IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වතුකරයේ ඡන්ද ලක්‍ෂ 15 ම සජිත්ට

(ආරියරත්න රණබාහු)

වතුකරයේ ලක්ෂ 15ක ඡන්දවලින් එකදු ඡන්දයක්වත් සජිත් පේ‍්‍රමදාස මහතාට හැර වෙනත් කිසිවෙකුට නොලැබෙන බව වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන්නේ යැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති වඩිවේල් සුරේෂ් මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

ඡන්ද අයිතිය ලබාදුන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට කෘතගුණ සැලකීමට නොහැකි වූ වතුකරයේ ජනතාව මෙවර එතුමාගේ පුත‍්‍රයා වූ සජිත් පේ‍්‍රමදාස මහතාට ඒ යුතුකම ඉටුකරන බව සහතික යැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීය. 

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ අද‍ (30) දහවල් පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව කී රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

”නොවැම්බර් 16 වැනිදා මේ රටේ නායකයා පත්කර ගැනීම සඳහා පවත්වන ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා බව මා එකහෙළා කියනවා. මා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තිය සමිතියක මහලේකම්වරයකු ලෙසත් සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂයක පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමැතිවරයකු ලෙසත් කියන්න කැමතියි මේ රටේ හැමදාම ඡන්දයක් එනකොට ජාතිවාදය අවුස්සනවා. ජාතිවාදය පිළිබඳව කතා කරන ඡන්ද අපේක්ෂක මහත්වරු දැනගන්න  ඕන මේ රටේ ජනතාව එතරම් මෝඩ නැහැ කියලා. විශේෂයෙන් වතුකරයේ ජනතාව දන්නවා පසුගිය කාලයේ මේ රටේ ජාතිවාදය ඇති කළේ කවුද කියලා.

එහෙම ජාතිවාදය ඇති කරපු මිනිස්සු දැන් කොයි පැත්තෙද ඉන්නේ, දැන් මොන මොන විදියටද කතා කරන්නේ කියල මේ ඔක්කොම පැහැදිලියි. 

යාපනයේ එයාර්පෝර්ට් එකේ නම දෙමළ භාෂාවෙන් ලිවීම ගැන ඒ අය කතා කරනවා. නමුත් එහෙම කතා කරන එක්කෙනාගේ පක්ෂයේ කාර්යාලය යාපනයේ දාලා එහි නම මුලින්ම සඳහන් කරල තියෙන්නේ දෙමළ භාෂාවෙනුයි. ඒ ප‍්‍රදේශයේ ජනතාවගේ ඡන්දය ගන්න එහෙම කරන ගමන් සිංහල ප‍්‍රදේශවලට ඇවිත් වෙන විදියකටත් ඒ ගැන කතා කරනවා.

මේ දේශපාලන නායකයෝ තමයි මේ රටේ ජාතිවාදය ඇති කළේ. මේ රටේ සිංහල ජනතාව ජාතිවාදයේ නැහැ. මුස්ලිම්, හින්දු, කතෝලික, බෞද්ධ ආගම් අදහන ජනතාවත් ජාතිවාදයේ නැහැ.

තම තමන්ගේ පටු දේශපාලන වාසියට මේ නායකයෝ ඇති කරන එකක් තමයි ජාතිවාදය. මවුබිම ගැන කතා කරන්න අපිත් කැමැතියි. වතුකරයේ ජනතාව හැටියට අවුරුදු 200ක් මේ රට වෙනුවෙන් ජීවත් වෙන පිරිසක් ලෙස අපිත් මවුබිම ගැන කතා කරන්න කැමැතියි. මවුබිම සම්බන්ධව කතා කරන කට්ටියට අමතක වුණාට අරන්තලාවේදී අපේ හාමුදුරුවන් අමු අමුවේ මරාදාපු අය ඉන්නේ කොහේද කියල මේ රටේ ජනතාව දන්නවා. පිල්ලෙයාන් කොහේද ඉන්නේ, කරුණා අම්මාන් කොහේද ඉන්නේ.

සිංහල බෞද්ධයන්ට මහනුවර දළදා මාලිගාව තරම් වටිනා දෙයක් තියෙනවද? එතැනට බෝම්බ ගහපු වෙඩි තියපු තුවක්කු කල්ලිය අද ඉන්නේ කොහෙද. ඒ අයට සිංහල බෞද්ධ ජනතාව ඡන්දය දෙනවද? මාලිගාවට ගහපු පිල්ලෙයාන්, කරුණා අම්මාන් ඉන්න තැනට ඡන්දය දෙනවා නම් තව මොනවද.

මේ නිසා සිංහල ජනතාව කල්පනා කරන්න  ඕන හිටපු එල්.ටී.ටී.ඊ. අය වගේම ඉන්න එල්.ටී.ටී.ඊ. අයත් ඉන්නේ එතැනමයි.

ජාතිවාදී කතා ඔක්කොම බොරු. ඒ වචනය විතරයි එයාලට කියන්න පුළුවන්. මේක පටු දේශපාලනය. මේ නිසා අපි ඉතා වගකීමෙන් කියනවා කන්ද උඩරට ඇතුළුව වතු ඡුන්ද ලක්ෂ 15ක් තිබෙනවා. මේ අය ඉන්නේ බදුල්ල, නුවරඑළිය, මොනරාගල, මාතලේ, මහනුවර, රත්නපුරය, කෑගල්ල, දෙනියාය, මතුගම, ඉංගිරිය සහ වවුනියාවේයි. උතුරේ සිටින වතුකරයේ ජනතාව බැහැර කර උතුරේ තීන්දු ගන්න බැහැ කාටවත්. වතුකර ඡන්ද ලක්ෂ 1 1/2ක් තිබෙනවා.

රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය දුන්නා. ලූණුගල සහ පස්සර හිටපු අපේ ජනතාව මඩකලපු දිස්ත‍්‍රික්කයේ ඉන්නවා. ඒ නිසා මෙම ලක්ෂ 15ක ඡන්දවලින් එක ඡන්දයක්වත් වෙන කාටවත් වැටෙන්නේ නැහැ. ඒ සියල්ල හිමිවෙන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට හෙවත් හංසයාට බව මම වගකීමෙන් කියනවා.

එක ඡන්දයක්වත් එහාට මෙහාට යන්නේ නැහැ. තුට්ටු දෙකේ නායකයෝ ඒවා මේවා කිව්වට ඒ ඡුන්ද වෙන කාටවත් යන්නේ නැහැ. වතුකරයේ ඉන්නේ කෙළෙහිගුණ දන්න ජනතාවක්. වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය දුන්න රණසිංහ පේ‍්‍රමදාස මහතාට කෙළෙහිගුණ සලකන්න බැරි වුණා. එතුමා පණපිටින් හිටියේ නැහැ. ඒ නිසා එතුමාගේ පුත‍්‍රයා සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇවිත් සිටින නිසා ඒ ඡන්ද එකක්වත් එහාට මෙහාට නොයන්න ඒ ඡන්ද සියල්ල සජිත් පේ‍්‍රමදාස මහතාට දෙන්න ඒ ජනතාව තීරණය කරල ඉවරයි.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය -වතුකරයේ ජනතාවට රුපියල් 50ක වැටුප් වැඩිවීමක් කරන්න ඔබතුමාලාට විශාල සටනක් කරන්න සිදු වුණා. නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා දවසට රුපියල් 1500ක් අරන් දෙනවා කියනවා. ඒක පිළිගන්නවද?

පිළිතුර - ඔව්, ඒක කරන්න පුළුවන් මේ පවතින තත්ත්වය වෙනස් කරලා. දැන් කරන්නේ ගිවිසුම් අත්සන් කරලා ඒක කරන්නේ නැතුව කුඩා වතු හිමියන් ලෙස වතු කම්කරුවන් මාරු කරනවා.

ප‍්‍රශ්නය - මෙහිදී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ බලපෑම කොහොමද?

පිළිතුර - එයාගේ වාරය ඉවරයි. දැන් අපේ වාරය. කාලයක් එහෙම තිබුණා. දැන් ජනතාව තීන්දු කරලා ඉවරයි. දැන් වතු ජනතාව ඉන්නේ ගෙවල් ඉල්ලන මට්ටමේ නොවෙයි. පරිගණක සහ විශ්වවිද්‍යාල ඉල්ලන මට්ටමේයි. 

 



අදහස් (32)

වතුකරයේ ඡන්ද ලක්‍ෂ 15 ම සජිත්ට

නිරංජලා Wednesday, 30 October 2019 01:45 PM

සුබ පැතුම් සජිත්. තරුණ අපගේ ඡන්දත් ඔබටයි.

:       2385       2164

k perera Wednesday, 30 October 2019 02:14 PM

ඉතාමත් හොඳ ප්‍රකාශයක්. ජයවේවා!

:       1581       1404

Narada Wednesday, 30 October 2019 02:18 PM

දවල් හීන...

:       593       903

Chanak los angelesWednesday, 30 October 2019 03:51 PM

දවල් හීන වෙන්නේ කොහොමද ? වතුකරේ පමණක් නොවෙයි උතුරේ නැගෙනහිර සියලුම සුළුතර ඡන්ද හංසයාට තමයි .සාටකයන්ට මේ කපේ සුළු ඡන්ද ලැබෙන්නේ නැහැ .. මතක නේ යහපාල දිනෙව්වේ සුළුතර වැඩි ඡන්දයෙන් කියා. ඒ ඡන්ද ටිකට අමතර ඡන්දත් එකතු වෙනවා කියලා දැනගන්න .මහා සාටක පැරදිලා එල්ලිලා හිටියේ ජනේලයේ ගෝඨාභය පැරදිලා එල්ලිලා ඉන්නේ බාල්කයේ

:       2346       2011

chandiWednesday, 30 October 2019 04:36 PM

චානක්... නිකන් පිස්සෙක් වගේ බොරු දොඩවන්නේ නැතිව ඉන්න. එජාපය.. මේ පාර අන්ත පරාදයි...

:       1134       1386

Chanak los angelesWednesday, 30 October 2019 08:19 PM

අපි සාටකයන්ව පරදවන්නේ සුලුඡන්ද වලිනුයි මේ වතාවේ. වියත් මගක් තියාගෙන වියතෙක් කියලා රටට පෙන්නගෙන හිටියා. ජනමාධ්‍ය අහන ප්‍රශ්න වලදී පසුපස හැරී බලනකොට වියතාගේ වියත්කම මුළු රටම දුටුවා. එතකොට මෙහෙව් වියතෙක්වද රටේ මුල්පුටුවට ඔසවා තබන්න හදන්නේ ?

:       148       242

DumindaThursday, 31 October 2019 03:51 AM

වෙන්න පුළුවන්... නමුත් මෙවර මහ ජාතියේ එකමුතුවෙන් ගෝඨාභය එයි.

:       288       1051

SuranimalaThursday, 31 October 2019 05:56 AM

2015දී රටේ ඔක්කොම බලතල තිබිලත් පැරදුණානේ... ඉතින් ඔක්කොම එකතුවෙනකොට සජිත්ට වාසියි..

:       258       518

Mahee Wednesday, 30 October 2019 02:36 PM

කවදද දන්නේ නෑ මොහුට සියලුම ද්‍රවිඩ ජනතාවගේ නියෝජිතයා වෙන්න ලැබුනේ? ද්‍රවිඩ ජනතාවත් අපේ සිංහල ජනතාව වගේ තමයි. සදාකාලිකවම දේශපාලුවන් විසින් රවටනවා.

:       134       359

Prabha Wednesday, 30 October 2019 02:47 PM

තව දවස් කීයද? ඉදලම බලමු

:       4       124

Chandi Wednesday, 30 October 2019 03:39 PM

තවත් එක්සත් ජාතික පක්ෂ ජෝකර් කෙනෙක්

:       310       583

athuraThursday, 31 October 2019 04:54 AM

ගැලපෙනම නම තමයි දාගෙන තියෙන්නේ.. අපේ පැත්තෙත් චණ්ඩි, කසිප්පු මුදලාලිලා, කුඩු මුදලාලිලා ඔක්කොම වැඩ පොහොට්ටුවට තමයි.

:       332       220

අවුල්වගේ Wednesday, 30 October 2019 07:13 PM

වතුකරයේ ඡන්ද ලක්‍ෂ 15 ම සජිත්ට.

:       14       2

Raveendra Wednesday, 30 October 2019 08:06 PM

සජිත් දිනනවා කියමින් උඩ පනින්නේ.... ගෝඨා දිනනවා කියමින් කරනනම් ගහන්නේ.... ටකරන් ගිලිමින් ඡන්දෙට පොරකන හරකුන්නේ.... මොකා දිනුවත් නුඹ ,අප ඔක්කොම එක තැන්නේ.....

:       0       12

DAYAN Wednesday, 30 October 2019 09:19 PM

වඩිවේල් සුරේෂ් ඇමතිතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත.. මොකද සජිත් ඇමතිතුමා වතුවල ඉන්න මිනිස්සුන්ටත් ගෙවල් හදලා දීලා තියෙනවා.

:       25       3

ROHAN Wednesday, 30 October 2019 09:32 PM

එතකොට යූ.එන්.පී.යේ ඡන්ද ලක්ෂ 45යි.. වතුකරයේ ලක්ෂ 15යි. උතුරු නැගෙනහිර ලක්ෂ 10යි. සේරම ලක්ෂ 70යි.

:       24       2

THARINDU Wednesday, 30 October 2019 10:09 PM

සම්පුර්ණ ඇත්ත කතාවක්. සමීක්ෂණ වලට අනුව යු.එන්.පී යේ ඡන්ද ලක්ෂ 45 ක් තියෙනවා. වතුකරයේ ලක්ෂ 15 යි. උතුරු නැගෙනහිර ලක්ෂ 10 යි. සියල්ල ලක්ෂ 70 යි. එතකොට සීයට 65 කින් විතර සජිත් ප්‍රේමදාස මැතිතුමා 7 වෙනි විධායක ජනාධිපති ලෙස 17 / 11 /2019 වෙනිදා අභිෂේක ලබයි.

:       56       3

chandiMonday, 04 November 2019 06:02 PM

ඔබගේ ඡන්දය පිළිබද දැනීම නම් ඕලෙවෙල් තරම්වත් නැති බවයි පෙනෙන්නේ. කමක් නැහැ දැනට සිහින ලෝක වල පාවී පාවී ඉන්නකෝ 17 වෙනකල්.

:       0       0

gunarathna Thursday, 31 October 2019 01:19 AM

මේ මිනිහගේ කතා බලන්නට ගෝඨා දිනන්න ඕනේ... දිනපු දාට පහුවෙනිදාම ගෝඨාගේ වටේ කරකැවෙන හැටි බලන්නට පුළුවන්...

:       2       98

desi archchi Thursday, 31 October 2019 02:00 AM

සජිත් යනු හොරෙක් නොවේ...

:       281       157

k,m,s dharmasiriThursday, 31 October 2019 05:02 AM

අම්මෝ අපි නොදන්නා සජිත්...

:       2       101

යාපාThursday, 31 October 2019 08:06 AM

වහල්ලුන්ට ඉතින් ඕවා තේරෙනවද? හම්බන්තොට වරාය විකුණපුවා, මහබැංකුව කඩලා හොරාකාපුවා, නිධන් ටිකට විදපුවා, ඇත්තු මරල දාලා අරගෙන හොරාකාපුවා, සංස්කෘතික අමාත්‍යාංශයෙන් හොරකම් කරපුවා... තව කියන්න ඕනෑද?

:       5       31

sharm warn Thursday, 31 October 2019 03:29 AM

වතුකරේ ඡන්ද විකුණන් කනවා... සිරිමාවෝ මහත්මිය ඒ කලේ දුර දිග බලලා ඉන්දියානු සම්භවයක් ඇති අයව වාර්ෂිකව නැවත ඉන්දියාවට පිටත් කලේ මේ වගේ ජාතික ව්‍යවසනයක් ඇති නොවෙන්න. ඒ ඡන්දවලට කෙල හලාගෙන ඒක නවතලා රට අගාධයට ගෙනිච්චේ එජාප පාලනය.. මේ ගොල්ලෝ මෙහෙම කතා නොකිව්වා නම් තමයි අපි පුදුම වෙන්න ඕනේ.. මේ පහත් වැඩ කරන දේශපාලනය අවසන් කළ යුතුයි..

:       3       123

දිලුම් Thursday, 31 October 2019 03:30 AM

ඒ පාර බෞද්ධ ආලෙයි, ජාති ආලෙයි ඇවිත්... ඉතින් ඔය ටික ප්‍රභාකරන් ඉන්න කාලේ එයාට කියලා යුද්ධය නවත්වන්න එපැයි. එහෙම වුණානම් මෙච්චර සිංහල අය මැරෙන්නේ නෑනේ. දළදා මාලිගාව සිංහලයාගේ මුදුන් මල්කඩ කියලා කියනකම් බෞද්ධ අපි දැනෙන් හිටියේ නෑනේ. අනේ නිකන් ඉන්න..

:       3       26

sharm warnThursday, 31 October 2019 04:12 AM

අන්න ඒකයි.. ගරිල්ලා මාකටින්...

:       1       4

maubima Thursday, 31 October 2019 04:42 AM

සජිත් හොරෙක් නෙමෙයි වෙන්න ඇති..., නමුත් මේ මොහොතේ අප කළයුත්තේ කුහක නොවී රට ගැන සිතා කතිරය ගැසීම පමණි. මන්ද සියල්ලටම වඩා අපට ජීවත්වෙන්න රටක් ඉතුරු කර ගතයුතුව ඇත...

:       150       208

වීරවිජේ Thursday, 31 October 2019 05:19 AM

නිරංජලා ඔයා කොටද? උසද?

:       0       67

wimal Thursday, 31 October 2019 05:27 AM

තමුන්ගේ වාසිය ගැන සිතා පිල් මාරුකරන අයට මේ ගමන හොඳ උත්තරයක් ලැබෙයි. මහජාතිය එකතුවෙලා ඉන්නේ රටට අවශ්‍ය පක්ෂය දිනවන්න. සුලුජාතියේ කොටසක් හොඳ අය ඉන්නවා. ඒ වගේම මහ ජාතියේත් ඉන්නවා. 15%ක් විතර කලවම් වුණු අය අද අවස්ථාවාදීන් වෙලා.. රට ගැන නොහිතන අන්තවාදීන් සමග වේදිකාවේ...

:       0       68

isurandi Thursday, 31 October 2019 05:56 AM

සජිත්වයි, ගෝඨාවයි නැතුව දැන්වත් වෙන එකෙක් ගැන හිතන්න අපේ මිනිසුන්ට ඔලුවක් නැද්ද? කවුරු වුණත් ඔවුන් වටා එක්රොක් වෙන්නේ නුඹලා, අපි බැටදෙන අර දියවන්නාවේ 225 නොවේද?

:       20       12

Wasudewa Thursday, 31 October 2019 06:02 AM

අනේ නිකන් ඉන්න... අපට ජීවත්වෙන්න රටක් ඉතුරුකරගන්න සජිත් එක්ක ජනරාල්තුමා ඉන්නවා. ඒ ගැන බයවෙන්න එපා.

:       46       38

gobbaya Thursday, 31 October 2019 06:29 AM

ඔන්න බලාගන්න ඡන්දෙ ඉවර වුණු ගමන් කොතැනද නවතින්නේ කියලා...

:       0       5

Wayne G Friday, 01 November 2019 05:01 AM

සා.පෙළ අසමත් වූ අයෙකුටද රට බාර දෙන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 307 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 604 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 234 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 189 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 246 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2371 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site