දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනපතිවරයා මේ බව අවධාරණය කළේ අද (24) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
පැවති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලූත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සඳහා බව අවධාරණය කළ ජනපතිවරයා එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලූදෙනා සූදානම් විය යුතු බව ද පැවසීය.
වෙන්වීම පහසු බවත් එක්වීම අපහසු බවත් පැවසු සිරිසේන මහතා දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සියලූදෙනාගේ වගකීම බව ද කීය.
දේශපාලන බලය හා පුද්ගලික න්‍යාය පත්රවලට අනුව කටයුතු නොකර රටට හා ජනතාවට ආදරය කරන දේශපාලනඥයින් බවට සියලූදෙනා පත්විය යුතු බව ජනපතිවරයා පැවසීය.
කවුරුන් කෙසේ කීවද තම වසර 50 ක දේශපාලන ජීවිතය තුළ සැමදා කැපවූයේ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා බවත් තමන් පුරුදුවීමට දේශපාලනයට පැමිණි අයකු නොවන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳ චෝදනා එල්ල කළ ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පැවසූ ජනපතිවරයා ඊට අවශ්‍ය සියලූ කැපවීම් මේවන විට සිදුකර තිබෙන බව ද කියා සිටියේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතකර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පවතින අවස්ථාවේදී වන බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 142 ක් ඒ සඳහා ඡන්දය ලබාදුන් බවත් ඒ මහතා පැවසීය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වංචාවට එරෙහි වෙනවාට විරුද්ධනම් තනතුරු අතහරිනවා
අනුර ඉලන්කෝන් Friday, 24 November 2017 12:02 PM
දූෂණය, වංචාව කරපු එක කොටසක් පමණක් පසුපස පන්නන ඔබතුමා.... දූෂණය, වංචාව කරපු පිරිසක් අල්ලන්න නේද බලයට ආවේ? දැන් ඒ අය එක්කෙනෙක් හරි ඇල්ලුවද.. කෝ එයාලට ජනාධිපති කොමිසම්..?
තිළිණ Friday, 24 November 2017 01:35 PM
නීතිය හා පොලීසිය යන ආයතන දෙකම පවතින්නේ එක්සත් ජාතික පක්ෂය යටතේ.. පහුගිය කාලේ ඒවා ඉක්මණින් හොයන්න නේද නීතියට පිටින් එෆ්සීඅයිඩී වගේ ආයතන පිහිටෙව්වේ? බැරිකමට කාටවත් බැනලා වැඩක් නැහැ.. අනික කොමිසමකින් දඬුවම් දෙන්න බැහැ.
අනුර ඉලන්කෝන්Friday, 24 November 2017 02:39 PM
තිළිණ. කොමිසමක් පත්කරන්නේ එතන වුණේ මොකක්ද කියලා දැනගන්නයි. බැඳුම්කරයට කොමිසමක් පත්කරපු එක හරි. ඒත් මහා පරිමාණ වංචා වුණා කියලා නේද බලය ආවේ. ජනතාව බලාගන හිටිය නේද ඒ අයට අඬුවම් දෙනකන් දැන් මොකද වෙන්නේ...
sathyapala Saturday, 25 November 2017 09:01 AM
තිළිණ, අනුන්ගේ ඇහේ රොඩ්ඩ අරන් දාන්න හදනවා. තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන... මෛත්‍රීපාල සිරිසේන හොරකමට, වංචාවට විරුද්ධ නම් ඒක පටන්ගත යුත්තේ තමන් ලඟින්මයි. තමන්ගේ පක්ෂේ ලේකම් විදිහට ලඟින්ම තියාගෙන ඉන්න දුමින්ද දිසානායක වහලා තියෙන ගොඩනැගිල්ලකට මාසෙකට කෝටි දෙක ගානේ ගෙවන ඒකත් මහා වංචාවක්. ඒක නවත්තන්න පෙනෙන්නේ නෑ. මේ ගැලරියට කෑ ගහන්නේ....
darshana Friday, 24 November 2017 12:05 PM
පැවැති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලුත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ ඉතින් අාපහු දූෂිතයින් පස්සේ ගිහින් සන්ධාන ගහගෙන රට කන්න නෙමෙයිනේ. ඔය මහබැංකු පරීක්ෂණ වගේ පහුගිය කාලේ දූෂණ, වංචා ටිකත් හොයා ගත්තානම් මොකද වෙන්නේ? මහබැංකු දුරකථන සංවාද හෙව්වා වගේ, අර තාජුදීන් මැරුණු දවසේ අරලියගහ මන්දිරෙන් නාරාහේන්පිට පොලිසියට අපු කෝල් 76 ගැනත් බැලුවොත් නරකද?
erdiFriday, 24 November 2017 04:11 PM
දර්ශන මයා. එදා ඉඳන්ම පහුගිය කාලේ හිටපු හොර තක්කඩි ටික ආරක්ෂා කරනවා. පහුගිය රජය කරපු ඝාතන, හොර මැර, දූෂණ සාමාන්‍ය මිනිස්සු වෙලා අපි දැක්ක දේ දැන් මේ ජනපතිට අමතක වෙලානේ. අපියි හරක් කොහෙද තිබුණු රූකඩ වලට පණ දුන්නු..
sunil Friday, 24 November 2017 12:11 PM
කාගේ ආණ්ඩුවේද මන්දා මෙච්චර වංචා, දූෂණ තියෙනවා කියන්නේ? අපි 2015 ඇති කරපු ආණ්ඩුවේ නම් ඒවා තියෙන්න විදියක් ඇත්තෙම නැහැ.
RaveendraFriday, 24 November 2017 02:35 PM
සුනිල් මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. නමුත් අපට ඒවාට එකඟවීමට නොහැකිය. මක්නිසාදයත් ඔය අපේ පක්ෂය තමයි හොඳම පක්ෂය යැයි කියාගන්නා සෑම පක්ෂයක්ම "ප්‍රයෝගිකවම ඉන්නේ හොර තක්කඩි පිරිසකි". එබැවින් තවමත් සහ ඉදිරියටත් සංවර්දනය වෙමින් හා දියුණුවෙමින් පවතින ජාතියකි.
sena Friday, 24 November 2017 12:18 PM
අනේ මන්දා සමහරු හැට පැනලත් ළදරුවෝ වගේ ක්‍රියාකරන්නේ... යූ.එන්.පී එකට මඩගහන්නයි., ඒ අයත් එක්ක එකට වැඩකරන්නයි බැහැනේ සර්... දොන් නම් දොන් සිමන් නම් සිමන් කිව්වලු.
Bamunuarachchi.Saturday, 25 November 2017 08:12 AM
"යූ.එන්.පී එකට මඩගහන්නයි., ඒ අයත් එක්ක එකට වැඩකරන්නයි බැහැනේ සර්..". එජාප එකත් එක්ක රටට වැඩ කරන්න බැරි නිසයි මඩ ගහන්නේ... ඒ මඩ අතින් අල්ලන්න පුළුවන් නිසා. නැතිනම් ගහන්නේ වෙන දේවලින්. එජාප ය මේ වනතුරු කල එක හොඳ දෙයක් කියන්නකෝ.. අනික් මිනිස්සු මහින්ද මහතා කරපු වැඩ ගැන කියනවා වගේ. එජාපයට ආවඩන කෙනෙක් වත් කියනවාද අපේ පක්ෂයේ මේ දේවල් රට කළා කියලා. මහාබැංකු කොල්ලය තමයි කියන්න තිබෙන්නේ. මගේ ජීවිත කාලයට හමුවෙලා නැහැ එහෙම කියන්න පුළුවන් එජාප කාරයෙක්....
Upali Friday, 24 November 2017 12:30 PM
වංචාවට දූෂණයට විරුද්ධව ඔබතුමා විධායක බලය යොදවා නිවැරදි තීන්දු ගන්න. කොයි පිලේ හිටියත් වංචාව දූෂණය කරන අයට විරුද්ධව කටයුතු කර මහජන මුදල් අයකර ගෙන ඔවුන්ට දඩුවම් දීම මිස ඔබතුමා දරන තනතුරු අතහැර ජනතාව සමග එක්වුනාට වැඩක් නෑ.
දසුන් Friday, 24 November 2017 12:46 PM
මහරාජාද කිව්වේ... ඕක කිව්වොත් මාර්කට් කරන්න පුළුවන් කියලා..? ඔබතුමා දැන් ජනවාරි 8 ඡන්දෙ දීපු අයට ද්‍රෝහිවෙලා ඉවරයි..
Muhan Friday, 24 November 2017 12:58 PM
දැනට සිදුවෙන හොරකම් සොයාබැලීම හොඳයි. නමුත් පසුගිය අයගේ හොරකම්වලට කිසිම කියා මාර්ගයක් අරගෙන තියෙන්න ඕනෑ. පසුගිය රජයේ බැඳුම්කර වංචා වලට කොමිසම් කෝ? දාපු කොමිසම් වල වාර්තා කෝ? මෙතැන ගැටලුව තියෙන්නේ ගුවන්තොටුපළවල් වහලා හොරු අල්ලලා දඬුවම් දෙනවා යැයි කියපු කෙනා 62 ලක්ෂයකට කොකා පෙන්නලා පරණ හොරුත් එක්ක එකතුවෙලා ඡන්ද කරන්න හදනවා.
Palitha Galapitiya Friday, 24 November 2017 01:14 PM
ඇටනැති දිව ඕනෑම පැත්තකට නවන්න පුළුවන්නේ නේද?
සමන් Friday, 24 November 2017 01:15 PM
අනේ දැන් තනතුරු අතහැරලා නෙවෙයි... තනතුරු එක්ක ආවත් අපිට නම් එපා.
Priyantha Friday, 24 November 2017 02:09 PM
මේවා රටට ගුණදායක නොවේ. මේ තීරණවලට වඩා වෙනස් ආකාරයෙන් සිතන්න.
රණසිංහ Friday, 24 November 2017 02:24 PM
මට ඔබ දිනවන්න වැඩ කරපු එක ගැන ඇත්තේ මහත් කණගාටුවක්? ජනපතිවරණ වේදිකාවේ කියපු දේවල් අද අමතක කර වෙනත් බහුබූත දොඩවනවා. එක හොරෙකුටවත් ගුවන් තොටුපලෙන් පිටවෙන්නෙ දෙන්නෙ නෑ කියපු ඔබ අද කියන්නේ වෙනත් කතාවක්. අලුත් හොරු ගැන වගේම පරණ හොරුන්ට ඔබ මොනවද කලේ? ඒ අය නිදැල්ලේ... අද යූඑන්පී සාමාජිකයන් අසරණ කරමින් හතුරන්ව ආරක්ෂා කරමින් සිටියි..
Sathyayaa Saturday, 25 November 2017 05:06 AM
යූඑන්පී එකේ ඉන්නේ තොත්ත බබාලනේ අසරණ කරන්න. මේ තරම් දරුණු සොරකමක් කර තිබියදීත් තමන්ගේ පක්ෂයේ අසරණකම ගැන කතා කරන්නේ... ජනතාව රවටන්න වුණත් ඒක ඒ සමගම ආත්ම වංචාවකුත් වෙනවා.
sahanSaturday, 25 November 2017 07:21 AM
සත්‍යපාල වගේ හොර කපටි උදවිය පහුගිය කාලේ පක්ෂය, රට පාවා දුන්න කියල බැන්නා නේද? දැන් හොඳද? අනේ සත්‍යපාල උඹලා වගේ වහල්ලු ඉන්නකන් මේ රටට හරියයිද?
ranasinghe Saturday, 25 November 2017 06:29 PM
මිස්ටර් අසත්යා අපි තොත්ත බබ්බු වගෙ අසරණ වෙලා තමයි ඉන්නෙ රූකඩයක් ජනපති කරල.මොකද මෙයා කිව්වනෙ ගුවන් තොටුපළවල් වහල මිනීමරුවන්ට හොරුන්ට දුෂිතයන්ට දඬුවම් දෙනව කියල.ඔබ කොහේ ඉන්න කෙනෙක්ද කියල මං දන්නේ නෑ හැබැයි අපිනම් එදා දැක්ක රජයි උගෙ හැත්ත බුරුත්තයි රට කන ගමන් නුවර සිංහලයගෙ මුදුන් මල්කඩ ශ්‍රී දළදාව ළඟ රේස් පදිනව.එදා කරපු ජඩ වැඩ නවත්ත්වන්න අපි දිවිහිමියෙන් වැඩ කලා.බැරිවෙලාවත් රජ පැලැන්තිය ආයෙත් රජ වූයේනම් අපිටත් අබසරණයි.. එදා එව්වො කරපු ජඩ වැඩ වලට දඬුවම් දීල දැන් එව්වන්ටත් දඬුවම් කරනවානම් අපි එකගයි.
නන්දාවතී Friday, 24 November 2017 02:27 PM
පළමු පුරෝහිතත් එක්ක කරන වංචාවට තවමත් එකඟයිනේ... ඉඳහිට මූණේ පුයර ගොඩක් උලාගෙන ජනතාව ඉදිරියේ පෙනීසිට කියන සෝබන කතා තවත් එපා.
senarath Friday, 24 November 2017 03:00 PM
මෙතුමාගේ නොහැකියාව මේ ප්‍රකාශ කිරීම තුල තියෙනවා. විධායක බලතල තියෙන ජනපති කෙනෙකුට වැඩකරන්න බැහැ කියලා... බලතල අතහැරලා ජනතාව සමග එකතුවෙන්න හදන්නේ නොහැකියාව නිසායි. නායකයා නායකයෙක් වගේ කෙලින් ඉඳගෙන නිවැරදි තීරණ ගන්න ඕනේ. මෙයා යුද්ධය කාලේ හිටියානම්, තීරණේ ගන්නකොට කොටි කෑම්ප් එකම අල්ලලා ඉවරයි. ජනතාව ගත්තු වැරදි තීරණයක්.... කොහොමද පිලිපිනේ ජනපති කළ දේ. අන්න නායකයෝ.
ධම්ම Friday, 24 November 2017 03:01 PM
මොනවද මේ කියන්නේ? අප ඔබට බලය පැවරුවේ රට හදන්න මිස කයිවාරු ගහන්න නොවේ. බලය එපා නම් අපට පුළුවන්... එය ආපසු ගන්න.
Sathyayaa Friday, 24 November 2017 03:03 PM
පාලනය දූෂිත වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන කණ්ඩායමක් හැටියට දූෂිත නැහැ. එහි වර්තමාන නායකත්වය දරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිත් කිසිදාක දූෂණ චෝදනා ලබලා නැහැ. නමුත් දූෂිතයන්ව ආරක්ෂා කරනවා කියා චෝදනාව ජනතාවගේ පැත්තෙන් ඇහෙනවා. ඇත්තෙන්ම සිදුව තිබෙන්නේ හිටපු ජනාධිපති ඇතුළු ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ අය දිගින් දිගටම අපහසුතාවයට පත් කලේ මෛත්‍රීපාල සිරිසේන මහතාවයි. වල්ඌරෝ කැකුණ තැලුවහම හබන් කුකුළන්ට මගුල් කිව්ව වගේ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම තුළින් තනියෙන් බලයට ඒමේ සිහිනය සැබෑ කර ගන්න හදන්නේ දේශපාලන වශයෙන් අතරමංව සිටින ඒ ජා.පයයි. ජනතාව මේ තත්වය හොඳින් තේරුම්ගෙන එජාපය සමග ඩීල් දාන ඒකාබද්ධ විරුද්ධ පක්ෂයට නැවත බලයට ඒමට ඉඩ නොදෙන්න වග බලා ගත යුතුයි. මන්ද ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පෞද්ගලිකව පළිගැනීමත් ඉහතදී කලාක් මෙන් එජාපයේ තනි තනි මන්ත්‍රීවරුන් ලංකරගෙන ආණ්ඩුවක් පිහිටුවීමයි.
erdi Friday, 24 November 2017 03:14 PM
අපි නම් දැනගෙන හිටයා එයාව ඔතනට ගෙනාපු යූඑන්පී යට වල කපයි කියලා. නැතිනම් ගුවන් තොටුපොළවල් වහලා දඬුවම් දෙනවා කියපු කෙනාට පරණ හොරකම්, මිනීමැරුම්, වංචා, දූෂණ අමතක වුණේ කොහොමද?
de silva Friday, 24 November 2017 03:19 PM
ඔබතුමා දැන් කියනවා තිබෙන තනතුර අතහැරලා ජනතාව සමග සටන් කරනවා කියලා ඔබතුමා කතා කරන්නේ හරියට අවුරුදු 2ක් විතර නිදාගෙන ඉඳලා එකපාරටම නැගිටලා වගේනේ... රට විනාශ කල ආර්ථික හොරුන්ට විරුද්ධව මෙපමණ සාක්ෂි තිබියදී ඔය එක එක කොමිසම් දමන්නේ නැතුව හොරුන්ව අත්අඩංගුවට අරන් ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න ජනාධිපති විධායක බලතල භාවිතකර පොලිසියට අණ කරන්න, නැත්තේ මොකද? ජනතාව වන අපි ඡන්දේ දීලා ඔබතුමාට විධායක බලතල දුන්නා. දැන් ක්‍රියාත්මක වෙන එක ඔබේ වගකීමයි. දැන් ඔය වැඩේ හරියට කරන්න බැරිනම්, නැවත වතාවක් ඔබව පත්කර ගැනීමෙන් පලක් නැත.
V.warnakulasuriya Friday, 24 November 2017 03:20 PM
උපාලි මහතාගේ අදහස කාලෝචිතයි. මෙතුමා වංචාවට එරෙහි වුණාට ජනතාවට එය දැනෙන්න ඇති ප්‍රමාදය අද ගැටළුවයි. නිකරුනේ තනතුර අතහරිනවාට වඩා නිවැරදි දේ ක්‍රියාත්මක කර ගෙදර ගියත් කොතරම් වටිනවාද?
wasantha Friday, 24 November 2017 03:36 PM
අපි ඔබ සමගයි. සියළුම හොරුන්ට විරුද්ධ වෙමු.
dias Friday, 24 November 2017 03:40 PM
ඔබතුමාගේ තීරණය හරි. සියළුම හොරුන්ට දඬුවම් දිය යුතුයි.
Saman Friday, 24 November 2017 04:22 PM
එතකොට ව්‍යාපාර ගැන තියෙන ආරංචි, සිරස සමග තියෙන සම්බන්ධය බොරුද?
pubudhu Friday, 24 November 2017 04:25 PM
කබ්රාල්ගෙ නංගි ඇලෝසියස්ගේ සමාගමේ අධ්යක්ෂකමක් කරනකොට, බැඳුම්කර, වංචා නොවුනා කියා ඔබ විශ්වාස කරනවාද?
BamunuarachchiSaturday, 25 November 2017 07:47 AM
එහෙම වුණා නම් වෙනම පත්තරයක් ගහන්න වෙයි ඒ ගැන කියන්න.
Ratnamalala Saturday, 25 November 2017 12:25 AM
බම්බුව තමා. මේ අවුරුදු තුනේ පත්තර වාර්තා අරන් බැලුවනම් තේරුම් ගන්න පුළුවන් කියපු දේවල් කොච්චර නම් කොලාද කියල.
gamini Saturday, 25 November 2017 02:00 AM
ගරු අපේ ජනාධිපතිතුමාගේ දෑත් පිරිසිදුයි. අර හොරා වගේ නෙමෙයි. ඔබතුමාට ජයවේවා !!!
Palitha Saturday, 25 November 2017 02:24 AM
ඔබ මුල ඉඳලම යහපාලනයට ඔබින්නේ නැති වැඩ කලා.. අර උපදේශකයෙක් හැටියට පත්කරගෙන ඉන්න ශිරාල් කියන කෙනා.. අපේ බදු මුදල්වලින් පඩි ගෙවන්න තරම් මොනවද දෙන උපදෙස් ?
මෛත්‍රි Saturday, 25 November 2017 03:53 AM
ඉතින් අත හරින්නකෝ... බොරුවට කතා පවත්වලා හරි යන්නෙ නෑනේ... අනික රටේ උපරිම බලය තියාගෙන කරපු නැති දේවල් කොහොමද බලය නැතුව කරන්නේ...? බොරු බයිලා කියන්නේ නැතුව දැන්වත් වැඩක් කරන්න.
kumara. Saturday, 25 November 2017 05:15 AM
මෙයාගේ තියෙන්නේ ලොකු කතා එ්ත් වැඩ නෑ.
Padmini Saturday, 25 November 2017 05:52 AM
ඔබ අත්හල යුත්තේ පක්ෂ දේශපාලනයයි. අස් වෙන්න ශ්‍රී ලංකා පක්ෂ සභාපති කමෙන්. ඔබ 62 ලක්ෂයක නෙවෙයි මුළු මහත් රටේම විධායක ජනාධිපති. නිවැරදි අපක්ෂපාති තීන්දු ගන්න නම් ඔබ ස්වාධින විය යුතුයි. පරාජිත හොරු රැල ඉන්නේ කුමන ක්‍රමයකින් හෝ බලයට එන්න. සිංහල වංශ කතාවම ලියවී තිබෙන්නේ පාවා දීම තුළයි.
චිත්‍ර සිරි Saturday, 25 November 2017 06:00 AM
තමන්ට ඡන්දය දී ජනාධිපති තනතුරට පත්කළ පිරිසට එක්වරම ආප්ප කැවීමට සිරිසේන තුල ඇති දෙගිඩියාව ඔහු කරන ප්‍රකාශ වලින් පෙනෙන්ට තිබේ. ඔහු නොසන්සුන් වී ඇත. හිතේ චකිතය එළිපිටට පැන ඇත. මහින්ද සමග සාධාරණය කිරීමට එජාපයට සහ ජනවාරි 8 ව්‍යාපාරයට සහාය දුන් පිරිසට පහරදීමේ නින්දිත අරමුණෙන් කටයුතු කරමින් සිටියි. ශ්‍රීලනිප නායකත්වය කරට ගෙන සිදුකළ මහා පාවාදීමේ තාර්කික අවසානයට ඔහු පැමිණ ඇත. එය අවසන් වනු ඇත්තේ මහින්ද සමගිනි. බැඳුම්කර කොමිසමේ සැබෑ අරමුණ එවිට ඉබේම හෙලිදරව් වනු ඇත.
BamunuarachchiSaturday, 25 November 2017 07:53 AM
"ජනවාරි 8 ව්‍යාපාරයට සහාය දුන් පිරිසට" වුණු සෙත මොකක්ද කියන්න. ඇස් ඇරලා බලලා මෙතනට කොමෙන්ට් එකක් දාන්න අපිට කියවන්න. මේ වනතුරු දෙමළුන්ට සහ හම්බයින්ට හැරෙන්නට සිංහල මිනිසුන්ට සහනයක් වුණාද? රටට පොදුවේ සහනයක් වුණාද? හොරු අල්ලන්න කියලා ඇවිත් මහබැංකුවටම කෙළියා.
sahan Saturday, 25 November 2017 07:23 AM
ජනවාරි අට වැනිදා අපි ඡන්දෙ දුන්නේ මේ වගේ කෙනෙකුටද?
siri Saturday, 25 November 2017 09:17 AM
සිරිසේන, ඔයාට අත හරින්න දෙයක් තියෙනවද? බයිලා ගැහුවා හොඳටම ඇති.
Thushara Saturday, 25 November 2017 11:46 AM
රටේ ජනාධිපති වෙලත් කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්න බැරි ඔබතුමා තනතුරු අත්හැරල මොනවාද බලාපොරොත්තු වෙන්නේ? වැරදි වැඩ කවුරු කලත් ඒවා නතර කිරීම මිස ස්ටේජ් වල බයිලා කියලා නම් රටේ ජනතාවට වෙන සෙතක් නම් නෑ,
de silva berlin Saturday, 25 November 2017 07:50 PM
ඔබ බලයට පත්වෙලා ගතවුණ මාස 34 දීම එකම එක මහාපරිමාණ ආර්ථික හොරෙකුටවත් දඩුවම් දෙන්න බැරිවුනානම් , ඊට පස්සේ සිදු වෙච්ච බැදුම්කර මගඩියට සම්බන්ධ එකම හොරෙක්වත් සැකපිට අත්අඩංගුවට අරන් නඩු පවරන්න බැරිවුණා නම් අපි කොහොමද විශ්වාස කරන්නේ ඔබතුම තනතුරු අතැහැර ගෙදර ගොස් ජනතාව සමග නැවත ඇවිත් හොරු අල්ලාවි කියල , යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද ? ඔය තිබෙන විධායක බලතල භාවිත කර පුලුවන්නම් ඉතුරු වෙලා තිබෙන මාස 26 තුලදී චන්දෙට කලින් පොරොන්දු වුන පොරොන්දු වලින් 50% වත් ඉෂ්ට කරන්න බලන්න නැත්නම් ජනතව ලබන පාර වෙන කෙනෙකු පත්කර ගනීවි , එක්දහස් නමසිය අසුගනන්වල සිටපු කැපුවත් කොළ , කැපුවත් නිල , කැපුවත් රතු කියපු චන්ද ධයකයන්ගෙන් වැඩි හරියක් දැන් මිය පරලොව ගොස් ඇත. දැන් සිටින තරුණ චන්ය දායකයන්ගෙන් වැඩි හරියක් විද්‍යුත් මාධ්‍ය වලින් ගනුදුනු කරන පිරිසකි , ඔවුන්ව රැවටිය හැක්කේ එක වරකි , හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂ ජනාධිපති
Nandalal DE SILVA - France Saturday, 25 November 2017 09:15 PM
මෙයාත් බලාගෙන යනකොට හරිම ජෝකර් කෙනෙක් වගෙයි කතා කරන්නේ ! එක්සත් ජාතික පක්ෂයත්, චන්ද්‍රිකාත් එකතුවෙලා 62 ලක්ෂයක් ජනතා චන්දෙන් මුල්පුටුවට උස්සලා තිබ්බත්, මෙයාගේ මේ නෝන්ජල් කතාව පිළිකුලෙන් හෙළා දැකිය යුතු වෙනවා ! "සකල සිරින් පිරි සිරි ලංකාවේ " ඉල්ලා අස්වීම සඳහා අමුඩේ තදකරමින් කැස කවන ප්‍රථම ජනපති හැටියට අනාගත ඉතිහාස පොත් ලියන කතෘවරුන්ට හොඳ පරිච්චේදයක් ලියන්න සිරිසේන මහත්තයා නියම අවස්ථාවක් දී තිබෙන බව පේනවා. අනිත් එක්කෙනා කෙක්කෙන් හෝ කොක්කෙන් යලිත් මහ පුටුවට එන්න වළි කනවා. රටවැසියාට තවම යමක් දීමට නොහැකි වුන නිසාද මේ විදියට අභිනිෂ්ක්‍රමණය කරන්න සුදානම් වෙන්නේ ? නැත්නම් සහෝදර සංස්ථාවත් එක්ක ඩීල් එකක් ගහගෙන උන්ව ආරක්ෂා කරන්නද මේ සමයම නටන්නේ ? එහෙම උනොත් "අඩි හයක් යට යන්න වෙනවා" කියපු කතාවත් අමුලික ගජ බින්නයක් බව ඕනෑම කිරි සප්පයෙකුට උනත් තේරෙනවා ඇත. පවට පින් දෙන්න බැරිලු.....
Saman Saturday, 25 November 2017 10:56 PM
පක්ෂෙ බදාගන්න ගිය එකතමයි ඔක්කොටම මුල. පක්ෂෙ චන්ද්‍රිකාට දීල ඔහේ නිර්පාක්ෂික ජනාධිපති හටියට හිටියනම්, ඔක්කොම හරි.
Supun Saturday, 25 November 2017 11:03 PM
ජේ. ආර්. , ඩී. බී. , චන්ද්‍රිකා හැර , අනිත් අය ජනාධිපති වුනාට, පවුල්වල අයනෙ රට පාලනය කලේ.. ඔහේටත් ලඟකදි ඉඳන් තරහ යන්න පටන් ගත්තෙ දුවගෙ, බෑනගෙ දෙවල් එලියට එනකොටනෙ.
bandula Sunday, 26 November 2017 02:27 AM
මෙයා දැන් පෙත්තප්පු කෙනෙක් වගේ ඔහේ කියවනවා........දැන් තියන බලය අතාරින්නෙ මොකක්ගන්නද? , තාම හිතන් ඉන්නේ ග්‍රාමසේවක කෙනෙක් හැටියටද කොහෙද?
Shan Sunday, 26 November 2017 09:18 AM
මෙයා හිතන්නෙත් දැන්, මහින්ද හිතුවා වගේ, අපි මෝඩයෝ කියලා. කරනවා කියලා අාවේ මොනවද? දැන් කරන්නේ මොනවද? පොළොන්නරුවේ පාර්ට් අපිට දාන්න එපා, බැරිනම් පුළුවන් කෙනෙක්ට බාර දීලා මහින්දත් එක්ක විවේකයෙන් ඉන්න. 100ක් තිබුණු වැරදි හොයො දඬුවම් දෙන්න... අපි ගෙනාපු කෙනා, දැන් එක වැරද්දක් අල්ලගෙන හොරුත් එක්ක එකතු වෙන්නයි යන්නේ... ගේනවා වගේම, එලවීමටත් පටන් ගන්න වෙයි වගේ ඉක්මනින්ම. ටිකක් මතක් කරන්න මෙයා කියපුවා. වැඩි කාලයක් නෙමෙයි... 2015 දී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ගිය ආණ්ඩු සමයේ මහා හොරුන්ට දඬුවම් දීම. ස්වාධීන ජනපතිවරයෙක් ලෙස රට වෙනුවෙන්ම තීරණ ගැනීම. මේ ප්‍රධාන ඒවායෙන් එකක් කරන්න බැරි වුණානේ තාම.... බලය නැහැ කියන්න පුළුවන්ද? බෑ, මොකද පිරිමියෙක් ගැහැනියෙක් කරන්නයි, ගැහැනියෙක් පිරිමියෙක් කරන්න විතරයි බැරි මේ තනතුරට. අපරාදේ අපේ සල්ලි, මේ වගේ මිනිස්සු නඩත්තු කරන්න වියදම් කරන....
BamunuarachchiSunday, 26 November 2017 12:12 PM
ඔව්, ඔබලා මෝඩයෝ කියලා එයා දන්නවා. මෙයාට තනියම මෙතනට එන්න බැරිබව මෙයා දන්නවා. ආවෙ කාගෙවත් වුවමනාවකට.. ඒ ගොල්ලන්ගේ කර උඩින්. එහෙව් කෙනෙකුට ඡන්දය දීපු ඔබලා මෝඩයෝ නේද? මොකද මෙයා මෙතනට එනවිට රට ගැන විෂන් එකක් තිබුණෙ නැහැ. එකම වුවමනාව තිබ්බේ මහින්ද පරද්දන්න. ඒක කළා. එතැනින් එහාට මොනවද රටට කරන්නේ කියලා එයා දන්නෙත් නැහැ. අර 62 ත් දන්නෙත් නැහැ. දැන් නන්නත්තාර වෙලා. සැලසුම් සහගතව කළෞ එකයි. ඒ මහබැංකු මංකොල්ලය පමණයි. මෙතන එක යූඑන්පී කාරයෙක් කියනවද මේ ආණ්ඩුව රටට කළ එක හොඳ දෙයක්... කියන්න නැහැ.
BamunuarachchiSunday, 26 November 2017 12:53 PM
"අපි ගෙනාපු කෙනා," හා හා ඔයගොල්ලොද මෙරට නන්නත්තාර කලේ. කියන්න මේ අවුරුදු 3 ට මොනවාද මෙයාලා කලේ කියලා? හරිගියේ දෙමළුන්ටයි, මුස්ලිම්ලටයි හලෝ... මේ ගොල්ලන්ට රටට කරන්න දෙයක් හිතාගන්නවත් බැහැ. මොකද මේ ගොල්ලෝ දිනයි කියලා හිතුවේ නැහැ. ඒ නිසා මේ ගොල්ලනට රට ගැන විෂන් එකක් තිබ්බේ නැත. ශාන් ඔබට මන්ත්‍රී කෙනෙක් වෙන්න ආසාව තිබුනානම් ඔබ ඊට අවුරුදු ගාණක් සූදානම් වෙනවා... මන්ත්‍රී කෙනෙක් වෙලා මොනවාද කරන්නේ... කියන දැක්ම ඔයාට තිබෙනවා. එහෙම නැතුව හෙට ඔබව මන්ත්‍රී පුටුවේ කවරුහරි තිබ්බොත් ඔබ නන්නත්තාර වෙලා වටපිට බලනවා හැරෙන්නට වෙන කරන්න පුළුවන් බම්බුවක් නැත. එකයි සිරිසේනට වෙලා තිබෙන්නේ. හීනෙන්වත් නොසිතූ තැනකට මාස ගණනකින් පැමිණියා. ශාන් ඔබලාට නිදහස්ව සිතන්න ශක්තියක් නැත.
de silva Sunday, 26 November 2017 12:08 PM
සහන් සහ නන්දලාල් සිල්වා යන මහත්වරුන්ගේ අදහස මමත් අනුමත කරමි. රටේ වැඩි දෙනෙකුට මේ ආඩපාලි කතා අහගෙන ඉඳලා හොඳටම ඇති වෙලා. පහුගිය කාලේ තිබුණු සහෝදර සමාගම එකතුවෙලා ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කරගන්න ගමන් යුද්ධය නිමා කළා. අධිවේගී මාර්ගය ඇතුළු රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කළා. මේ සහෝදර සමාගමේ අාර්ථිකය නම් ටිකෙන් ටික වර්ධනය වෙමින් තිබෙන නමුත් රටේ ආර්ථිකය දිනෙන් දින වල පල්ලට යන බව නම් පෙනෙනවා.
Bamunuarachchi Sunday, 26 November 2017 12:39 PM
"මෙයා හිතන්නෙත් දැන්, මහින්ද හිතුවා වගේ, අපි මෝඩයෝ කියලා." ඒ දෙන්නම හරි "කරනවා කියලා අාවේ මොනවද?" මම දන්නා විදිහට නම් කීවේ මහින්ද රටේ විසාල ධනයක් හොරකම් කළා... ඒවා අල්ලලා ඒ ගොල්ලන්ව හිරේ දාන්නම් කියලා. "දැන් කරන්නේ මොනවද?" ඉතින් හලෝ හොරකම් කරලා තිබෙන්නත් ඕනේ, හොරකම් කරපු ධනයක් තිබෙන්නත් ඕනේ අල්ලන්න. සිරිසේන ඒ ආණඩුවේ සිටිය නිසා මහින්ද හොරකම් කලානම් දන්නවා කොහොමද හොරකම් කලේ කියලා. ඉතින් මෙයාට අල්ලන්න බැරි එක්කෝ මහින්ද හොරකම් කලේ නැහැ. නැතිනම් මෙයාගේ හොරකම් එලිවෙයි කියලා බයයි. "බැරිනම් පුළුවන් කෙනෙක්ට බාර දීලා මහින්දත් එක්ක විවේකයෙන් ඉන්න" අපිත් බලන්නේ කව්ද පුළුවන් එක්කෙනා කියලා. මහින්ද හැරෙන්නට මේ සක්වලේ ලංකාව පාලනය කරන්න පුළුවන් කෙනෙක් නැහැ. කව්රු හරි හිතනවා නම් රනිල් කියලා කෙනෙක්. ඒවා ලෝකෙම දැක්කා.
Sam Sunday, 26 November 2017 02:04 PM
මලකෙළියයි !!! ඔබතුමා අායෙත් අාප්ප කන්නද යන්නේ? පව් අර 62 ලෂයයි, සාධාරණ කාරයෝ ටිකයි, එන්ජීඕ කාරයෝ ටිකයි, සමරිසියෝ ටිකයි... දමිළ ඩයස්පෝරා එකේ ඉල්ලීම් ටිකකට මොකද කරන්නේ මහත්තයෝෙ?