IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වත්කම් බැරකම් පැහැර හරින්නන්ට දඩය වැඩිවෙයි

(සුජිත් හේවාජුලිගේ)

වත්කම් බැරකම් ප්‍රකාශ  බාර දීම පැහැර හරින දේශපාලනඥයින් ඇතුළු  රජයේ නිලධාරීන්ට මෙතෙක් නියම කෙරුණු රුපියල්  දහසේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා  වැඩි කිරීමට  පියවර ගෙන ඇතැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

 මේ සම්බන්ධයෙන් නව නීතී  කෙටුම්පත්  සකස් කිරීම  මේ දිනවල සිදුකරගෙන යන බව  අල්ලස් කොමිස‍මේ  කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවසීය.

රජයේ නිලධාරීන්ගෙන් සියයට 75 ක්  පමණ වත්කම් බැරකම් බාරදීම පැහැර හරින තත්ත්වයක් පෙනෙන්නට  ඇතැයිද ගුරුගේ මහතා  කීවේය.

දේශපාලනඥයින් ඇතුළු රජයේ  නිලධාරීන්  තම ආයතන ප්‍රධානීන්  වෙත වත්කම් බැරකම් ප්‍රකාශ  බාරදීම කළ යුතු වෙයි.

මේ අතර සිය වත්කම් බැරකම්  ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනිදාට පෙර බාර දෙන්නැයි  පාර්ලමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.



අදහස් (9)

වත්කම් බැරකම් පැහැර හරින්නන්ට දඩය වැඩිවෙයි

Sampath Friday, 30 March 2018 10:25 AM

වගකීමෙන් කියන්නේ.., කොළඹ වරායේ 2වන දොරටුව අසල අල්ලස් කොමිසමේ කෙනෙක්ව තිබ්බා නම් දවසට රුපියල් ලක්ෂයකට වඩා අල්ලස් ගන්න රේගු නිලධාරීන්ව බලාගන්න පුළුවන්. එයින් පිටවෙන හැම වාහනයකින්ම මොවුන් අල්ලස් ගන්නවා. එහෙම අරගෙන වාහන පරීක්ෂා නොකර පිටවීමට අවසර දෙනවා.

:       68       143

SanathFriday, 30 March 2018 12:18 PM

රේගු නිලධාරීන්ට දෙන වැටුප හොඳටම මදියි. අතිකාල දීමනා සහ බටා නිසාත් කලාතුරකින් ලැබෙන රිවෝර්ඩ් නිසාත් ඔවුන් රැකියාවට ගැලපෙන යහපත් ජීවිකාවක් ගතකරයි. නමුත් වියදම වැඩිවූවිට විකල්පය මෙයයි.

:       87       50

rohana kumara mendisSaturday, 31 March 2018 04:12 PM

සනත් මහත්තයෝ කවුද කියන්නේ රේගු නිලධාරීන්ට වැටුප මදී කියලා. ලංකාවේ හොදම වැටුප් ගන්න අය තමයි ඔය රේගුව ආගමන විගමන අය හොදේ.

:       2       2

divya puthraSaturday, 31 March 2018 12:48 PM

එතැන ඉන්නේ රේගු නිලධාරීන් නෙමෙයි. වරාය අධිකාරියේ ආරක්ෂක කට්ටිය. දන්නේ නැති දේවල් බොරුවට කියවන්න එපා පණ පිහිටුවලා..

:       18       38

Sanka Friday, 30 March 2018 10:45 AM

දඩය කෝටි 20 දක්වා වැඩි කළා නං හරි...

:       0       48

ඩී. ජයදේව Friday, 30 March 2018 12:00 PM

හරි නම් කරන්න ඕනෑ දඩය හෙලි නොකළ වත්කමින් 50% කරන එක. කෝටි 50-60 අයථා ලෙස උපයාගත්ත අයට ලක්ෂයක් දැනෙන්නෙත් නෑ.

:       0       57

ishini Friday, 30 March 2018 02:43 PM

දඩය හොඳටම මදි. වත්කම් බැරකම් බොරු කරන්නේ කෝටිපතියෝ. එමනිසා අඩුගණනේ තම සඟවන වත්කමෙන් 50% වත් දඩ වශයෙන් අය කර ගැනීමේ ක්‍රමයක් තිබිය යුතුයි.

:       0       46

Chanak Los angeles Saturday, 31 March 2018 07:13 AM

මේ කියන විදියට රටේ ලොකුම හොරු, දේශපාලකයෝ කියලයි පිළිගන්න වෙන්නේ.. නමුත් කාගේත් පිළිගැනීම දේශපාලනය වැදගත් කර්තව්‍යයක් කියලනේ ... එහෙනම් අපි අහනවා එය වැදගත් කර්තව්‍යයක් නම් ඇයි එම කර්තව්‍යයේ යෙදී ඉන්න දේශපාලකයෝ එම පදවියට ගරු නොකොට මේ ලිපියේ කියලා තිබෙන විදියට වංචා සහගත ලෙස ක්‍රියා කරන්නේ කියා?

:       0       13

sathya Saturday, 31 March 2018 11:05 PM

දඩය මුදල තීරණය කරන්න හොදම විදිය වෙන්න ඕන හොරකම් කරපු මුදලට සාපේක්ෂව නේද . ප්‍රකෝටි ගනම් හොරකම් කරපු කෙනෙකුට ඔය මුදට පාලමක් යටින් පොල්ලෙල්ලක් ගියා වගේ වේවි. අපේ රට නිවැරදිව ගොඩනගන්න වඩාත් නිවැරදි තීරණ අත්‍යවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 246 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 665 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 702 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1124 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 777 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1647 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site