IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න අපනයන දිරිගන්වන්න වහාම පියවර

(අංජුල මහික වීරරත්න)

ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා අපනයන ආර්ථිකය දිරි ගැන්වීමට විශේෂ වැඩ පිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල කටුපොත දී පැවසීය.

ආනයන සීමා කළ විට ඒ වෙනුවෙන් රටෙන් පිට වන ඩොලර් ප්‍රමාණය මෙරට තුළ ඉතිරිකර ගැනීමට හැකිවන බව කී අග්‍රාමාත්‍යවරයා ඒ මගින් ජනතාවට යම් සහනයක් දිය හැකි යැයි සඳහන් කළේය.

ඇමෙරිකාව හැර ලෝකයේ සෙසු රටවලට බලපා තිබෙන ආර්ථික අර්බුදය ලබන වසර දක්වා ව්‍යාප්ත වනු ඇති බවත් ඊට මුහුණ දීමට කෙටි කාලීන පියවරක් ලෙස ආනයන සීමා කිරීමට සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.

ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමට තිබෙන විශාලතම බාදකය රාජපක්ෂ යුගයේ දී ගත් විශාල ණය ප්‍රමාණය බවද මේ වසරේදී ඩොලර් මිලියන 3000 ක් සහ ලබන වසරේදී ඩොලර් මිලියන 4000 ක් ලෙස රාජපක්ෂ රජය ගෙවිය යුතුව තිබිණි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රාජපක්ෂ යුගයේ දී ගත් ණය ගෙවීමට නොතිබුණා නම් රුපියල මේ තරමටම බාල්දු නොවන බවද අග්‍රාමාත්‍යවරයා කීය. 

ගෝලීය ආර්ථික අර්බුදය නිසා ලෝක ආර්ථිකය ද වෙනස් වී තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඊට මුහුණ දිය හැකි රටවල් සාර්ථක වන අතර මුහුණ දීමට නොහැකි රටවල් අසාර්ථක වනු ඇතැයි ද පැවැසීය.

ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා යහපාලන රජයට ශක්තිය තිබෙන බවත්, මේ කාලයේ දී සියලු ප්‍රශ්නවලට මුහුණ දී අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල - කටුපොත පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවේ වත්මන් ආර්ථික තත්ත්වය විග්‍රහ කරමිනි.

 



අදහස් (21)

ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න අපනයන දිරිගන්වන්න වහාම පියවර

Perera Monday, 01 October 2018 06:01 AM

මොන පිස්සුද? රුපියල රැකගන්න වෙන කරන්න දෙයක් නැහැ. පච කියනවා.....

:       104       149

ranga Monday, 01 October 2018 06:04 AM

ඔය 225 තමා අපනයනය කරන්න තියෙන්නේ

:       14       204

janaka Monday, 01 October 2018 06:05 AM

දැන්ද මතක් උනේ...... අනික අපනයන එක රැයකින් කරන්න පුලුවන් දෙයක් වගේ කතාව....

:       7       210

Bamunuarachchi Monday, 01 October 2018 06:10 AM

දැනුයි මෙයා නින්දෙන් ඇහැරිලා තිබෙන්නේ. මොන කෙන්ගෙඩියක් අපනයනය කරන්න ද? රටේ රෙදි නිෂ්පාදනය වගේ නිෂ්පාදන කීයක් නුඹලා නිසා වසා දමන්න උනාද? රෙදි පිටරට යවන එක කොහොම උනත් පිටරටින් ගෙන්වන එක නවතා ගන්න තිබුණා. සමහර බහුජාතික සමාගම් මෙරට හැර ගියා. දැන් කොරන්න දෙයක් නැහැ පළමුව ජාතික ධනය කන ඇමතියන් ගණන අඩු කරයුතුයි. දැන් නුඹලාට අපනයන දිරිගන්වන්න කාලයක් නැත. බඩු පොදී බැඳගෙන යන්න කාලය ඇවිල්ලය.

:       192       350

athuraMonday, 01 October 2018 09:42 AM

10%ක් කොමිස් ඉල්ලපු කාලෙ බහුජාතික සමාගම් රට හැරගියේ නැද්ද මහත්මයා...

:       12       32

RuwanMonday, 01 October 2018 01:04 PM

අැයි මේ ආණ්ඩුවේ කට්ටිය ඉල්ලපු 20% කොමිස් ගැන පෙනුනේ නැද්ද? අර අපේ ප්‍රධාන පුරවැසියම කිව්වේ නිල්වලා ගඟ ව්‍යාපෘතියෙන් ඉල්ලපු කොමිස් ගැන... කොල්ලකෑම කොහොමත් හොඳ නැහැ තමයි. නමුත් බෙදාගෙන කෑමයි බදාගෙන කෑමයි දෙකක්...

:       0       0

sam Monday, 01 October 2018 06:20 AM

කියනවා විතරයි, මොකද්ද වැඩ පිළිවෙල?

:       3       104

Raveendra Monday, 01 October 2018 06:28 AM

අර කියමනක් තියනවනේ වතුර ටික නටනකම් උඩ පැන පැන තප්පුලනවා කියල .ඒ කියමන හරියටම හරි.

:       67       152

Ranga Monday, 01 October 2018 06:43 AM

හානේ දැන් ද දිරිගන්වන්නේ...!

:       0       102

milani Monday, 01 October 2018 06:49 AM

ලෝකයේ ආර්ථික අර්බුදයක් ඇතිවෙන බව ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි අදයි දන්නේ... නිකම් අපරාදේ රට වැසියන්ව ගොනාට අන්දනවා. මේ රටවලත් ප්‍රශ්න තිබෙනවා හැබැයි ලංකාවේ යන්නේ වෙනම සෙල්ලමක්...

:       158       328

ප්‍රේමචන්ද්‍ර Monday, 01 October 2018 07:31 AM

ඔය කියන විදිහේ මහා විශාල ගෝලීය ආර්ථික අර්බුදයක්නම් ලෝකයේ නැහැ .. රටවල් කීපයක යම් ගැටලු තියනවා ඒත්.. ඔය කියන විදිහේ අර්බුදයක්නම් නැහැ , නටන්න බැරි උන මිනහා පොළොව ඇදයි කියනවා වගේ කතාව ඕක. කරන්න බැරි පොරොන්දු දීලා බලයට ආවහම..... ඔහොම තමයි ........ විශේෂයෙන් රජයේ සේවකයන්ට රුපියල් දසදහසක පඩි වැඩිකලා. රජයේ ආදායම ඉහළ නංවන්නේ නැතුව, ඒ නිසා තමා රට මේතරම් ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේ...

:       388       600

සමන් - ඕමානයMonday, 01 October 2018 08:42 AM

සහතික ඇත්ත මල්ලි. මම දන්නා තරමට, මීට මාස කීපයකට කලින්ම මහ බැංකුව, මේ ඇතිවෙන අර්බුදය ගැන පාලකයින්ට අනතුරු හඟවලා තිබුණා. ඒවා ගණන් ගන්නේ නැතිව, දැන් නිදාගෙන ඉඳලා ඇහැරියා වගේ නන්දොඩවනවා. පෙනෙන්න තිබුණු අර්බුදයක් ආවට පස්සේ, "වහාම පියවර ගන්නවා" කියන එක විහිළුවක්. රටක ආර්ථික ප්‍රතිපත්තිය, රටේ නිෂ්පාදන දියුණුවට හා අපනයනයට යොමු වන්න ඕනෑ කියන එක ඉස්කෝලේ යන ළමයෙක් උනත් දන්නවා. මහා ලොකු විවෘත ආර්ථිකයක් අටවාගෙන, තිබුණු දේශීය නිෂ්පාදනත් කාබාසිනියා කරලා දැන් කයිය ගහනවා. ලංකාවේ හදන සපත්තු සෙරෙප්පු, රෙදිපිළි, වගා කරන බෝග වර්ග වලට දැන් මේ රටේවත් හරිහැටි වෙළඳ පොලක් නෑ, පිටරටින් එන නිෂ්පාදන නිසා. කෝ මේ මහා ලොකු ආර්ථික විද්‍යාඥයෝ? රටේ ආර්ථිකය දියුණු කරන්න හපන්නු කියපු දේශපාලනඥයෝ?? නිකම් රටට විහිළු සපයන විකටයෝ කට්ටියක් වෙලා ඉවරයි.

:       212       346

Soma dubayi Monday, 01 October 2018 07:51 AM

විශිෂ්ට ප්‍රකාශයකි මැතිතුමනි..... ඔබතුමා නලුවෙකු නොවී මොළයක් වුණ නිසා රට ගොඩ ගියා .

:       400       0

sidath Monday, 01 October 2018 08:32 AM

අැයි ඉස්සර කිව්වේ වගා කරන්න එපා අඩුවට රටින් ගේන්න පුළුවන් කියලා මත්තල හාල් සත්තුන්ට වික්කේ තුට්ටු දෙකට. දැන් සනීපද?

:       6       204

Hafeel Monday, 01 October 2018 08:33 AM

රාජපක්ෂ ණය... රාජපක්ෂ ණය... කිය කියා මේ අවුරුදු තුනහමාරම ගතවුනේ. රාජපක්ෂ ණය බේරන්න තමයි මේ ආණ්ඩුව පත් කලේ. මේ වනවිට රාජපක්ෂ ණයෙන් යම් ප්‍රමාණයක් අඩුකරලයි තියන්නේ...

:       51       40

Sisira Monday, 01 October 2018 08:36 AM

ඔය කියන ලෝකෙටම බලපාන ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන්නේ රාජපක්ෂ ගත් ණය නිසාද?

:       66       210

සනත් ඉතාලිය Monday, 01 October 2018 08:38 AM

ඔය තරමට රාජපක්ෂ ණය ගෙවන්න තිබ්බා නම් මොන කෙහෙල්මලටද දාහක් බොරු පොරොන්දු දිලා ආණ්ඩුව ගත්තේ.. මරුනමත් කියයි, රාජපක්ෂලගේ ණය නිසයි මැරුනේ කියලා... *රටකට ඕනෑ අපමණ අගයක්... ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්* එහෙම කියලා අරගෙන මාස 60 අලුත් රටක් කියලා කෙරුවා නේද? නන්නත්තාර රටක්... මෙ රටට කරපු විනාශයට මරණින් මතු සත්වලොකයේ තමයි උපදින්නේ.. සුලුවට හරි යමක් කරලා තියනවා නම් සමනලයෙක් වෙලා උපදීවා.. කොහොමත් සමනල සෙට් එකනේ රට පාලනය කරන්නේ...

:       227       305

Raveendra Monday, 01 October 2018 08:39 AM

රංග මයා වෙත, නිල මැස්සන්, කබරගොයින්, කැස්වටුවන්, පාදඩයින් ලෝකයේ කිසිඳු රටක් අපනයන භාණ්ඩ ලෙස නොගන්නා බව ඔබ නොදන්නේද?

:       0       68

upaliMonday, 01 October 2018 11:24 AM

ඇයි...? ඊයේ එක සමනලයෙක් කිව්වේ තෙල් බැරල් එක නැගලා කියල දහවෙනිදා සූත්තර ගේනවලු වැඩිකරන්න. මම වැඩකෙරන්නේ ඔපෙක් රටක....

:       0       0

අසංග Monday, 01 October 2018 09:26 AM

ගෝලීය ආර්ථික අර්බුදය තියෙන්නේ, මොන ග්‍රහලෝකයේද කියලා දන්න කෙනෙක් කියනව ද?

:       0       118

Adam Monday, 01 October 2018 09:45 AM

මුළු රටේම සල්ලි ටික හොරා කාලා දැන් වැදී බණ කියනවා... රට නැත්තටම නැති කළා. රටේ කිසිම පාලනයක් නැහැ.. අහිංසක මිනිස්සුන්ට තියෙන දෙයක් කාලා ජීවත් වෙන්නවත් බැරි තත්වයක් දැන් රටේ උදා වෙලා තියෙන්නේ... 2020 වෙනකම් අපි බලන් ඉන්නේ ...

:       80       184

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 14 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 165 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 531 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 954 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 679 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1531 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site