IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට


 
( තිළිණි  ද සිල්වා  සහ රංජන්  කටුගම්පොළ)
 
සිල් රෙදි නඩුවට අදාළව ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ලලිත් වීරතුංග මහතා විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සම අද (2) අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි. 

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කාංචන රත්වත්තේ මහතා පැවසුවේ තම සේවාදායකයාට රාජකාරී සහ පෞද්ගලික හේතුන් මත  ඕස්ටේ‍්‍රලියාවේ සහ කටාරයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති බවයි.

දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 20 වැනි දා සිට අපේ‍්‍රල් 30 වැනි දා දක්වා කාල සීමාව සඳහා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සියලූ කරුණු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට තීන්දු කළේය.

කටාරයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ පෞද්ගලික සංචාරයකට විදෙස් ගත වීමට අවසර ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබේ.
 



අදහස් (8)

ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Chanak Los angeles Saturday, 03 March 2018 12:07 AM

රටේ දේපොළ හොරාකන වංචාකරන අයට යන්න වෙන්නේ ඕස්ට්‍රේලියා නොවෙයි නරකාදියටයි.. පුදුම වැඩේ කියන්නේ මෙවැනි තුච්ඡ වැඩ කරලත් මොවුන් අායෙමත් රට කරන්න ඉල්ලන එකයි, මැටි ජනතාව මොවුන්ට කඩේ යන එකයි නේ කරන්නේ..

:       713       401

shantha devapriyaSaturday, 03 March 2018 11:19 AM

චානක නොදන්නා මගුල් කතාකරන්න එපා. නඩුවේ කොහේද කියලා තියෙන්නේ වීරතුංග හොරකම් කළා කියලා.. තමුන් ඇමරිකාවට වෙලා අපේරට හදන්න කතා කරන්න පොර ටෝක් දාන්න එපා. ලලිත් මේ රටට ලොකු සේවයක් කරපු නිලධාරියෙක්. ගිහාන් කුලතුංග විනිසුරු තීන්දුවේ කියලා තියනවා මේ අය සතයක්වත් හොරකම් කරලා නැහැ කියලා. තීන්දුව දුන්නේ ඇයි කියලා මේ රටේ ඕනේ පොඩි එකෙක් දන්නවා..

:       326       482

Ajith NissankaSaturday, 03 March 2018 06:37 PM

මේ රටේ ඕනේ පොඩි එකෙක් උනත් දන්නවා කිව්වට අපි නම් දන්නේ ලලිත් වීරතුංග හිරේට නියම කලේ මැතිවරණ නීති උල්ලංගනය කරලා සිල් රෙදි අර පවුලේ බුදලයෙන් බෙදුවා වගේ මිනිස්සුන්ට දුන්න කියල. ඒක අර රජ පවුලේ දෑත ශක්තිමත් කරන්න හදන අය‍ට මහා වීරකමක් උනාට පැහැදිලි වංචාවක් තමයී.

:       133       108

Chanak Los angelesSunday, 04 March 2018 07:48 AM

කරුමේ කියන්නේ ශාන්තලා තවමත් කරුවලේ අත පත ගාන එකනේ..

:       0       0

kumara silvaSunday, 04 March 2018 05:11 AM

දැන් නඩු තීන්දු දෙන්නේ ආර්.ඩඩ්ලිව්ගේ උපදෙස් පරිදියි. කට්ටියකගේ උපදේශ පරිදි කියලා මුළු රටම දන්නවා. රජයේ නිලධාරීන් කුහකකමට හිරේදලා දැන් රටේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. මහබැංකු හොරකම දැක්කහම රටම දන්නවා කව්ද හොරු කියලා..

:       0       52

jayanaath Saturday, 03 March 2018 02:03 PM

චානක ඇමෙරිකාවේ ඉන්න නිසා තිරය පිටුපස ඇති ' කළු තොරතුරු ' නොදන්නවයි කියමුකෝ..!!! අර ශාන්ත කිව්වා වගේ ලලිත් වීරතුංගගේ කිසිම වැරැද්දක් නැතිද..? මොන දේකටද ඔහුට අච්චුකලේ..? යකාගේ නඩුකාරයෝ නොවැ ලංකාවේ ඉන්නේ. ප්‍රබල ,ලොකු බලවන්තයන්ගේ වැරදි වලට ආණ්ඩුවට ඕන විදිහටයි, තමනට හිතෙන හැටියටයි නඩු තීන්දු දෙන්න පුළුවන් අපූරු විකාර නීතියක් නොවේද ලංකාවේ තිබෙන්නේ..? පොඩි මිනිහ උසාවියේ ඈනුමක්, කිවිස්සක් ඇරියත් කූඩුවේ දාන නඩුකාරයෝ, ලොක්කන්ට ඕනෑ විදිහට නීතිය නවන අපූරුව...! 'අච්චු ලැබූ හිර කාරයෙකුට' විදෙස් සංචාරයකට අවසර දීලා නිකම්ම...! මෙයා අපහු ආවේ නැතිව අර උදයංග වගේ රටට කොකා පෙන්න පෙන්න හිටියොත් මේ දීපු නඩුකාරයා රටට වග කියනවද..?. මේ ගෝත්‍රික රටේ හැමෝගෙම වැඩ... ලංකාවේ මිනිස්සු හාවෝ වගේ රවටනවා... ඒ මදිවට මිනිසුනුත් රැවටෙනවා ඉවරයක් නැහැ....

:       0       1

Prabath Sunday, 04 March 2018 05:06 AM

අපේ රට වලපල්ලටම යන රටක්. මොකද සිල් රෙදි හොරකමෙන් මහජන මුදල් කෝටි ගාණක් හොරකම් කරලා නාස්ති කළ බව ඕනෑම අයෙකුට තේරෙනවා. නමුත් අපේ රටේ කරුමෙට හොරකම් කරපු මුදල් කෝටි ගණන් ගත් අයට මේ වෙනකොට කිසිම දඬුවමක් නැහැ. තව ආලෝක වර්ෂ දහයක් ගියත් මේ කරන හොරකම් මහදවල් පෙනිපෙනී මේ මෝඩ මැටි මහජනතාව නැවත මේ අයව බලයට ගෙන එකනේ වැඩේ....

:       0       1

Ajith Nissanka Monday, 05 March 2018 04:48 AM

අපේ රටේ කරුමෙට හොරකම් කරපු මුදල් කෝටි ගණන් ගත් අයට මේ වෙනකොට කිසිම දඬුවමක් නැහැ විතරක් නෙවෙයී ඒ අයව වැඩි ඡන්දයෙන් ආපසු පත්කරගන්නවා. දඩුවම් දෙන්න තියා අත් අඩංගුවට වත් ගන්න දෙන්න එපා කියල නීතියෙන් ඉල්ලනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 302 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 851 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2223 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2479 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 726 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 304 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site