IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ දෙකක අල්ලසක් ගත් ආනයන අපනයන පාලකයෙක් අත් අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ජපානයෙන් වාහන දෙකක් අපනයනය කිරීම සඳහා  ආනයන අපනයන දෙපාර්තමේන්තුව ලබා දී තිබූ  නිර්දේශය අවලංගු කරන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගත් එම දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකයා අද (20) පන්නිපිටිය තලවතුගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.

පැමිණිලිකාර වැලිගම ප්‍රදේශයේ පුද්ගලයා වසර දහයක් පැරණි වාහන දෙකක් ජපානයෙන් අපනයනය කිරීම නිර්දේශයක් සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුවට ඉල්ලුම් පහක් යොමු කර තිබී ඇතැයි පොලිසි කියයි.

එම නිර්දේශය ඔහු වෙත ලබා දී ඇති අපනයන ආනයන පාලකයා රුපියල් ලක්ෂ දෙකක මුදල් නොදුන්නොත් එය අවලංගු කරන බව එම පුද්ගලයාට පවසා ඇතැයි පොලිසිය කියයි.

එකි මුදල සැකකාර අපනයන ආනයන පාලකයා අද (20) සිය මොටර් රථයෙන් පැමිණි වැල්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් ලබා ගනිද්දී අත් අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩි දුරටත් පැවසීය.



අදහස් (8)

ලක්ෂ දෙකක අල්ලසක් ගත් ආනයන අපනයන පාලකයෙක් අත් අඩංගුවට

Sanath Friday, 20 July 2018 03:49 PM

මේ දවස්වල අල්ලස් කොමිසම ගිනිකසයා වගේ වැඩ කරන නිසා අල්ලස් කාරයෝ තක්බීර් වෙලා ඉන්නේ.

:       4       136

Mahee Friday, 20 July 2018 08:15 PM

අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතාට පෞද්ගලිකව මගේ ප්‍රණාමය!

:       0       15

rocky Saturday, 21 July 2018 01:43 AM

පගා ගැනීම මේ නිලධාරියාගේ විනෝදාංශය වගෙයි.

:       0       45

රවින් Saturday, 21 July 2018 03:11 AM

ඉස්සෙලම බැලිය යුත්තේ මේ වාහන මොන වර්ගයට අයත්ද කියලා? බරටම ඉල්ලන්න ඇත්තේ වැඩි බර වාහන හින්දා වෙන්න ඇති. කොහොම උනත් " තණ්හාය ජාති සෝකෝ."

:       0       9

lanka Saturday, 21 July 2018 08:58 AM

මේ රටේ රාජ්‍ය සේවය සහමුලින්ම අහෝසිකර දැම්මොත් නම් මේ අල්ලස් ගැනීම නවතී.

:       16       7

sarath perth Saturday, 21 July 2018 09:14 AM

දැන් අල්ලස් ගන්න එක දැලි පිහියෙන් කිරි කනවා වගෙයි. ඒ නිසා අසරණ දරු පවුල අනාථ නොකරන්න වග බලාගන්න.

:       0       12

Tomiya Saturday, 21 July 2018 11:32 AM

ලක්ෂ දෙකක් අරන් විඳින දුකක්. අඩුගානේ මිලියන 3 ක් වත් ගත්ත නම් කිසි කරදරයක් නැතුව දියවන්නාවේ සැපට ඉන්න තිබ්බා.

:       0       11

විමුක්ති Sunday, 22 July 2018 08:18 AM

මේ කාලේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට බොහොම අපල කාලයක්...

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 32 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 26 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 535 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1929 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 371 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site