IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘ලංකාව සමඟ රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉරානය සුදානම්‘‘

(අජන්ත කුමාර අගලකඩ)

ඇමෙරිකානු සම්බාධන හමුවේ ශ්‍රි ලංකාව සමඟ ගනදෙනු  කිරීමේදී රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉරානය සුදානම් බව දැනුම් දී ඇතැයි විද්‍යා තාක්ෂණ පර්යේෂණ හා වෘත්තීය පුහුණු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අද (14) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේ ඇමැතිවරයා මේ බව දැනුම් දී තිබේ.

ඉරානය ශ්‍රි ලංකාවට ඉන්ධන සපයන ප්‍රධාන රටක් වන අතර ඇමෙරිකාව ඉරානයට එරෙහිව මේ වනවිට සම්බාධක පනවා ඇත.

මේ තත්ත්වය තුළ ඉරානය ශ්‍රි ලංකාව සමඟ වෙළඳ කටයුතු ඉදිරියට කරගෙන යෑමට සුදානම් බවත් එහිදී ජාත්‍යන්තර මුදල් ඒකකය ලෙස ශ්‍රි ලංකා රුපියල පිළිගැනීමට ඉරානය එකඟ බව දැනුම් දී ඇති බවත් අමුණුගම ඇමැතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා මංගල සමරවීර , ආචාර්ය සරත් අමුණුගම, අර්ජුන රණතුංග සහ තිලක් මාරපන යන  ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක්ද කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇත.



අදහස් (7)

‘‘ලංකාව සමඟ රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉරානය සුදානම්‘‘

Raveendra Tuesday, 14 August 2018 04:48 PM

අනේ අපොයි ඒ රටටත් දෙයියන්ගේම පිහිටයි.

:       304       35

gihan Wednesday, 15 August 2018 03:38 AM

ඒක ඉරානයේ හොඳ තීරනයක් වගේම ලංකාවට විශාල අවස්ථාවක්. ඒක පරිස්සම් කරගන්න ලංකාවෙ දේශපාලුවො බලා ගන්න ඕනේ. ඒකෙදි රුපියල ස්ථාවරව තියා ගන්න ඕනේ.

:       0       25

himal Wednesday, 15 August 2018 04:10 AM

මේ යෝජනාවෙන් ලංකාවට නම් ලොකු ගැටළුවක් වෙන්නේ නෑ. නමුත් සම්බාධක පැනවීම තුල ඉරාන රියාල් අධිකව පිරිහෙන්න හැකියි. කෘත්‍රිමව කෙටි කාලයකදී පාලනය කළ හැකි වුවත් දීර්ඝ කාලීනව අපහසුයි. එතකොට ඩොලරය ශක්තිමත් වීම හා අවාසිදායක ණය සේවාකරණ අනුපාතයන් නිසා රුපියල තවත් ක්ෂය වෙනවා. එහිදී හරස් විනිමය අනුපාතයන් මඟින් තමයි විය හැකි සැබෑ වාසිය හෝ අවාසිය තීරණය වෙන්නේ ලංකාවට. මේ සඳහා අවශ්‍ය නම් ඉදිරි විනිමය අනුපාත ගිවිසුමකට යෑම කල හැකි වුවත් මෙවන් අවිනිශ්චිත තත්ත්වයක එවැන්නක් කරන්න අවදානම්.

:       549       1

norman senanayake Wednesday, 15 August 2018 05:21 AM

කිනම් කෙනෙකු හෝ කිනම් පාර්ශවයක් කෙතරම් උත්සහ කලත් රට අර්බුද කාරී තත්වයකට පත්කරන්නට, ලංකා දේශයට ලෝකයේ තිබෙන පිළිගැනීම විටින් විට ඉස්මතුවෙනවා ...මේ සිද්දවෙන්නේ එවැනි කාරණයක් ....

:       22       1

AsankaWednesday, 15 August 2018 06:21 AM

ඔන්න උම්බෑ හඬක් ආවා. මේ වෙලාවේ ඉරානය බංගලිදේශය එක්ක හරි කමක් නැහැ ගනුදෙනු කරනවා.

:       26       35

Dissanayaka Wednesday, 15 August 2018 05:34 AM

ඕකට ඇමෙරිකාව හරස් වෙයි.

:       0       6

Bamunuarachchi Wednesday, 15 August 2018 11:10 AM

අපි පොඩිකාලේ සෙල්ලම් කඩවල කලාවගේ පිඟන් කටුවලින් ගනුදෙනු කරන්න බැරිද? ලෝකයේ මුදල් සමග බලනවිට පිඟන් කටු රුපියල් වලට වඩා වටිනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 361 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 738 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 641 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 915 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 737 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 106 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site