IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලියවිලි දෙන්නත් කලින් හැඳුනුම්පත දීලා

(නිමන්ති රණසිංහ)
 
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් පැවසීය.
 
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ අද (20) පැවති නඩු විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා මහතාය.
 
ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් කල් තැබිණි.



අදහස් (37)

ලියවිලි දෙන්නත් කලින් හැඳුනුම්පත දීලා

rohitha Monday, 20 November 2017 03:33 PM

අපි දැන් මේකටත් උපවාසයක් කරලා බලමු නේද?

:       531       1065

saimonTuesday, 21 November 2017 12:04 AM

සමහර ආපනනශාලා වල කෑමට පෙර බිල ගෙවන්න ඕනෑ.

:       3       18

rohana kumara mendisTuesday, 21 November 2017 06:44 AM

කෑමට පෙර සල්ලි ගන්න එක හොදයි අපේ අයගෙන් නැත්නම් හොදට කාල ගෙවන්න සල්ලි න කියනවා නේ .ලෝකේ ගොඩක් රට වල එහෙමයි.තමන්ට ඕනි දේ අරගෙන ගෙවල කන්න බොන්න පුළුවන්

:       0       9

DasaThursday, 23 November 2017 03:07 AM

එත් දියවන්නාවේ ආපන ශාලාවේ කෑමට පෙරත් නැහැ පසුවත් නැහැ. එකනේ තුම්මුල්ලේ හුනෝ වගේ හිටපු කට්ටිය බඩ ගෙඩි දාල ආවේ

:       0       2

kando Monday, 20 November 2017 04:27 PM

ඔව් රෝහිත, මම මේ ගහක් හොයනවා නගින්න.

:       0       3

sunil Monday, 20 November 2017 06:00 PM

අනේ අපොයි!!. මගේ හැදුනුම් පත අලුත් කරන්න දීලා මාස 8 කටත් වැඩියි. එක තවමත් හදනවා. ලොක්කට එක නීතියක් සොක්කට තවත් එකක්. අනේ අපොයි නොකියා වෙන මොනවා කියන්නද?

:       0       18

erdi Monday, 20 November 2017 06:12 PM

යකෝ නැති ලියකියවිලිවලට හැඳුනුම්පත්?කොහොමද වේදිකාවල්වල ඉඳන් බෙරිහන් දෙන විදිහ.සිංහලයන්ව බේරගන්න ඉපදුනු පංචායුධ කුමාරයෝ නොදකින්..

:       0       129

Bimal Monday, 20 November 2017 08:07 PM

මේ රට ගිහිල්ල තියෙන්නේ දේශපාලක නෝනලාට. රටේ සාමාන්‍ය සිවිල් නීතිවත් ඒගොල්ලන්ට අදාළ නැහැ. තරාතිරම බලන්නේ නැතිව වරදට දඬුවම් ලැබුනේ නැති නම් රටේ අනෙක් බවලත්තු ටිකවත් හදා ගන්න වෙන්නේ නැහැ.

:       0       56

Nandalal DE SILVA - France Monday, 20 November 2017 08:50 PM

මෙම විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිලධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා මහතා, බොරු සාක්ෂි දුන්නා කියල තුන්මුල්ලේ විමලේ සහෝදරයා ගිරිය කඩාගෙන වේදිකාවල තප්පුලන දිනය වැඩි ඈතක වෙන්න බැහැ ! හැදුවා කියන බහු උපන්දින සහතික කලට වෙලාවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ නිලධාරීන්ට භාර දුන්නා නම් "ලියවිලි දෙන්නත් කලින් හැඳුනුම්පත දීලා" කියල මේ මහතාට සාක්ෂි දෙන්න වෙන්න නැහැ නේ !

:       0       57

සෙනෙවි Monday, 20 November 2017 10:35 PM

ඉතින් පසුව ඒව දීලද?

:       0       3

සෙනෙවි Monday, 20 November 2017 10:39 PM

අපි යහපාලනයට ඡන්දේ දුන්නේ මේ නඩු ඉක්මනට අහළ දඩුවම් දිල රටේ මිනිස්සුන්ට ඉදිරියට මේව නොකරනන්න පාඩමකට. කෝ ඒත් නඩු කල්යනවට මොකවත් කරනවද ? මෙයාල වැරදි සේරම කරල ජාතිය ඉස්සරහට දාල කරන කතා කවද වෙනතුරු අහන්නද?

:       0       13

Fernando Monday, 20 November 2017 10:43 PM

ඉතින් මේකද රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ.............

:       32       0

රවින් Monday, 20 November 2017 11:42 PM

බලාගෙන ගියහම මේ දෙන්නගේ වයස කියන්න වෙන්නේ අවුරුදු වලින් නොවේ. පුත්තලම් බුරුවන්ගේ ගණනින්.

:       0       79

Vijitha Tuesday, 21 November 2017 12:53 AM

මොන තරම් අශීලාචාර බාල වැඩද? මේවට උපරිම දඬුවම් දිය යුතුමයි. එහෙම නැතුව මේ රටේ විනයක් ඇති කල නොහැක. .

:       0       37

purawasiya Tuesday, 21 November 2017 01:10 AM

මේ නිසා රජයේ නිලධාරින් අවුලේ...

:       0       5

pitigala Tuesday, 21 November 2017 03:09 AM

වීරවංස මැඩම් දැක්කම කොමසාරිස්ගේ දනිස් වෙව්ලන්න ගන්න ඇති. අයි හප්පා ඒ දවස් වල තිබුන තේජස් වලට පොලිසියත් බයයි නේ?

:       2       199

රවින් Tuesday, 21 November 2017 03:50 AM

ෂා නියමයිනේ. උපදින්න ඉන්න දරුවට කේන්දර හදන දෙපර්තුමෙන්තුවක්?

:       1       65

Ravi Dubai Tuesday, 21 November 2017 04:01 AM

මේවා තනිකරම විදෙස කුමන්ත්‍රණ

:       1       80

Rajah Tuesday, 21 November 2017 04:10 AM

දැන් මෙයාලද නිතිය, සදාරණය ගැන කතාකරන්නේ? මේවගේ කාලයකුත් රටේ තිබුනනේ?? අපි දැන් සතුටුවෙන්න ඕනේ, මේ සෙල්ලම් දැන්නම් ටිකක් අමාරුනිසා. මේ අපි දන්නා ටික, තව මොන වගේ වංචා දුෂණ වලට ඔය පවුල සම්බන්දද කියලා කවුද දන්නේ?

:       17       293

Muhan Tuesday, 21 November 2017 04:21 AM

කොහොමද දේශප්‍රේමීන්ගේ වැඩ ?

:       1       113

sumith Tuesday, 21 November 2017 04:31 AM

ඕව ඔය ඉරිසියාකාරයෝ කියන කතා, මටනම් හොදටම විස්වාස ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් , ඔය රජයේ නිලදරින්ට කොන්දක් කියල දෙයක් නැද්ද මම අහන්නේ , තමන්ගේ ඉහල නිලදරියගෙන් එන නියෝගය නීති විරෝධී නම් එක ක්‍රියාත්මක නොකර ඉන්න පිට කොන්දක් තියෙන නිලදාරී ලංකාවේ නැද්ද . පිටිගල මොකටද ඕයා එයට මැඩම් කියන්නේ, පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවේ එයාගේ සහෝදරයෙක්නේ මතකද ඔයාට

:       1       125

Hasith Tuesday, 21 November 2017 05:14 AM

මේ වගේ වැඩක් රටේ සාමාන්‍ය බවලතෙක් කළා නම් මෙලහකට අපේ පොලිසිය තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරලා. ඕනෑම නොදියුණු රටක ප්‍රධාන ලක්ෂණයක් තමයි , දේශපාලක භාර්යාවන්ට ලැබෙන අසීමිත වරප්‍රසාද. රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් දේශපාලක ලමාතැනීලා සතුටින් තැබීමේ සංකල්පය අදටත් ක්‍රියාත්මක වෙනවා .

:       1       80

Priya Tuesday, 21 November 2017 05:17 AM

වීරවංස මහත්තයාගේගෙදර ළමයෙක් මැරුණ දවස්වල වීරවංශ මහත්තය ගෙදර හිටියේ නැහැවගේ ජාතික හැදුනුම්පත ගන්න නෝනා දෙපාර්තමේන්තුවට ගිය දවසෙත් ගෙදර මගහැරලා හිටියද දන්නේ නැහැ..........

:       2       60

Sarasi Tuesday, 21 November 2017 05:42 AM

මෙයාගේ සැමියා රටේ හොරු අල්ලන්න හිරේ දමන්න කියලා බෙරිහන් දෙමින් වටේට යනවා. විදේශ ගමන් බලපත්‍ර වලට සාවද්‍ය තොරතුරු දීපු ගෙදරකින් ලජ්ජා නැතිව එලියට බැහැලා අනුන්ගේ හොර වැඩ ගැන කතා කරනවා නේ . රටේ සාමාන්‍ය කාන්තාවක් මෙහෙම වැඩක් කළා නම් මෙලහකට කෙස් වැටියෙන් ඇදන් ගිහින් කුඩුවට දමලා.

:       0       89

Upali Tuesday, 21 November 2017 05:44 AM

මේ කොමසාරිස් බැංකු සභාපති කෙනෙක් වෙලා හිටියනං ලියකියවිලි පස්සෙ දෙන්න කියල මෙයාලට බැංකු ණය එහෙමත් පාස් කරල දෙන්න මැනේජර්ලට නියෝග දෙයි.

:       0       60

Darmsena Tuesday, 21 November 2017 05:54 AM

මෙිවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ........

:       0       56

Ravi Tuesday, 21 November 2017 06:00 AM

කිසිම උගත්කමක් වෘත්තීය සුදුසු කමක් නැති දේශපාලක පරපුරක් රටේ සිවිල් නීතියවත් නොදැන හිටි ගමන් මිලියන ගණන් හම්බ කරන් පොහොසත් වෙනවා. ඉන් පසු තමන්ගේ ඇඳුමේ වසුරු තිබෙන නොදැන රටේ මිනිස්සුන් ගේ හොර මැර සිවිල් නීති කඩ කිරීම් ගැන බෙරිහන් දෙනවා. ඔවුන්ගේ හාමිනේලා මාරි ඇන්ටනට් වගේ රටේ බදු මුදල් වලින් ජීවත් වෙනවා .

:       7       142

sumudu Tuesday, 21 November 2017 06:45 AM

මෙයා ඡන්දෙට ඉල්ලුවොත් ඔය කෑ ගහන ලක්ෂ ගානක් ඡන්දෙ දෙනවා .

:       2       0

rohana kumara mendis Tuesday, 21 November 2017 06:46 AM

ඕක ලංකාවේ සිරිතක් ඇමති කෙනෙක් වෙන්න ඕනි නෑ ඔය සංස්ථාවක ආගමන විගමන එකෙ නිකන් පියන් කෙනෙක්ව අල්ලලා කීයක් හරි මිටි මෙල්ලෙව්වානම් වැඩේ හරි ලිය කෙවිලි හංගන්නේ නැහැ...............

:       0       0

කෑගල්ලේ - සමනයා Tuesday, 21 November 2017 06:55 AM

ඕක තමයි කාර්යක්ෂමතාවය කියන්නේ.

:       0       3

Roshan Tuesday, 21 November 2017 07:00 AM

මගේ පරණ හැදුනුම්පත අපහැදිලි නිසා අලුත් කරන්න ගියා.....මට 1979 නොමිලේ නිකුත් කරපු උප්පැන්න සහතිකේ තියෙන්නේ කියලා ඒක අලුත් කරන් එන්න කිව්වා...

:       0       4

kapTuesday, 21 November 2017 08:42 AM

ඉකමනින්ම ශෂී මෑතිනිය හමුවී ලිපි කියවිලි නොමැතිව එක දවසෙන් ගන්න අදාල ක්‍රමය අහගන්න....................

:       0       17

wasantha Tuesday, 21 November 2017 07:30 AM

මෙතුමන්ලා නැණවත බලයට ආ විට ඔය වැරදි නිලධාරීන් සේරටම ප්‍රතිචාර දක්වයි. පහුගිය කාලේ වගේම පාක්ෂිකයින්ට හොඳට සලකාවි. ඔය පාස්පෝර්ට් කතන්දරේ වැරද්දක් නෙමේ.

:       0       0

dias Tuesday, 21 November 2017 07:47 AM

මෙතුමා ගැන සමහරුන්ට ලොකු වෛරයක් තියෙනවා. මෙතුමා කල වැඩේ ඇමතිතුමාගේ අයිතියක්.

:       5       0

Nandaka Tuesday, 21 November 2017 10:01 AM

උසාවියේදී කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව මතක නෑ කිව්වනම් වැඩේ ඉවරයි ! ලොක්කෝ කොහොමත් ලිඛිත නියෝග දෙන්නේ නැහැනේ !

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 21 November 2017 07:08 PM

"ලංකාදීප" පුවතේ තිබෙන පින්තුරය දිහා බැලුවම අපට හිතෙන්නේ එකේ ඉන්නේ බොලිවුඩ් නිළියක් කියලා ! අපේ පොඩි එකා අහනවා ඇන්ටි මෙච්චර සායම් ගාල ඉන්නේ මොකොද කියලා. තුන්මුල්ලේ විමලේ සහෝදරයාගේ ප්‍රියම්භිකාව කියලා කියන්නත්, හිතන්නත් ගොඩක් අමාරුයි ... අනේ මන්ද !

:       0       14

Sathyayaa Saturday, 25 November 2017 05:17 AM

කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ ඔන්න ඕවට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 190 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 31 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1605 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 328 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1528 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1513 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site