IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ලෙස්ටර් සමුගනී

(නාලක සංජීව දහනායක)

හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රණය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අද (29) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රප්ත වූ බව ඉතා සංවේගයෙන් යුතුව වාර්තා කරමු.

චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු, තිරකතා රචකයකු හා විත්‍රපට නිෂ්පාදකවරයකු වූ ආචාර්ය පීරිස් මහතා මිය යනවිට 99 වැනි වියේ පසු විය.

1919 අප්‍රේල් 5 වැනිදා දෙහිවලදී ෆැරැන්සිස් පීරිස් මහතාට හා ඈන් ගෙස්ට්‍ර්යට් විනිෆ්‍රච් ජයසූරිය මහත්මියගේ පුතණුවන් ලෙස ආචාර්ය පීරිස් මහතා උපත ලැබීය. පියා වෛද්‍යවරයකු වූ අතර මව උපාධිධාරිනියක වූවාය. ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට එරිකා, අයිවන් සහ නොයෙල් යනුවෙන් සහෝදර සහෝදරියෝ තිදෙනෙක් වූහ.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හෙතෙම 17 වැනි වියේ දී ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍යවේදය තෝරා ගත්තේය. ඔහු ප්‍රථමයෙන්ම ඬේලි නිව්ස් පුවත් පතේ අතිරේකයක් සංස්කරණය කළේය.

1939දී ඔහු ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතෙහි ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ද කෙටි කලක් වැඩ කළේය.       
     
1947 වසරේදි එංගලන්තයට ගොස් කලාව පිළිබඳ වැඩිදුර හැදෑරීය. 1952 වසරේදී නැවැත ලංකාවට පැමිණි ලෙස්ටර් මහතා රජයේ චිත්‍රපට අංශයේ කළමනාකරුවකු වශයෙන් සේවය කළ විලී බ්ලෙක් හා ටයිටස් තොටවත්ත මහත්වරුන් සමඟ එකතුවී වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් විය.

එම උත්සාහය දේශීය සිනමාවේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් විය.  එහි ප්‍රතිඵලයක් ලෙස 1956 වසරේදී ගැමි තේමාවක් වස්තු විෂය කරගත් රේඛාව චිත්‍රපට නිර්මාණය කළේය. එළිමහනේ රූගත කළ පළමු සිංහල සිනමා පටයද එය වේ.

අනතුරුව ඔහු අතින් තවත් විත්‍රපට රාශියක්ම නිර්මාණය විය. සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, නිධානය, දෑසනිසා, මඩොල්දූව, අහසින් පොළවට, වීර පුරන් අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වළව්ව ආදි සිනමාපට අධ්‍යක්‍ෂණය කළ අතර 2006 වසරේදී තිරගත වූ අම්මාවරුනේ සිනමාපටය ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ අවසන් සිනමා පටයවේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1975 වසරේදී ද ‘ගෝඞ් කිං’ නැමැති ඉංග්‍රීසි සිනමාපටය අධ්‍යක්‍ෂණය කළ අතර තවත් කෙටි චිත්‍රපට කිහිපයක්ද අධ්‍යක්‍ෂණය කර ඇත. ඔහුගේ සිනමාපට දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබීය.

1981 වසරේදී  බැද්දේගම සහ යුගාන්තය යන චිත්‍රපට දෙකම ප්‍රංශයේ කෑන්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර බැද්දේගම චිත්‍රපටය එම වසරේදීම ලන්ඩන් සිනමා උළෙලද නියෝජනය කළේය.

යුගාන්තය සිනමා පටය මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, එයට මෙරටදී හොඳම අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ජනාධිපති සම්මානයද හිමිවිය.

1997 වසරේදී ගෝල්ඩන් ලයන් සම්මානය, 2000දි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී මයුර සම්මානය, 2001 වසරේදී ආසියානු සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ස්වර්ණ පද්ම සම්මානය සහ 2002 දී ආසියානු සිනමා සංස්කෘතිය පිළිබඳ සම්මානයද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිවිය.

1964 වසරේදී ප්‍රවීන සිනමාවේදීනි සුමිත්‍රා ගුණවර්ධන (පසුව පීරිස්) මහත්මිය සමඟ විවාහ විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.  

 



අදහස් (14)

ලෙස්ටර් සමුගනී

A.Samathasena. Sunday, 29 April 2018 04:55 PM

හෙළ අම්බරයේ මහා සිනමා පහන් තරුව නිවී ගියේය. මහා සිනමා කලාකරුවාණෙනි, විද්වතානෙනි, ඔබතුමා නොමැති සිනමාවක් ගැන කෙසේ සිතමුද ? ඔබතුමා ශරීරයෙන් අප අතැර ගියත්, ඔබතුමා අප හදවත් තුල සැමදා වැඩ සිටිනු ඇත.

:       122       220

lashanSunday, 29 April 2018 10:55 PM

මහා සිනමා කලාකරුවාණෙනි, විද්වතානෙනි, ඔබතුමා නොමැති සිනමාවක් ගැන කෙසේ සිතමුද ?

:       5       1

Sapumal.Monday, 30 April 2018 03:10 AM

සත්‍ය වශයෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වියෝව අපහට දැරිය නොහැකි පාඩුවකි.

:       0       44

ජගත් ලියනගේ Sunday, 29 April 2018 06:00 PM

අසහාය චිත්‍රපට අධ්‍යක්ෂක වූ එතුමාට නිවන් සැප ලැබේවා.

:       0       20

THILINA Sunday, 29 April 2018 06:27 PM

ඉන්දියානු සිනමාවේ දැඩි ග‍්‍රහණයට හසුව සිටි සිංහල පේ‍්‍රක්‍ෂකයන් අතර රේඛාව එදා ජනපි‍්‍රය නොවූවත් ඉන් සිංහල සිනමාවට සිදුවූ බැලපෑම සුළුපටු නොවන්නකි. කලාත්මක රීතියක් දේශීය සිනමාව තුළ බිහිකළ ,දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අදියුරාණන් හා ශ්‍රී ලාංකේය සිනමාව හා පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවයකි. ශ්‍රී ලංකේය සිනමාවේ නිධානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යන්න අවිවාදිතය. සිංහලයේ මහා සිනමා අදියුරාණනි, විදග්ධයාණනි , විභුධයාණනි, තවත් එක්වරක් මේ ස්වර්ණ වර්ණ පිං බිම ස්පර්ශ කරණු මැනව!!!

:       14       19

රජින්ද Sunday, 29 April 2018 06:37 PM

මෙලොව පවතින සියලු සංස්කාරයෝ අනිච්ජ වෙති. ඒ ධර්මතාවන් තුල අකම්පිතව සිටීමට අපට තවම නොහැකි උවද, ඔබතුමාණන්ගේ කලා කෘති තුල මතුකළ ඒ ධර්මතාවයන් ඔබතුමා වටහාගත් ඒ ලෝකය හෙලිකල කැඩපතක් බඳු විය. ඉදින් ප්‍රිය සම්භාවනීයයාණෙනි.. සුවහසක් බන්දු මිත්‍රයන්ගේ දෙඋර මතින් නික්මෙන්නට නියමිත ඔබතුමානන්ගේ දේහය ස්වභාවධර්මයාට එක් වුවද ඔබේ ආත්මයට අමෘත වූ ප්‍රනීත වූ නිර්වාණ ධාතුවේ සැපයම ලැබේවායි පහන් සිතින් පතමු.. සිනමාවේ කල්‍යානමිත්‍රයාණෙනි සුබ ගමන්...!!!

:       230       203

ravi Sunday, 29 April 2018 09:56 PM

සිංහල සිනමාව නව මගකට යොමු කල අද්විතීය සිනමා කරුවාණෙනි ,ඔබට නිවන් සුව පතමු !

:       0       0

Rasika Monday, 30 April 2018 12:23 AM

දේශීය කලාවට ඔබ කල විශිෂ්ට සේවයට ඔබට ගොඩක් පින්. ඔබ වැනි විශිෂ්ට චරිත මේ රටේ මින් ඉදිරියට බිහි වේවිද ? ඔබට අමාමහ නිවන් සුව පතන්නෙමු !!!

:       0       0

ආර්.එම්.එල්.රත්නායක. Monday, 30 April 2018 01:53 AM

පත්තරය කියවන්න බැහැ. හැම වෙලාවෙම ඇඩ් එක බලල එපා වෙලා.

:       0       50

සතයපාල Monday, 30 April 2018 03:59 AM

ආසියාවේ මහා සිනමාකරුවන් තුන්දෙනා අතර සිටි සිංහල සිනමාවේ අතිවිශිෂ්ඨම අධයක්ෂකවරයා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහාතානණී ඔබට නිවන් සුව පතමී.!

:       0       6

Piyumi Sashikala Monday, 30 April 2018 07:46 AM

මහතාණෙනි ඔබට නිවන් සුව පතමි.!

:       0       0

Nalaka Monday, 30 April 2018 07:50 AM

ඔබට නිවන්සුව ලැබේවා..!

:       0       0

Asanka Monday, 30 April 2018 09:09 AM

කලාකරුවෝ සිටිති. නමුත් මහා කලාකරුවන් විය හැක්කේ කිහිප දෙනෙකුට පමණි. ඒ සඳහා ජීවිතය හඳුනාගත හැකි මහා හදවතක් මෙන්ම අලුත් තාක්ෂනය නවීන ලෝකය පිළිබඳ හොඳ ඉවක් දැනුමක් ද තිබිය යුතුය. සිනමා උළෙලවල් ගැන පමණක් ඉව තිබුනාට මදිය. ‘අනේ මං ඔය අලුත් ගැජට් බැජට් ගැන නම් දන්නේ නෑ‘ යි කියන කලාකරුවන් යැයි කියා ගන්නා පංචස්කන්ධ අපට කොතෙකුත් හමුවී ඇත. සත්‍ය වශයෙන්ම ඒ ඔවුන්ගේ නිහතමානී කම නොවේ. ගොං කම ය. ලංකාවේ උසස් පෙළ පාසැල් සිසුන්ට ‘ටැබ්‘ අවශ්‍ය නැතැයි කියා එය තහනම් කළ පාලකයා ද අංක එකේ ගොනෙක් වන්නේ ඒ අනුව ය. ලෙස්ටර්ගේ අභාවයෙන් ලංකාවේ ජනාධිපතිවරුන් අමාරුවේ වැටී තිබේ. වසර ගානක් තිස්සේ උපන් දිනයට කැමරා කරුවන්ද සමග දුවගෙන ගොස් කේක් කපා මාධ්‍ය වල ප්‍රචාරය කර අනුන්ගේ කීර්තියෙන් බැබලීමට දැන් ලෙස්ටර් කෙනෙක් නැත. වෙනත් කෞතුක කලාකරුවෙකු සොයා ගැනීමට හෙට සිට ජනාධිපතිවරුන්ට සිදුවනු ඇත. ලෙස්ටර් ජේම්ස් පීරිස් නමැති ඒ මහා කලාකරුවා තම දීර්ඝ සේවය නිමවා යන්න ගියේ ය. පේන තෙක් මානයක එවැනි දීර්ඝ සේවයට සූදානම් අයෙකු සිංහල සිනමාවේ නම් පෙනෙන්නට නැත

:       0       3

sanjeeva Tuesday, 01 May 2018 09:15 AM

දෙවියන්ගේ කැමැත්ත අනුව සෑම දෙයක්ම සිදු වුණා. ඔබතුමා සමාදානයෙන් සැතපේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1647 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 647 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1051 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 985 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 376 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 561 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site