IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලෙබනන ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

දැවැන්ත පිපිරීමකින් ලෙබනනයේ බේරූට් අගනුවර මහ ව්‍යවසනයකට මුහුණ දීමෙන් පසු එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව අද (10) ඉල්ලා අස්විය.

බේරූට් වරායේ සිදු වූ එම පිපිරීමෙන් බේරූට් අගනුවර අඩකට වැඩි ප්‍රමාණයක් විනාශ වූ අතර පිපිරීමෙන් දින දෙක තුනකට පසු රටපුරා, විශේෂයෙන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් විරෝධතා ඇති විය.

පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූ අයට සාධාරණය ඉල්ලමින් ද පිපිරීම වළක්වා ගැනීමට හැකිව තිබියදී ඒ සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් ද සිය විරෝධය පළ කරමින් ලෙබනන වැසියෝ දස දහස් ගණනක් බේරූට් අගනුවරට එක්රැස් වී විරෝධතාවල නිරත වූහ. රට තුළ ක්‍රියාත්මක දූෂණයට මෙන්ම දේශපාලන තන්ත්‍රයට ද ප්‍රකෝපයට පත්ව සිටින ලෙබනන වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ලෙබනනයේ ජීවනාලිය වන බේරූට් වරායේ ගබඩාවක තිබු ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,000කට වැඩි ප්‍රමාණයකට ගිනි ඇවිළීමෙන් එම පිපිරුම සිදු වූ අතර පිපිරීමෙන් වරාය සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. පිපිරීමේ කම්පනය ලෙබනනයට සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි සයිප්‍රසයට ද දැනුණු අතර පිපිරීමෙන් ලෙබනන අගනුවර අඩකට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයට පත්විය.

අගෝස්තු මස 4 වැනිදා සිදු වූ මෙම මහ පිපිරීමෙන් මේ වනවිට 163 දෙනකුට ජීවිත අහිමි වූ අතර 6,000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මෙම පිපිරීමට පෙර සිටම ලෙබනන දැඩි ආර්ථික සහ දේශපාලන අර්බුද රැසකට මුහුණ දෙමින් සිටි අතර පිපිරීම හේතුවෙන් එම  අර්බුද උග්‍ර අතට හැරී තිබේ.

ලෙබනන අග්‍රාමාත්‍ය හසන් දයිබ් රූපවාහිනිය ඔස්සේ රට වැසියන් අමතමින් තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් ආණ්ඩුව ඉල්ලා අස්වන බවත් නිවේදනය කළේය.

“මේ අපරාධයට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු” යැයි ලෙබනන අග්‍රාමාත්‍යවරයා එහිදි කීය.

සාමාන්‍ය ලෙබනන ජනතාවගේ ඉල්ලීම්වලට සහාය දෙන බව ද අග්‍රාමත්‍යවරයා එම අවස්ථාවේදී කීය.

හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි ඉල්ලන බව ද අග්‍රාමාත්‍යවරයා මීට පෙර පැවැසීය.

රොයිටර්

055 

 



අදහස් (9)

ලෙබනන ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

ferna Monday, 10 August 2020 10:25 PM

ලෝකෙට ආදර්ශයක්...

:       0       0

රොමේෂ් Monday, 10 August 2020 11:08 PM

හප්පා. ඒකට මෙහේ...

:       0       0

Nishantha Monday, 10 August 2020 11:59 PM

ලෙබනනයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. අපේ ඇමැතිලා ඉල්ලා අස්වෙන්න.

:       0       23

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 11 August 2020 03:13 AM

ඒකට අපේ රටේ ආණ්ඩු හා දේශපාලනඥයෝ... මෙන්න කියලා ඉල්ලා අස්වේවි...!! කියලා වැඩක් නෑ.. මොනදේ වුණත්, කොයි පැත්තේත්, බලය අල්ලගෙනම ඉන්න තමයි කැමති. මෙන්න මේක තමයි මා දරන පොදු දේශපාලන මානසිකත්වය. පක්ෂ භේද පටුවාසි සහගත දේ මා සොයන්නේ හිතන්නේ බලන්නේ නැහැ. එවන් මා හට මේ ලඟදි කමල් නමැත්තෙක් වැරදි අර්ථයක් දුන්නා. මට හිතෙන්නේ ඔහු මේ තීරයේ ලියන්නේ වලිගය පාගාගෙන වගේ....

:       0       214

sharm warn Tuesday, 11 August 2020 03:41 AM

ලංකාවේ නම් ඔය සෙල්ලම් හම්බවෙන්නේ නැහැ හොඳේ.

:       0       0

thushara Tuesday, 11 August 2020 03:58 AM

මැති ඇමති අදහස් -" පිපිරෙන බව දැනගෙන හිටියා. මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ". "අපේ තාත්තා කීවා වරායට යන්න එපා පිපිරීමක් වෙන්න තියෙනවා කියලා.", "වුන දේ වුනා, දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑනේ හ.. හා.. හා". "ඩිස්නිලන්තේ වරායේ උණානම් මේ ගැන කියන්න තිබුනා"

:       0       70

de silva Tuesday, 11 August 2020 05:48 AM

ලංකාවේ නම් පාස්කු ප්‍රහාරයෙන් 400ක් පමණ මැරිලත්, කිසිම ආරක්ෂක බලධාරියෙක් ඉල්ලා අස්වූයේ නැහැ.

:       0       112

Sisira Tuesday, 11 August 2020 05:55 AM

ලංකාවේ මොනවද නොවුනේ? සමහර අයට මතක පාස්කු දින බෝම්බ ප්‍රහාරය විතරයි. සුනාමි ආවා. අරණායක කන්ද නාය ගියා... මීතොටමුල්ලේ කුණු කඳු කඩාගෙන වැටුණා. සාලාව අවිගබඩාව පිපිරුණා. ඒ හැම එකකින්ම ගසාගෙන කෑවා මිසක් මිනිස්සුන්ට හොඳක් කෙරුවේ නෑ... එක දේශපාළුවෙක්වත්.... අඩුම ගානේ වගකීමක් බාර අරගෙන සමාව ඉල්ලන්න තරම්වත් මනුස්සකමක් තිබුනේ නෑ. එහෙම තක්කඩි රැලක්ම පාර්ලිමේන්තු යවන්න තරම් වහල් මානසිකත්වයකින් ඉන්න මිනිස්සු ඉන්න පුදුම රටක් ලංකාව කියන්නේ..

:       2       365

Asanka Tuesday, 11 August 2020 07:35 AM

කරුණාකරලා ලෙබනනයේ සිද්ධිය මුල්කරගෙන ලංකාවේ දේශපාලකයින්ට බනින්න එපා... ලෙබනනයේ මිනිස්සු අවංක කුහක නැති හොඳ කොන්දක් තියන මිනිස්සු... ඔවුන් සාමූහිකව තමන්ට වුණු වැරැද්දේදී එකමුතුව නැගී හිටියා. ලංකාවේ ඉන්නේ කුහක ජනතාවක්. ඔවුන්ට වැරැද්දේදී නැගීහිටින්න කොන්දක් නැහැ. මේක තමයි සත්‍යය.

:       0       56

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 12 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 51 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2433 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1307 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 969 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 424 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site