(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාවක් ඇත්නම් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් ලෙස එයට විරෝධය පළ කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද (6) පැවසීය.
ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දී දේශපාලඥයන්ද පටි තදකරගත යුතු බවත් ඒ ආදර්ශය දේශපාළඥයන් විසින් ජනතාවට ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කරන්න යන බවට මේ දිනවල මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලා වලින් පුවත් පළවුණා.
ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩිවෙන විට එයට අනුරූපිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවෙන්න ඕන කියලා 2006 වසරේදී එවකට හිටපු සභානායක අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා සම්මත කරලා තියෙනවා.
ඒ අනුව 2018 ජනවාරි මාසයේ ඉඳලා ඉහළ අධිකරණවල විනිශ්චකාරවරුන්ගේ වැටුප් වැඩිවෙලා තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවිය යුතුයි කියලා කතා බහක් ඇවිත් තියෙනවා.
මෙම වැටුප් වැඩිවෙලා ඇරියස් එකත් එක්ක මන්ත්‍රීවරුන්ට වැටුප් වැඩිවෙලා වගේ තමයි මාධ්‍ය මගින් මේ ගැන ප්‍රචාරය ගියේ. මේ පිළිබඳ තවම තීන්දුවක් අරගෙන නැහැ කියලා අපි ඉතා පැහැදිලිව කිව යුතුයි.
කවුරුහරි මෙහෙම යෝජනාවක් කරලා තියෙනවනම් පසුපෙළ මන්ත්‍රීවරුන් විදියට අපි මේකට විරුද්ධයි. එහෙම යෝජනාවක් තියෙනවානම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදීත් අපේ විරෝධයත් අපි ඒකට ප්‍රකාශ කරනවා.
අපිට මේ වගේ ප්‍රතිචාර දක්වන්න වෙලා තියෙන්නෙත් මාධ්‍ය මගින් මෙවැනි ප්‍රචාර යන නිසයි. ඒ නිසා මේ පිළිබඳ විකාශනය කරන්න කලින් මෙම වැටුප් වැඩිකිරීම ගැන තීන්දුවක් අරගෙන තියෙනවද නැද්ද කියලා මාධ්‍යයට හොයා බැලීම වටිනවා. මේ පිළිබඳ යම්කිසි වගකීමක් සහිතව වාර්තා කරන්න කියලා අපි මාධ්‍ය මගිනුත් ඉල්ලා සිටිනවා.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැටුප් වැඩි කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේත් විරෝධය
Sunil Monday, 06 August 2018 01:39 PM
මාධ්‍ය ප්‍රදර්ශන නොකර පඩිය වැඩි කරලා දුන්න දවසට එක ප්‍රතික්ෂේප කරලා ජනතාවට පෙන්නන්නකො. එතකොට අපි හරි කවුද වැරදි කවුද කියාලා තීරණය කරන්නම්.
Chandima Monday, 06 August 2018 02:49 PM
මේක නම් මේ එල්ලුම් ගහ ගේනවා කිව්වා වගේ කතාවක්... ඒ කතාව අනාගෙන නා ගත්තා. ඊළඟට පඩි කතාවක්. හිටිගමන් මේ වගේ මාතෘකා රටට දාන්නේ හරියටම මොකක් හරි මගඩියක් හොර පාරේ කරගන්න ඕනෑ වුණාම...