IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මසකට ලක්ෂ 5ක දීමනාවක්

ඩයනා උදයංගනී
 
ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප‍්‍රතිකාර කටයුතු සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5 බැගින් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

 
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබූ අතර, තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත  ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහු වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර එහිදී එතුමා වෙත මේ බව දැනුම් දුන්නේය.
 
දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සදහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් අනුමැතිය ද ලබා ගත්තේය.
 
යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා පිරිනැමීය.
           
නීතිය හා සාමය අමැති රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද   මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 



අදහස් (13)

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මසකට ලක්ෂ 5ක දීමනාවක්

Sarath Silva Thursday, 05 April 2018 02:21 PM

ප්‍රමාද වී හෝ කල මෙම උතුම් ක්‍රියාවට ජනාධිපතිතුමාටත් රජයටත් අපගේ ප්‍රණාමය! ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

:       269       533

[email protected] Thursday, 05 April 2018 02:23 PM

බලන්නකෝ ඕකට ඇහේ කටු ඇන්නා වගේ කට්ටියක් ඉදි.

:       236       205

සතයපාල Thursday, 05 April 2018 04:32 PM

සත පහක් වටින්නේ නැති දේශපාලකයන් නඩත්තුවට මාසයකට කෝටි ගණන් වියදම් කරන රටක මෙතුමා වෙනුවෙන් ලක්ෂ පහක මුදලක් වෙන් කිරිමට හෝ උනන්දුවීම හොද දෙයක්.

:       7       211

maheshika Thursday, 05 April 2018 09:23 PM

මුදල පරමාර්ථය කරනොගෙන වටිනා චිත්‍රපටි රටට දායාද කල මෙතුමන් වෙනුවෙන් කරන මේ මුදල් පරිත්‍යාගය ඉතාමත් අගය කොට සලකමි.

:       29       97

layman Friday, 06 April 2018 12:49 AM

කොපමණ හොදද? ආණ්ඩුවම පිලිගන්නවා වයසට ගියාම අත්වන වියදම් ප්‍රමාණය. එහෙනම් විශ්‍රාමිකයන්ගේත් බදු නැති කරලා දාන්නකෝ. හැමෝටම ශරීරය නඩත්තු කිරීමට යන වියදම එකවගේ නේද?

:       10       1627

lal Friday, 06 April 2018 12:56 AM

ඉතා උතුම් ක්‍රියාවක්. ස්තුතියි ජනපති තුමනි.

:       56       41

ajithkaru Friday, 06 April 2018 01:44 AM

මෙම කාර්යය ඉතා අගය කල යුතු දෙයක්.

:       51       38

Sayimon Friday, 06 April 2018 02:35 AM

විශ්‍රාමිකයන්ගේන් බදු අය කරන්නේ නැහැ නේද?

:       0       15

theshan Friday, 06 April 2018 03:17 AM

මේ වගේම වියපත් වෙලා ඉන්න අපේ අනෙක් කලාකරුවන් ගැනත් හොයල බලලා විශ්‍රාමික වැටුපක් දුන්නොත් හොඳයි නේද. අද සමහර කට්ටිය අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නවා. සමහර නිෂ්පාදකවරු වැඩ අරගෙන පොලු තියනවා.

:       3       6

silva Friday, 06 April 2018 03:21 AM

මේ මුදල් පරිත්‍යාගයෙන් කියවන්නේ කුමක්ද? වයසක මහතෙකුට ජීවත්වීමට ලක්ෂ 5 වත් අවශ්‍ය බව රජය පිලිගත්බව නේද? මේ ගෙවීම කරන්නේ අනෙක් විශ්‍රාමිකයාගේ පොලි මුදලට බදු අයකරගෙන නේද? කරුණාකර අපිට රජයේ මුදල් එපා. අපේ බැංකු පොලිය අපිට දෙන්න බදු ගහන්නේ නැතිව.

:       3       119

abaran Friday, 06 April 2018 03:23 AM

ඉතා අගනා ක්‍රියාවක්. මම දකින්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන පුද්ගලයා හැටියට නොවේ.. වයෝවෘද්ධ භාවයට පත් උණු තවත් මනුස්සයෙක් දෙස බලන ආකාරයටයි. මෙවැනි අය වගේම කිසි හව්හරනක් නැති උදවිය ඕන තරම් හොයා ගත්තහැකි අපේ රටේ. ඒ උදවියටත් මෙවැනිම සත්කාරයක් කරන්න...

:       18       10

Sanath Friday, 06 April 2018 04:39 AM

මේක පූර්වාදර්ශයට අරගෙන අනෙකුත් චිත්‍රපටි නිර්මාණකරුවොත් මාසෙකට ලක්ෂ 5 ගානෙ ඉල්ලාවිද මන්ද.

:       0       2

පිටිගල මිලානෝ Friday, 06 April 2018 09:08 AM

රජකාලේ නම් කඩේ ගිය නළුවෝ විතරයි රජයේ වරප්‍රසාද, වරදාන ලැබුවේ. ආයුබෝන් මහරජා කියලා ප්‍රශස්ති ගී ගැයූ ළමයෙක්ගේ නමින් පාරකුත් හැදුවා.

:       4       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 403 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 152 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 216 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 257 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 386 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 884 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site