IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැඩ බාරගන්න උත්සවවලට මහජන මුදල් එපා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ නගරාධිපතිවරුන්, නගර සභාපතිවරුන් සහ ප්‍රාදේශීය සභාසභාපතිවරුන් සිය නිල කටයුතු ආරම්භ කිරීමේදී එම සභාවල මහජන මුදල් වැයකොට උත්සව පැවැත්වීමෙන් වැළකිය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම් දී තිබේ.

බස්නාහිර පළාතේ ඇතැම් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් රාජකාරී ආරම්භ කිරීමේදී මහජන මුදල් විශාල වශයෙන් වැයකොට උත්සව සංවිධානය කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා එය බලවත් වරදකැයි ද පැවැසීය. දුප්පත් මහජනතාවගේ වරිපනම් මුදල්වලින් නඩත්තුවන නගර සභා, මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල අරමුදල් මහජන සේවාවන් සඳහා යෙදවිය යුතුව තිබියදී වත්මන් රජය කරන්නා සේ උත්සව කටයුතු වෙනුවෙන් මහජන මුදල් වැයකිරීම තමා කිසිසේත්ම අනුමත නොකරන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

නාගරික කොමසාරිස්වරුන් හා නගර සභා බලධරයන්ට මේ ආකාරයේ මුදල් ගෙවීම් අනුමත කරන ලෙස බලනොකළ යුතු යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා ඉතාමත් සරල චාම් උත්සවයක් පවත්වා සේවා කටයුතු අරඹන ලෙස නගර සභා හා ප්‍රාදේශීය සභාවලින් ඉල්ලා සිටින බව සඳහන් කළේය.



අදහස් (22)

වැඩ බාරගන්න උත්සවවලට මහජන මුදල් එපා

ලුම්බිණි Thursday, 19 April 2018 04:34 AM

'...වත්මන් රජය කරන්නා සේ උත්සව කටයුතු වෙනුවෙන් මහජන මුදල් වැයකිරීම තමා කිසිසේත්ම අනුමත නොකරන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීය...' අතීතය නම් එහෙම නොවෙයි.

:       0       0

Mahesh jayawickrama Thursday, 19 April 2018 04:40 AM

ඔබතුමා දැන් ඔහොම කියන්න ප්‍රමාද වැඩි...

:       0       0

pj Thursday, 19 April 2018 04:50 AM

අපි ඒ කාලෙ හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපොල උත්සව වලට කෝටි ගණන් වියදම් කළේ මහජන මුදල් නොවෙයි අපි දහඩිය මහන්සියෙන් හම්බ කරගත් මුදල්.

:       0       0

nimal Thursday, 19 April 2018 04:58 AM

මොනවා! මෙයා ආයේ ඉපදිලාද?

:       0       0

Raveendra Thursday, 19 April 2018 05:06 AM

කතාව 100% ඇත්ත. එමෙන්ම ඒ කාලෙත් කාලෙත් මේවා යහමින් සිද්ධ උනා. කෙසේ වෙතත් එම අඩුපාඩුව නිවැරදි ලෙස දැකීම ගැන පුරවැසියන් වන අපට සතුටු වන අතර අප මොනතරම් නම් මේ ගැන කියා ඇද්ද .

:       0       0

rohana kumara mendis Thursday, 19 April 2018 05:12 AM

අම්මෝ දැන් මේ අය මාර හොද හොදා වෙලා . උත්සව වලට කොටි ගණන් වියදම් කලෙත් මෙයාලමයි. ඒවා අපිට මතකයි.

:       0       0

nimal Thursday, 19 April 2018 05:35 AM

දැන් ටිකක් හැදිලා වාගේ. අරලිය ගහ දන්සැල දෙනවිට ඔහොම හිතුවනම් ?

:       0       0

Saumya Thursday, 19 April 2018 05:58 AM

ඉතාමත් හොඳ තීරණයක්, තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේවා කියා ප්‍රර්ථනා කරනවා....!!!

:       0       0

Sunil Thursday, 19 April 2018 06:05 AM

කකුළුවත් කිව්වලු උගේ පැටවුන්ට කෙලින් යන්න පුරුදුවෙයන් පුතේ කියාලා!!

:       0       0

Shan Thursday, 19 April 2018 06:13 AM

මෙයා තමයි සෝබන වැඩ වල නායකයා. දැන් බබා වෙන්න හදනවා.

:       0       0

Sanath Thursday, 19 April 2018 06:36 AM

මහින්ද මහත්තයට පව් පින් දෙක තේරෙන වයස ලබලා වගේ.

:       0       0

sena Thursday, 19 April 2018 06:47 AM

අනේ මෙතුමාගේ කාලේ රුපියලක්වත් මහජන මුදල් උත්සව වලට වියදම් කරලා නැහැනේ

:       0       0

athura Thursday, 19 April 2018 06:58 AM

අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.........

:       0       0

Sanjeewa Thursday, 19 April 2018 07:03 AM

ඉතා හොද තීරණයක්

:       0       0

රොමේෂ් Thursday, 19 April 2018 08:24 AM

අදහස ඉතාමත් හොඳයි. පොඩි කකුළුවෝ පිළිගනීවිද.?

:       0       0

chandana Thursday, 19 April 2018 08:29 AM

ඔව්. ඔබතුමාගේ පදවි ප්‍රාප්තියට වියදම් කරා වගේ වියදම් කරන්න එපා හොඳේ. මේක ඇහුවම මට මතක් වෙන්නේ අර කකුළුවාගේ කතාව.

:       0       0

de silva Thursday, 19 April 2018 08:39 AM

ඔය නුවන ඔබතුමාට දැනට අවරුදු 7-8 ඉස්සෙල්ල පහල නොවුන එක ඔබතුමගේත් ජාතියේත් අවාසනාවකි , කොහොමත් දේශපාලකයන්ගේ මොලේ පෑදෙන්නේ විපක්ෂයේ සිටින විටය

:       0       0

heshan Thursday, 19 April 2018 08:44 AM

පුළුවන් තරම් රට කළා දැන් මොනවද කියන විහිළු කතා.

:       0       0

මාදව Thursday, 19 April 2018 09:04 AM

ඒක තමයි ඔබතුමා බෑම කිවුවලු මගම්පුර වරායෙ උත්සවේට කෝටි හයසිය ගානක් වියදන් කරන්න. අපිට ආරංචියි.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 19 April 2018 10:27 AM

හම්බන්තොට වරායේ විවෘත කිරීමේ උත්සවයට කොටි අටක් නළුවෙක්ට ගෙවපු, කොළඹ ලස්සන කරලා විවෘත කිරීම් උත්සව වලට නාගරික සංවර්ධන අධිකාරියෙන් ගායක දෙකට්ටුවකට කොටි පහක් මහජන මුදල් ගෙවපු රජානෝද මේ මොනවත් දන්නේ නෑ වගේ කතා කරන්නේ?

:       0       0

රජින්ද Thursday, 19 April 2018 11:12 AM

හොඳ ආරම්භයක්... ඒත් ඔබතුමා හෝ ඔබතුමා දරන පක්ෂය හෝ බලය පත් වුවහොත් ඉන්පසුව ඔබලා විසින් මේ රටේ පරිසරය රැකගැනීම ගැන ගන්නේ මොනවගේ ප්‍රතිපත්තියක්ද කියන කාරනාව ගැන මොකවත් කියන්නේ නැහැ. මිනිස්සුන්ට බොන්න පිරිසිදු ජලය නැති, හුස්ම ගන්න පිරිසිදු වාතය නැති රටක් වෙමින් යන ලංකාවට ඔය මොන උපදෙස්වත් වැඩක් නැහැ. මේ රටේ පරිසරයයි අංක එක විය යුත්තේ.

:       0       0

Hafeel Friday, 20 April 2018 07:46 AM

කකුළුවා කියනවලු තමාගේ පැටවුන්ට හරියට ඇවිදින්න කියල. හැබැයි ඔහු ඇවිදින්නේ හරහටලු. ඒ හා සමාන කතාවක් තමයි මේ කතාවත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 555 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 800 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 820 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1216 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1097 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site