(කාංචන කුමාර ආරියදාස )
කළුගඟ හා මොරගහකන්ද නව ජලාශ සඳහා ඉඩකඩම් ලබාදුන් ජනතාව නැවත පදිංචි කෙරෙන ලග්ගල අක්කර හැඩිය ප්‍රදේශයේ මහා පරිමාණ දැව ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී තිබේ. රහසිගතව මෙම පෙදෙස් වලට ගොස් සොයා බැලීමේදී හෙළි කර ගැනීමට හැකි වුයේ සංවර්ධන කටයුතු වලට බව පවසා කල් ඉකුත් වී ඇති ලියකියවිලි උපයෝගී කරගෙන වසර කීපයක සිට වස්ගමුව ජාතික උද්‍යානයට මායිම්ව පිහිටි මහා ඝණ වනාන්තරයේ ඇති ඉතා වටිනා ගස් කපා අලවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වී ඇති බවයි.
විදුලි වැටෙන් එහා වනසතුන් සඳහා වෙන් කොට ඇති කොටසේ වන විනාශය සිදුවන බවත් ප්‍රදේශයට වනසංරක්ෂණ , ප්‍රාදේශීය ලේකම් හෝ ග්‍රාම නිලධාරීවරයා පැමිණ නැති බවත් මෙහි අලි වැට වසර පහක සිට නඩත්තු කරන සිවිල් ආරක්ෂක භටයකු අප කළ විමසීමකදී කිවේය .
මේ වනවිනාශය ගැන විමසීම සඳහා රහසිගත කැමරාවක්ද සමඟ ලග්ගල වනජීවී කාර්යාලයට ගොස් විමසීමේදී එහි නිලධාරින් පැවසූවේ ආයතන ප්‍රධානියා රාජකාරි කටයුත්තකට පිටව ගිය බවයි. එමෙන්ම තවත් සේවකයකු ගේ මුවින් පිටවුයේ මේ වනය ආරක්ෂා කිරීමට තමන්ද උත්සහා ගත්තද පලක් නොවූ හෙයින් මාධයෙන් හෝ යමක් කරන ලෙස ය .
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලග්ගල නැවත පදිංචි කරන පෙදෙස්වල මහා පරිමාණ දැව ජාවාරමක්
සරත් Monday, 03 April 2017 05:03 AM
කොහෙන් හරි දේශපාලන හොර වැඩක් කරලා රට විනාශ වෙන මගඩි වැඩ කරලා හම්බ කරලා කොහොම කාල බීල ඉන්නවද දන්නේ නැහැ මේ මිනිස්සු.එහෙන් විල්පත්තුව,මෙහෙන් ලග්ගල ප්රභාකරන් හිටියනම් හොඳයි කියල හිතෙන්නේ මේ වෙලාවට
mahee Monday, 03 April 2017 08:49 AM
දේශපාලුවන්ගෙන් තොරව කිසිම විනාශයක් රටට සිදු වෙන්නේ නැහැ. මෙතනත් එහෙම වෙන්න ඕන. පඳුරකට ගැහුවාම ප්‍රාදේශීය ලොක්කෝ දුසිමක් විසි වෙනවා. මොනවද මුන් කරන්නේ? මේවා හොයන්නේ නැද්ද? එ්ත් ඉතින් කොහොම හොයන්නද, කට්ටිය එකතු වෙලා කරනකොට.