(රංජිත් කරුණාවිර)
ප්‍රමාද වී සිය ගමන් වාරය අරඹන්නැයි ලංගම බස් රියක රියදුරුට හා කොන්දොස්තරවරයාට තර්ජනය කරමින් පෞද්ගලික බසයක හිමිකරුවකු ඇතුලු පිරිසක් පොලු මුගුරු රැගෙන ඔවුනට මරණිය තර්ජනය කළහ.
හසලක ඩිපෝවට අයත් රංදෙනිගල සිට හසලක කොලොන්ගොඩ දක්වා උදැසන 6.00ට දිවෙන පාසැල් බස් රථය එම ගමන් මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික බස් රථ හිමි කරුවෙකු මිනිපේ 06 කණුව ප්‍රදේශයේදී මාර්ගය හරස් කර පොලු මුගුරු සහිතව පැමිණ ලංගම බස් රථයේ රියදුරුට හා කොන්දොස්තරවරයා ට ප්‍රමාද වි පැමිණෙන ලෙස මරණිය තර්ජනය කරන අයුරු වීඩියෝ පටයකද දැක්වේ.
එම වීඩියෝව ලංගම බසයේ සිටි මගියෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් විඩියෝ කර ඇත. එම විඩියෝවෙන් දැක්වෙනුයේ ලංගම බසයේ ගමන් මග අහුරා ඉදිරියෙන් යන පෞද්ගලික බසය ලංගම බසයට ගමන් කිරිමට අපහසු වන අයුරින් ගමන් කරනා අයුරුය.
මෙම මරණ තර්ජන පිළිබද ලංගම බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පසුගිය සිකුරාදා (10) හසලක පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර තිබේ.
ඒ අනුව ඊයේ (13) සැකකරුවන් හසලක පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඔ මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
අවස්ථා රැසකදී මෙම පෞද්ගලික බස් රථය හිමිකරුවන් ලංගම බස් රථ ගමන් මග අහුරා රජයේ ලංගම සේවක මහතුන් හට පහරදීමට තැත් කිරිම්, බැන වැදිම් පිළිබද හසලක පොලිසිය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන් සිදුවීම් කිහිපයක් සමත මණ්ඩලයේදී සමතයකට පත්ව ඇති අතර, එසේ තිබි නැවත නැවත රජයේ සේවකයන්ගේ රාජකාරියට අවහිර වන ලෙස බැනවැදීම්, මරණ තර්ජනය කිරිම් අඩුවක් නොමැති බවට හසලක ලංගම ඩිපෝවේ සේවකයෝ පවසති.
මෙම පෞද්ගලික බස් රථ හිමිකරුවාට බස් රථ කිහිපයක් ඇති අතර ඉන් 02ක්ම මාර්ග බලපත්‍ර රහිතව රංදෙනිගල මාර්ගයේ ධාවනය කරන බවත් රියදුරු බලපත්‍ර කොන්දොස්තර බලපත්‍ර නොමැතිව එම බස් රථ හිතු මතේ ධාවන කරන බවට හා ප්‍රවේශපත්‍ර නිකුත් නොකීරිම වැනි චෝදනා රැසක් ඇති අතර මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ නිළධාරීන් අවස්ථා රැසකදී දැනුවත් කළඳ කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවට හසලක ලංගම ඩිපෝ නිළධාරිහු පවසති.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංගම රියදුරුට - කොන්දොස්තරට මැරයෝ තර්ජනය කරති
vipula Tuesday, 14 August 2018 12:33 PM
මේ වගේ දේවල් සමථමණ්ඩල වලට දාලා කාලය නාස්ති කරන්න එපා. රටේ සමාජයේ දැන් තියෙන තත්වය අනුව නීතිය තව දුරටත් අඝාදයට යාම විතරයි සිදුවෙන්නේ. දැඩි තීන්දු අරගෙන මේ අයව හිර ගෙවල් වලට ගාල් කරලා හොදට වැඩ ගන්න ඕනේ .