IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලංකා ඊ නිව්ස් ලංකාවේ නෑ

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අද (8) සිට ශ්‍රී ලංකාව තුළදී අන්තර්ජාලය පරිහරණය කරන්නන්ට පිවිසිය නොහැකි අයුරින් අවහිර කර (Block) ඇතැයි වාර්තා වේ.

මීට පෙර පසුගිය රජය යටතේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තහනම් කෙරුණු අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එය යළි ශ්‍රී ලංකාවේ දී නැරඹීමට හැකි පරිදි අදාළ වාරණය ඉවත් කරන ලදි.

කෙසේ වෙතත් අද (8) පෙරවරුවේ සිට ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වූ බව වාර්තා විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.පී.ජයතිලක මහතා පැවසුවේ  ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සම්බන්ධයෙන් එවැනි වාරණයක් ක්‍රියාත්මක කර නැති බවයි. වෙබ් අඩවියට එරෙහිව පැමිණිල්ලක් හෝ ලැබී නැතැයි ද ඒ මහතා පැවසීය.



අදහස් (43)

ලංකා ඊ නිව්ස් ලංකාවේ නෑ

Kamal Wednesday, 08 November 2017 02:08 PM

විදුලි සංදේශ නියාමන කොමිසමට පිටින් නියෝග දෙන අද්භූත කොමිසමක් හදලා වගේ...

:       997       341

samanThursday, 09 November 2017 01:23 AM

අවහිර කලානම් එක වැරදියි. මෙහි පුවත් නිවැරදිනම් එහිපෙන්වන කරුණු නිවැරදි කරගැනීමටත් , පුවත් අසත්‍ය නම් ඒ පිලිබන්ධව නොසලකා සිටීමටත් අපි නිහතමානී වියයුතුය. මන්ද මෙම වෙබ් අඩවිය වාරණය කිරීමට තරම් වැදගත් වෙබ් අඩවියක් නෙවේ. එය එම වෙබ් අඩවියට පිවිසෙන සියලු දෙන දන්නා දෙයක්

:       1075       563

JinnaThursday, 09 November 2017 06:30 AM

මොන මල ජරාවක්ද ඔය සයිට් එක. අසැබි කතා කියවන්න කැමති අය ගියාට තියෙන්නේ මඩයි බොරුයි බව ඕන කෙනෙක් දන්නව.

:       374       304

sena Wednesday, 08 November 2017 02:44 PM

මාධ්‍යයට වැට බැඳලා ඇත්ත වහන්න බැහැ. සිදුවිය යුත්තේ එයාලා කියන ඒවාට උත්තර දීමයි.. නැතිනම් වැරදි හදා ගැනීමයි.

:       1554       543

පිටිගල මිලානෝ Wednesday, 08 November 2017 03:02 PM

ලංකා ඊ නිව්ස් වලට සෙල්ලම් දාපු ඔක්කොම සල්ලන් වුණා.

:       4607       1317

chandra Wednesday, 08 November 2017 03:14 PM

මේකේ වැඩිපුර තියෙන්නේ සත්‍යම නොවේ. එජාපයට අවාසි වන සහ රවීට අවාසි වන කිසි සත්‍ය පුවතක් පළනොවේ.

:       1317       7099

roshan pranandu Wednesday, 08 November 2017 04:22 PM

රාජපක්ෂලා බය වුණෙත් මේකට, මොකද මේකම බ්ලොක් කරන්නේ? මෛත්‍රී දින්නෙත් හුඟක්ම මේකේ සහයෝගයෙන් තමයි.

:       35       836

සෙනෙවි Wednesday, 08 November 2017 05:04 PM

ඒක හොඳයි බොරු මඩ පත්තරේ බ්ලොක් කරපු එක

:       1270       3099

SesathWednesday, 08 November 2017 07:46 PM

මොකක කරන්නේ ලිදේ ඉන්න මැටි ගෙම්බෙක් කිවලු මේක තමි එකම සුරපුර කියල

:       610       118

SirithungaThursday, 09 November 2017 06:16 AM

මංගලද කිව්වේ ඔයාට ඕක....

:       32       546

WijewiraThursday, 09 November 2017 06:19 AM

දේදුනු විප්ලවේ කට්ටියට ගොඩාක් රිදිල වගේ.

:       18       139

samgun Wednesday, 08 November 2017 08:11 PM

ලංකා ඊ නිව්ස් කියන්නේ කිසිම මාද්‍ය සදාචාරයක් නෙති පදනමක් නැති බොරු කුණුහරුප පිට රට ඉදන් ලියන පාත්‍රයක්. ඕක තහනම් කරපු එක සේවයක් ලංකාවට.

:       265       4378

ජෝසප් පෙරේරා Wednesday, 08 November 2017 10:49 PM

අයියෝ සුලු දෙයක්නෙ. සයිට් එක ප්‍රොක්සි සර්වර් එකක් හරහා බලන්න.

:       1025       203

aseThursday, 09 November 2017 04:13 AM

අපි එදත් බැලුවේ proxi හරහා , එක අව්ලක් නොවේ, දුක නැවත පෙර තත්වයට පැමිණිමි ගැන, ඔය සියල්ල අපිට බොරු කියා නිර්පාක්ෂික කියා බලයට ආපු ජනාදිපති නිසා නේද, දැන් චන්දය පරදින නිසා පිස්සු හැදිලා වගේ.

:       1036       639

Bamunuarachchi Thursday, 09 November 2017 12:19 AM

මේවට තමයි කියන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනවයි කියල.

:       0       2

lion Thursday, 09 November 2017 12:51 AM

මෙය අසර්ථක ප්‍රයත්නයක්. මෙම වෙබ් අඩවියට යන්න කරන ක්‍රම තියෙනවා. අපි රාජපක්ෂගේ කලෙත් මෙය බැලුව. සිරිසේන මහත්තයා බලේටගෙන්න මෙම වෙබ් අඩවිය විශාල වැඩ කොටසක් කළා. තමුන්ගේ වැරදි පෙන්නුවම එයට කිපෙන එක මහත්මා ගතියක් නොවඊ.

:       1027       1540

සුපුන් එංගලන්තය Thursday, 09 November 2017 01:01 AM

එංගලන්තයේ කවුරුත් දන්නවා සඳරුවන් කියන මානසික රෝගියා ගැන. අපේ ශ්‍රී ලංකාව ගැන පුදුම ද්වේෂයකින් ඉන්නේ.

:       169       1539

KamalanathThursday, 09 November 2017 06:12 AM

ඔබටත් කාට හෝ මඩක් ප්‍රචාරය කිරීමට අවශ්‍ය නම් රුපියල් 50,000ක් සමඟ ලංකා ඊ නිව්ස් කතෘ අමතන්න. එ.ජා.ප. උසස් අය හැර වෙනත් ඕනෑම කෙනෙකුට මඩ. බොරුව සත්‍යය කොට පෙන්නන්නෙමු. ඉක්මන් කරන්න.

:       13       499

Ashan Thursday, 09 November 2017 01:42 AM

චන්ද්‍රා, සෙනෙවි, මට විශ්වාසයි ඔයාල මෙක කියවන්නෙ නෑ කියල. මොකද ශාක්ශි එක්ක එයාල ඔප්පු කරන විස්තර මඩ සහ බොරු කියන්නෙ නොදන්න කමට විය යුතුයි. ලංකාවෙ මිනිස්සු තමන්ගෙ නායකයින් හොරු කියල පිලිගන්න අකමැතියි.අපි හැමදාම දුශිත රටක් හැටියට ප්‍රසිද්ධ ඒකයි

:       1559       1413

chandraThursday, 09 November 2017 02:59 AM

එහෙම නම් ඇයි බැඳුම්කරේ ගැන මොකුත්ම නොකිය හිටියේ ඒ වෙබ් එකේ. එජාපයට පහර වදින නිසාද? නැත්නම් එහෙම හොරකමක් වෙලාම නැද්ද? මට නම් ඔය පක්ෂ නායකයෝ සියල්ලම එකයි ජවිපෙත් ඇතුළුව. නැත්නම් අවුරුදු 60 ගිහිල්ලත් රට මෙහෙම තියේවිද. අශාන් නම් එජාපෙ නායකයන්ගේ වැරදි නැහැ කියලයි තමයි කියන්නේ (මට හිතෙන විදිය).

:       32       1483

Lakshman Thursday, 09 November 2017 01:45 AM

බොරු නිවුස් දාන ඊ නිවුස් තහනම් කල යුතුව තිබුනේ මීට හුගක් කලින්.හොඳ තීරණයක්.

:       203       1321

game eka Thursday, 09 November 2017 01:59 AM

54.86.146.54 ඔස්සේ මෙම වෙබ් අඩවියට පිවිසිය හැක

:       176       230

saliya Thursday, 09 November 2017 02:41 AM

තමුන් බලයට එන්න උදවු කලේ කවුද කියල මතක නැහැ . නැග්ග ඉනිමගට පයින් ගහනවා . විවේචන වලට උත්තර දෙන්න ශක්තියක් නැහැ . චන්දෙ දුන්න U N P කාරයින්ටත් අන්තිමට වහ කන්න වෙනවා .

:       1112       72

janatha anura Thursday, 09 November 2017 02:58 AM

බෞද්ධ විරෝදී බවක් මේ වෙබ් අඩවියේ තියෙනවා යති කරුවන් අන්‍ය ආගමිකයන් බව පේනවා සමාජයේ වැරදිත් දේසපාලන වැරදිත් (එජාප නායකයාගේ හැර ) පලකරනවා මෙය තිබුනත් නැති වුනත් මහජන මතය වෙනත් මගක් ගන්නවා

:       37       1276

GunapalaThursday, 09 November 2017 06:14 AM

මොකද්ද මහත්තයෝ බව පේනව නෙමේ. විරුද්ධයි. එකහෙලාම බෞද්ධ විරෝධී.

:       27       234

ලුම්බිණි Thursday, 09 November 2017 03:00 AM

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ වැරදි තිබෙන්න පුළුවන්. බොරු පුවත් තිබෙන්නත් පුළුවන්. අද බොරු පුවත් නැත්තේ කොතනද? ලංකාව තුලම ඔය කියන 'මඩ' වෙබ් අඩවි කොපමණ තිබෙනවද? මෙතන වැරැද්ද තියෙන්නේ සඳරුවන්ගේ නොවෙයි. තහනම් නීති දාන අයගේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බඳිනවා කියන්නේ දුෂණයට පාර කපන එක. ඉතාම කනගාටු දායකයි.

:       1170       54

ගලප්පත්ති Thursday, 09 November 2017 04:06 AM

ලංකාවේ මාධ්‍ය වලට වඩා ගොඩක් ඉදිරියෙන් තමයි ඊනිව්ස් තියෙන්නෙ. එය හොඳ ගවේශනාත්මක අඩවියක්

:       4855       2337

JayaweeraThursday, 09 November 2017 06:25 AM

අපෝ මොකට කියනවද ඒ කතා. මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත පාවිච්චි කරල අනුන්ට මඩ ගැසීම අතින් කප් ගහල තියෙන්නේ.

:       141       679

sampath Thursday, 09 November 2017 04:25 AM

කොටින්ට සම්බන්ධ එක්කෙනෙක් තමා මේ සෛට් එක කරන්නේ..

:       116       1764

nilThursday, 09 November 2017 04:52 AM

තමුන් හරකෙක් කියලා ලොකෙට පෙන්නන්න එපා මනුස්සයෝ

:       533       102

SirimewanThursday, 09 November 2017 07:52 AM

නීල්, දන්නේ නැත්තන් එමෑනුවෙල් පූජකතුමා, චැනල් 4, එමිල් කාන්තන්, පොට්‍ටු අම්මාන් ගැන පොඩ්ඩක් කියවල එන්න. ඒත් බැරි නම් ඒ කාලේ ඔය මඩ ගොඩේ පලවෙච්ච ලිපි ටික කියවල බලන්න. දැන් නම් අයින් කරල ඇති.

:       0       147

BamunuarachchiMonday, 13 November 2017 02:20 AM

ඒක කියන්නෙත් තව හරකෙක්. ඒකයි ලස්සන වැඩේ

:       0       0

gunarathna Thursday, 09 November 2017 05:59 AM

ඊ නිවුස් එකට අනුව මහින්දට ගෝඨාට ගහන හෙමෝම හොඳා. ඒ වගේම සඳරුවන් ඇරෙන්ට ලංකාවේ සියලුම මිනිස්සු හොරු දුෂිතයෝ. ඊ නිවුස් එකට අනුව ලංකාවේ ලොකුම දුෂිතය ජනාදිපති. ජනාදිපති වැඩ කරන්ඩ ඕනේ enews කියන විදියට. එහෙම නොකෙරුවොත් මඩ ගහන එක තම කරන්නේ.

:       27       1332

Ariyaratne Thursday, 09 November 2017 07:44 AM

කිසිම සදාචාරයක් නැති මෙවැනි වෙබ් නවතා දැමීම ඉතා හොදයි...

:       0       111

indika Galgodage Thursday, 09 November 2017 08:29 AM

මේකද යහපාලනය දෙනවා කිව්ව අපුරු නිදහස?

:       48       0

සතයපාල Thursday, 09 November 2017 08:47 AM

මේක ඊ නිව්ස් එකෙන්ම පතුරූවන බොරු ආරංචියක් එහෙම වාරණක් තවම නැහැ! මේකෙ වැඩී හරියක් තියෙන්නේ මඩ හා බොරු හැබැයි එහෙම කියලා වාරණය කරන්න කාටවත් අයිතියක් නැහෑ.

:       0       45

rohan Thursday, 09 November 2017 09:40 AM

මේකද පුවත්පත් නිදහස ?

:       117       303

obe Thursday, 09 November 2017 11:22 AM

ලංකා ඊ නිව්ස් > "නුඹ නාඩාන් නුඹ නාඩාන් නුඹට ඕව හොඳ පාඩම්" යහපාලනය විනාශකල නියමුවා දුෂිත අගමැතියා බව ලොවම කියද්දී , යහපාලනයත් යු එන් පි යත් විනාශකල, රටෙත් නොසිටි පට්ට හොරුත් එක්ක හොරකම් පටන් ගත්තු අගමැති ඇතුලු නරුමයින් ආරක්ෂා කරන සියලු මාද්‍යයන්ට හා දුශිතයන්ව සියලු නිදහස් පුරවැසියන් විරුද්ද වන බව අවබෝධ කරගත යුතුය ! පක්ෂ පාට නොබලා දුසිතයන් ගැන ලිවීමට දැන්වත් ඉගෙන ගත යුතුය ! යහපාලනයත් යු එන් පි යත් විනාසකල මේ දුෂිත අගමැතිය එක්ක රටටත් ජනතාවටත් ඉදිරියට යෑමක් කළ නොහැක ? ලංකා ඊ නිව්ස් වාරණය කිරීම අනුමත නොකරන අපි, ලංකා ඊ නිව්ස් හොරුන් ආරක්ෂා නොකලයුතුය

:       2       143

rohan dayadara paris Friday, 10 November 2017 04:37 PM

ලංකා ඊ නිව්ස් වාරණය කලොත් මම අහනවා ශ්‍රී ලාංකිකයන්ට කෝ තොරතුරු දැනගැනීමේ පනත .?

:       39       180

KARUNARATHNA G.P. Saturday, 11 November 2017 01:01 PM

පාඨකයිනි, මගුල්ගෙදර කෑම මේසයේ තියෙන කෑමවර්ග සියල්ලම අපි බෙදාගන්නේ නෑ, අපට රිසි පත්‍ය, අපත්‍ය ,දේවල් වෙන්කර හඳුනාගෙන ඒ අනුව තමයි අප කෑම ගන්නේ. තෝරා, බේරා වෙන්කරගැනීම අපසතු කාර්යයක්, ප්‍රචාරක මාධ්‍යවලින් තොරතුරු අරගත යුත්තේද එපරිද්දෙනි. උදාහරණයක් ගත්තොත්, පුවත්පතක වෙළඳ දැන්වීම්, මරණ දැන්වීම්, රටතොට තොරතුරු හෝ ලෝක තොරතුරු සියල්ලෙන්ම අප ගන්නේ මොනවාද? " ලංකා ඊ නිව්ස්" පුවත් ද එවැන්නකි. අපට වැදගත් යමක්වෙයි ද එය සිහිනුවනින් අරගැනීම තමයි වියයුත්තේ. ලොව්තුරා බුදුන්වහන්සේ දේශනාකලේ කාලාමයින්ට, " කාලාම සුත්‍රය " මේ ගැන තමා. කෙනෙක් කීවාට, ලියාතිබුණාට, පොතේපතේ තිබුණාට පිළිගන්න එපා, තමන්ගේ බුද්ධියෙන් ගලපා බලා අවබෝධ කරගන්න. "ලංකා ඊ නිව්ස් " හි ථේරවාදය චෝරවාදය ලිපිපෙළ කියවන කෙනෙකුට මේ පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. ස්තුතියි !!!

:       1872       936

sasi Saturday, 11 November 2017 02:07 PM

ඒ අයගේ කිසිම වැරැද්දක් නොදකින ජනාධිපතිතුමාගේ වැරදි දකින කොටින්ට උදවු කරන, හොරුත් එක්ක හොරකම් පටන් ගත්තු, නරුමයින් ආරක්ෂා කරන, දූෂිතයින්ව ආරක්ෂා කරන තැනක්.....

:       125       864

nirmal Monday, 13 November 2017 02:51 AM

මාධ්‍ය මගින් යමෙකුට යම් අගතියක් වූයේ නම් ගත හැකිව ඇති නීතිමය ක්‍රියාමාර්ග ඇත. ප්‍රසිද්ධ මාධ්‍ය මගින් අගමැතිවරයා ඉලක්ක කරගෙන වසර ගණනාවක සිට මාධ්‍ය මෙහෙයුම් දියත් කරමින් සිටී. ඔහු පෙරලා මාධ්‍ය විවේචනය කළත් මාධ්‍ය වාරණය වෙනුවෙන් කටයුතු කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදුවිය යුත්තේ එයයි.

:       0       0

senevi Monday, 13 November 2017 03:09 PM

මෙම වෙබ් අඩවියේ පලකරන තේරවාදය, චෝරවාදය ලිපි පෙල ආශාවෙන් කියවමි. එය සත්‍ය බැව් විශ්වාස කරමි. අපට කිසිදා සිදු නොවන නැවත ඉපදීමක් පෙන්වා සමහර අය හම්බ කරගනී....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 332 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 211 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 879 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 56 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2203 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 409 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site