ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඉදිරි දෙවසරක කාලයේදී ඕස්ට්‍රේලියානු ඩොලර් 700,000ක මුදලක් (රුපියල් කෝටි 84.5කට) ආසන්න මුදලක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
‘මයික් ඇක්ෂන් ගෲප් (මැග්)’ සහ ශ්‍රී ලාංකික ආයතනයක් වන ‘ඩෙව්ලන් ඇසිස්ටන්ස් ෆෝ සෝෂල් හාර්මනි” යන සංවිධානවල හවුල්කාරීත්වයෙන් ඕස්ට්‍රේලියානු රජය එම මුදල ශ්‍රී ලංකාවට ලබා දෙයි.
මෙම නව ආධාර මගින් උතුරු පළාතේ මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වැදගත් වන ආර්ථික සහයෝගය ලබාදෙන බව කොළඹ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ ඔස්සේ විශාල පවුල් ප්‍රමාණයකට නැවත ඔවුන්ගේ ඉඩම්වලට පැමිණ නැවත ජනජීවිතයට ආරම්භ කිරීමට අවස්ථාව උදා වේ.
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වැඩි වශයෙන් ආධාර මුදල් දෙන රටවල් අතර ඕස්ටේ්‍රලියාව මුල් තැන පසුවෙයි. වසර 2009 සිට මේ දක්වා කාලයේදී ඕස්ට්‍රේලියානු බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20කට (රුපියල් කෝටි 240කට ආසන්න මුදලක්) ලබා දී ඇතැයි ද ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
(055)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට ඕස්ට්‍රේලියාවෙන් කෝටි 85 ක්