IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලක්ෂ 20 ක් වටිනා කේරළගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

කිලිනොච්චිය සිට දඹුල්ලට ලොරි රථයකින් රුපියල් ලක්ෂ විසිපහක් වටිනා කේරළ ගංජා කිලෝ 20කට අධික ප්‍රමාණයක් රැගෙනයමින් සිටි පුද්ගලයකු අද (18) වවුනියාව නව බස්නැවතුම්පොළ අසලදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වවුනියාව අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

ලොරි රථයේ රහස් කුටියක් තුල සඟවා දීර්ඝ කාලයක සිට සැකකරු කිලිනොච්චිය සිටි කේරළ ගංජා රැගෙනයාම සිදුකොට ඇති බවත් ආරක්ෂක අංශ වෙත සොයාගැනීමට නොහැකිවන ලෙස මෙම රහස්කුටිය නිර්මාණයකොට තිබූ බවද පොලිසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූයේ සැකකරු දඹුල්ලේ සිට කිලිනොච්චියට එළවළු ප්‍රවාහනය කොට එහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිළදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණයවූ බවයි.

ලොරි රථයට ආරක්ෂාව සපයමින් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් හා තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකුද යන්න සොයා විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරු පොළොන්නරුව , මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 පුද්ගලයකු වේ.

සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (1)

ලක්ෂ 20 ක් වටිනා කේරළගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 June 2020 12:29 PM

වැටලීම් කළ පොලීසියට අපගේ ස්තුතිය ! මේ කේරළ ගංජා එන්නේ ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් බව පැහැදිලිය. මේ අවස්ථාවේදී මේවාත් සමග කොරෝනා ද පැමිණිය හැකි බැවින්, මේ සම්බන්ධව මීට වඩා ඉක්මන් දැඩි පියවර ගත යුතුයි. මන්දයත් ඉන්දියාවේ කොරෝනා වලින් විශාල ලෙස මිනිසුන් මියයන බැවිනි.

:       0       108

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 21 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 63 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 153 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 451 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 186 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 118 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site