IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලෙස්ටර්ගේ අවසන් කටයුතු බදාදා නිදහස් චතුරස්‍රයේදී

(සමන්ත යහම්පත්)

සිනමාවේදී  ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු  පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව  බදාදා (02)   කොළඹ නිදහස් චතුරස්‍රයේදී  සිදු කෙරේ.  

කොළඹ පෞද්ගලික රෝහලකදී  ඊයේ (29)  රාත්‍රියේ අභාවප්‍රප්ත වූ ඒ මහතාගේ දේහය  මේ වන විට බම්බලපිටිය, ලෙස්ටර් ජේම්ස් පීරීස් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. 

චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු මෙන්ම තිරකතා රචකයකු ලෙසින් ලෝ පුරා කීර්තියට පත් ආචාර්ය පීරිස් මහතා මිය යනවිට 99 වැනි වියේ පසු විය.

බදාදා පෙරවරු 10.00 ට බම්බලපිටිය නිවසේදී  කතෝලික ආගමික වතාවත් සිදු කිරීමෙන්  අනතුරුව දේහය ජාතික චිත්‍රපට සංස්ථාව කරා ගෙන යනු ලැබේ. එහිදී කලාකරුවන් දේහය බාර ගැනීමට නියමිතය.

අනතුරුව මහජන ගෞරවය සඳහා මධ්‍යාහ්න 12.00 සිට පස්වරු 3.00 දක්වා දේහය  නිදහස් චතුරස්‍රයේ  තැන්පත්  කෙරේ. පස්වරු 3.00 ට අවසන් ගෞරව උත්සව සභාව ආරම්භ වෙයි. ආදාහනය පස්වරු 6.00 ට කිරීමට නියමිතය. 

ඡායාරූප හා වීඩියෝ  - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (3)

ලෙස්ටර්ගේ අවසන් කටයුතු බදාදා නිදහස් චතුරස්‍රයේදී

සතයපාල Monday, 30 April 2018 10:19 AM

එදිනට ජාතික ශෝක දිනයක් ලෙසට නම් කරන්නට පුලුවන්න්ම් වඩාත් සුදුසුයි!!!!!!!!!!!!!!!!!!!!

:       61       61

SanathMonday, 30 April 2018 11:47 AM

ජාතික ශෝක දිනයක් කරන්න යම් කිසිවෙක් මේ රටට ඉතා වැදගත් කාර්යභාරයක් කරලා තියෙන්න ඕන. ඔහුගේ චිත්‍රපටි වලින් අපේ රටේ මිනිස්සුන්ගේ ගුණාත්මක භාවය සැලකියයුතු ප්‍රමාණයකින් වැඩි දියුණු වුනා කියල මං නම් හිතන්නේ නැහැ.

:       43       358

Upali Monday, 30 April 2018 03:50 PM

ලෙස්ටර් නම් ශ්‍රේෂ්ඨයි. ඒ පිළිබඳ නොදන්නවුන් අමන කතා කියා පව් පුරවා ගන්න එපා කියලා කියන්න කැමතියි. එතුමාගේ සිනමා ජීවිතයෙන් කළ නිෂ්පාදන වලින් ලක් වැසි බුද්ධිමත් ළමා, තරුණ, මහලු සැවොම ලබා ගත් අවබෝධය සතුට, ළමා වියේ දඟකාරකම්, සදාචාරත්වය, ජාතිහිතකාමිත්වය, නාගරිකකරණයේ ප්‍රශ්න, ආගමික මෙහෙය, තරුණ ආදරය, සමාජ අසාධාරණත්වය, අද්භූත විශ්වාස වලින් සිදුවන හානි... මේ සියලු දේ ඇතුළත් වුනා. රේඛාව, සන්දේශය, ගම්පෙරලිය, යුගාන්තය, රන්සලු, ගොලුහදවත, දෙලොවක් අතර, මඩොල්දූව, නිධානය, පුරන් අප්පු හොඳ උදාහරණ වේ. නොදන්නකම සමාව ලැබිය හැකි වරදක් වුවත් නොදැන විවේචනයට සමාව දිය නොහැක. එහෙම කරන්න එපා. කරුණාකර නොදන්නා අය කමෙන්ට්ස් නොකර බුද්ධිය මෙහෙයවා යූටියුබ් බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 127 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 269 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1153 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 151 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 352 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 324 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site