IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ්

(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)
 
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී පොදු දේපොළ විනාශ කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා ලබන 19 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
 
තවත් සිසුන් අට දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය කීවේය.
 
මුලින්ම 11.30ට පමණ කැඳවූ අතර දහවල් 1 පමණ වන තුරු නඩුවේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම් සිදු විය. යළි දහවල් දෙකට පමණ පැමිණිල්ල කැඳවූ අතර සවස හතර පමණ වනතුරු කරුණු ඉදිරිපත් කිරීම් සිදු විය.
 
පැමිණිල්ල වෙනුවෙන් පොලිසිය සමඟ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය.
 
නඩුවේ පළමු , සිව් වැනි සහ පස් වැනි සැකකරුවන් වෙනුවෙන් නීතීඥ රෙක්සි පියදාස මහතා සමඟ ගාමිණී ඒකනායක මහතා ද, දෙවැනි සැකකරු වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, චතුර වෙත්තසිංහ, ජයන්ත දෙහිඅත්තගේ සහ අසිත සිරිවර්ධන මහත්වරු ද, තුන් වැනි සැකකරු වෙනුවෙන් නීතීඥ ධම්මික මහතා ද පෙනී සිටියහ.
 
සිකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් නීතීඥවරු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළහ.
 
මෙම සැකකරුවන් පොදුදේපොළ පනත යටතේ නඩුව අවසන්වන තුරු රිමාන්ඩ් බාරයේ තැබිය හැකි බවත්, සුවිශේෂී කරුණු නැතිනම් ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසත් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥවරයා ඉල්ලා සිටියේය.
 
සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ බව තීරණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 19 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.



අදහස් (7)

ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ්

kumar (galf) Wednesday, 05 July 2017 12:35 PM

හොඳ වැඩේ.... නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.

:       0       270

Jehaan Wednesday, 05 July 2017 01:20 PM

අන්තිමේ බලනකොට අධි වේගයේ යන මේ ගොල්ලන්ගෙයි, නළු-නිළියන්ගෙයි වෙනසක් නැහැ... රටට කල දෙයක් නැත. පුවත් මව මවා අනුන්ගේ කාලය කා දමනවා ඇරෙන්න...

:       0       94

lalith Wednesday, 05 July 2017 02:18 PM

මේ කියන පුද්ගලයා එළියේ තියලා අහිංසක කොල්ලන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා රටට කෝටි ගණන් පාඩු කරගන්නවාට වැඩියෙන්, ඔහොම තියලා ඕනෑ නම් වායු සමනය කරපු කමරයකුත් දීල තුන්වේලටම බුරියානි කන්න දුන්නත් රටට ලාබයි වගේ....

:       5       205

migidaWednesday, 05 July 2017 08:52 PM

ලලිත්, ඒකට සම්පූර්ණයෙන්ම ඒකඟයි. සරසවියට සහමුලින්ම දේශපාලනය තහනම් කරන්න හරිහමන් ආණ්ඩුවක් බිහිවෙලා නැහැ.

:       0       417

migida Wednesday, 05 July 2017 08:43 PM

අසරණ දරුවන් අගතියට පත් කරන අයට නිසි දඬුවම් දියයුතු බව මගේ ඒකායන අදහසයි.

:       0       0

Susil Thursday, 06 July 2017 02:32 AM

තව නිව්ස් එකක තිබුන මෙයාට වයස 32 යි, ලමයි දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක් කියල, එහෙමනම් මොනවද තවම විශ්ව විද්‍යාලෙ කරන්නෙ ?

:       0       80

සමනයා Thursday, 06 July 2017 03:58 AM

පසුගිය ඉරිදා පුවත් පතක තිබුන ගොඩනැගිල්ලට හානිකලේ STF කියල. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩකරන අය කියන්නෙත් එ්කයි. අපි නම් දැක්කේ නැහැ. නමුත් සිසුන්ට වටකරලා යන්න නොදී ගැහුවා කියලත් කියනවා. සිසුන් කඩනවා බිදිනවා දර්ශන ITN එකේ තිබුනෙත් නැහැ. ඒ කියන්නේ සිසුන් කැඩූවේ නැහැ කියන එකද? සත්‍ය ජය ගනීවා...නමුත් ප්‍රමාද නොවේවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1886 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 961 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 761 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 361 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 628 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 569 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site