ධ දේශපාළඥයන්, සංවිධායකයන්, පොලිස් නිළධාරීන් ඇතුළු සියලූම දෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘වාද්දුව වෙරළ ආශ්‍රිතව පිහිටි සංචාරක හෝටලයක පසුගිය 4 වැනි දා පැවති සාදයකදී විෂ මත්ද්‍රවය භාවිතා කළ තරුණයන් සිව් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටිනවා.
මේ සාදය සංවිධානය කරලා තියෙන්නේ අමිල පුෂ්පකුමාර සහ හර්ෂණ එරන්ද කියන පුද්ගලයන් දෙදෙනෙකු විසින්. ස්කයි ඇඩ්වටයිසින් සහ හෙවන් ගේට්ස් කියන ආයතන දෙකක් මගින් තමයි මෙම සාදය සංවිධානය කරලා තියෙන්නේ.
මේ සඳහා තරුණයන් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගි වෙලා තියෙනවා. තරුණයන් සිව් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටිනවා. මේ මියගිය පුද්ගලයන් සිව් දෙනාගේම ශරීරයට විෂ ඇතුළු වී සියලූම පද්ධති අක්‍රිය බාවයට පත්විමෙන් මියගොස් ඇති බවට වෛද්‍යවරුන් සනාථ කරලා තියෙනවා.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘වාද්දුව වෙරළ සාදය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා’
Cisco Tuesday, 07 August 2018 02:14 PM
ඔන්න දැන් අවස්ථාව තියෙනවා පොලිසියේ නිර්භීත බව පෙන්නන්න.
Sunil Tuesday, 07 August 2018 02:31 PM
අද විතරක් නොවෙයිනේ. කවදත් බලවත් හස්තනේ මේ රටේ ක්‍රියාත්මක වුනේ. මේ ළමයාගේ වයස කීයද? තවම අවුරුදු 3 ක් නැතිව ඇති මයේ හිතේ!
Bamunuarachchi Tuesday, 07 August 2018 03:16 PM
මේ අය හැම එකටම හොට දානවා. මේ වගේ අය දකුණු ආසියාවේ හැරෙන්නට ලෝකේ කොහෙවත් නැත.
Nishantha Tuesday, 07 August 2018 04:14 PM
වැරදි කරන අය කවුද කියලා හරියට කියන්න. රටේ ජනතාව ඒවා දැනගන්න ඕනා
erdi Tuesday, 07 August 2018 05:10 PM
ඔබගේ ප්‍රකාශයේ යම් සත්‍යක් ගැබ්වී ඇතිබවට ලංකාවේ පමණක් නොව පිටරටවල ප්‍රසිද්ධ මාතෘකාවක්. වෙරළ සාදයක් කිව්වට මේක තවමත් වැඩ නිමවී නොමැති පාළු ගබඩාවක් වැනි තැනක්. නීතීය හරියට ක්‍රියාත්මක නොවන අති දුෂිත රටකවත් මෙවැනි අයට එරෙහිව දඬුවම් ක්ෂණිකව ක්‍රියාත්මක කරනු ඇත.
ගයාන් Tuesday, 07 August 2018 11:40 PM
හාල්කැලි වෙන්වට ඔන්න එල්ලුම්ගහට යවන්න සිරා පොරක් සෙට් වෙලා ඉන්නවා. අර නීතිය නවන මහත්තයට වැඩ පෙන්වන්න වෙලාව.
ධනුෂ්ක Wednesday, 08 August 2018 02:43 AM
මා සේවය කරන අායතනයෙත් කිහිප දෙනෙක් මීට සහභාගි වී තිබෙනවා. ඔවුන් පවසනවා විවිද වර්ගයේ මත්පෙති, මත් ලොලිපොප්,මත් චුවින්ගම් මං හිතන්නේ ලංකාවේ තිබෙන සියලු මත් වෙන දේවල් තිබිලා තියනවා. නන්නාදුන පුද්ගලයින් නර්ථනයේ යෙදෙන ගමන් මත් පෙති කටට දමා යනවලු. මොවුන් මෙම සාද වලින් ලාබයටත් වඩා මත් පෙති ගැනුම්කරුවන් වැඩි කරගැනීමට අදහස් කරනවා. මේ තමා ජාතියක රටක විනාශයේ ලක්ෂණ. මේවට සහභාගි වන්නන් වැදගත් උගත් බුද්ධිමතුන් ලෙස සලකන්න බෑ. අප අායතන සේවය කරන මීට සහභාගි වූවන්ද කම්කරු නීති නිසා සේවය කරනනේ නැත්තම් මෙලහකටත් දොට්ට දමලා.
ධනුෂ්ක Wednesday, 08 August 2018 02:52 AM
මං හිතනවා තව දෙතුන් සීයක් මෙතනින් මැරෙන්න තිබුනේ. මොකද එතකොට අනික් අය පාඩමක් ඉගෙන ගනී.පාලකයන්ගේ, දෙමාපියන්ගේ.සමාජයේ අැස් අැරලා බලයි මොකද මේ රටට වෙන්නේ කියලා.මේකට සහභාගි වුවන්ගේ එතන කල් කිරියාව මට මිතුරෙක් පෙන්නුවා. මට හිතුනේ මෙවන් දරුවන් ලද දෙමාපියන්.මෙවන් තරණයෙක් විවාහ කරගන්නා තරුණියක්.මෙවන් තරුණියක් විවාහ කරගන්නා තරුණයෙක්.ඔවුන්ට දාව උපදින දරුවෙක් අැත්තෙන්ම පව්. එ් නිසා මකබෑවෙද්දෙන්
janaka Wednesday, 08 August 2018 03:00 AM
ප්‍රබල දේසපාලන හස්තය මොකක්ද කියල නොකියන්නේ බයද?
sensa Wednesday, 08 August 2018 03:06 AM
මේ දේශපාලකයින් මේ රටේ සෑම වටිනා දෙයක්ම සෑම වටිනාකමක්ම විනාශ කරනවා. මේ රට බේරා ගන්න සැබෑ නායකයෙක් ඉක්මනින්ම බිහි නොවුනොත් රට සුනේ සුං...