(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු යැයි ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වාන් පැබ්ලෝ බොහොස්ලැව්ස්කි අද (11) පැවැසීය.
මෑත වසරවලදී ශ්‍රී ලංකාව විශේෂයෙන්ම සාමය සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත්‍රවලින් පෙන්නුම් කර ඇති මූලික වෙනස්කම් අයවැයෙන් ආරක්ෂාව සඳහා වෙන් කරන ලද මුදල්වලින් පෙන්නුම් කරන්නේ ද යන්න පිළිබඳව විවෘත සාකච්ඡාවක් කළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා කීවේය.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් මත මෙරටට පැමිණි ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වාන් පැබ්ලෝ බොහොස්ලැව්ස්කි කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉහත කරුණු සඳහන් කළේය.
සැප්තැම්බර් 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වාන් පැබ්ලෝ බොහොස්ලැව්ස්කි දින නවයක කාලයක් මෙරට රැඳි සිටියේය.
එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා මෙසේ ද පැවැසීය.
“වසර 2000 සිට 2009 දක්වා කාලයේදී ශ්‍රී ලංකාව ලබාගත් විදේශ ණය දෙගුණ වී තිබෙනවා. 2009 පසුවත් විදේශ ණය වැඩි වී තිබෙනවා. 2017 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ විදේශ ණය එක්සත් ජනපද ඩොලර් බිලියන 28.7ක් බවට පත්ව තිබෙනවා.
2009 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 86.2ක් වූ ණය 2017 දී සියයට 77.4ක් දක්වා පහත වැටී තිබෙනවා. එසේ වුවත් අතිවිශාල ණය ප්‍රමාණය සැලකිල්ලට ගත යුතුයි.
එකතු කළ අගය මත බද්ද (වැට්) සැලකිය යුතු වැඩි කිරීම සම්බන්ධයෙන් මා වැඩි සැලකිල්ලක් දක්වනවා. වසර 2016 දී එය සියයට 11 සිට 15ක් දක්වා වැඩි වී තිබෙනවා. එවැනි බදුවල පිරිවැය දරන්නේ ජනගහනයේ සිටින දුප්පත්ම ජන කොටස්. එකතු කළ බදුවලින් ලබාගත් ආදායම 2017 වසරේදී සියයට 56.5ක් දක්වා වැඩි වී තිබෙනවා. එහෙත් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
අද රටේ අයවැය බැලුවොත් එහි වඩාත් වැදගත්ම වියදම බවට පත්ව තිබෙන්නේ ණය නැවත ගෙවීමයි. ඒ සඳහාත් ණය ගෙවීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව 2012 වසරේදී මැදි ආදායම් රටක් බවට පත්වුණා. වසර 2006 දී සහනදායී නොවන විදේශ ණය සියයට 7ක් වූ අතර එය 2012 වසරේදී සියයට 50ක් දක්වා වැඩිවුණා.
අදාළ ණය සේවාවලට වැදගත් බලපෑමක් සිදු කර තිබෙනවා. ඒවායේ පොළී අනුපාත ඉතා ඉහළ අතර කල් පිරෙන්නේ ඉතා කෙටි කාලයකින්. සංචිත මැදිහත් මට්ටමක පැවැතී තිබෙනවා. රටේ ණය අවදානම දැඩි සැලකිල්ලකින් යුතුව කළමනාකරණය කළ යුතුයි.
ග්‍රාමීය ආර්ථික තුළ ආයෝජන කිරීමේදී කුඩා පරිමාණ නිෂ්පාදකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.
ශ්‍රී ලංකාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලියේ නිරත වී සිටිනවා. ඊට ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළත් කළ යුතුය. ජාතික නෛතික පද්ධතියට එම අයිතිවාසිකම් ඇතුළත් විය යුතුයි. සමාජ ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාව බැඳි සිටින ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නෛතික පොරොන්දු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යැයි මම නිර්දේශ කරනවා.
2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසුව කොළඹ බාහිර වටරවුම් අධිවේගී මාර්ගය, විදුලි උත්පාදන කම්හල්, හම්බන්තොට වරාය සහ හම්බන්තොට ගුවන් තොටුපොළ ඇතුළත් මහා පරිමාණ ව්‍යාපෘති රට පුරා ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ නීති රාමුවෙන් මෙවැනි මහ පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර සවිස්තරාත්මක මානව අයිතිවාසිකම් බලපෑම් තක්සේරු කිරීමක් සඳහා මානව අයිතිවාසිකම් ප්‍රමිති පදනම් කරගනිමින් එම ගැටලු පිළිබඳ ශක්තිමත් සහ සවිස්තරාත්මක නීති සම්මත කිරීමට මම ආණ්ඩුවට උපදෙස් දෙනවා.
ණය ලබා ගන්නන්ට තම ජීවන මාර්ග පවත්වා ගැනීමට හැකි කරවීමෙන් බොහෝ දෙනා දුප්පත්කමින් මුදා ගැනීමට ඉවහල් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය ගැන මම අවධානය යොමු කළා. එහිදි බොහෝ කරුණු අනාවරණය වුණා. ණය දෙන්නන් කරන අයථා ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබෙන බව මගේ අවධානයට ලක්වුණා. ශ්‍රී ලංකා රජය කඩිනමින් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතුයි.
ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය ලබාගන්නන් විශාල පිරිසක් සිටිනවා. විශේෂයෙන්ම යුද්ධය නිසා පීඩාවට පත්වූ ප්‍රදේශවල ජනතාව සහ අනෙක් ප්‍රදේශවල ස්ත්‍රීන්. ණය ගන්නන්ගෙන් වැඩි දෙනා ස්ත්‍රීන්. ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය දෙන්නන්ගේ විශේෂ ඉලක්කයක් වී තිබෙනවා.
ණය දෙන ආයතන ඔවුන්ගේ ණය සඳහා සියයට 220 ක පොළී අනුපාත අය කරන අවස්ථාව බොහෝමයක් වාර්තා වී තිබෙනවා. එය වැල් පොළී අනුපාතයක්. මේ යාන්ත්‍රණය ණය දෙන්නන්ට විශාල වාසි අත්පත් කරදෙනවා. එහෙත් ණය ගන්නන් විශේෂයෙන්ම කාන්තාවන් මත විශාල බරක් පටවනවා.
ණය ගෙවීමට යෑමේදී ණය ගන්නන් විශාල වශයෙන් පීඩාවට පත්ව තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ණය ලබාගත් කාන්තාවන් මානසික සහ කායික පීඩාවන්ට පත්ව තිබෙනවා. ඔවුන් ලිංගික බලපෑම්වලට ද ගොදුරු වී තිබෙනවා. ණය ගෙවීමට බැරිව වකුගඩු විකිණීමට සූදානම් වූ පිරිස් පිළිබඳ මට තොරතුරු වාර්තා වුණා.
අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් කරන රාජ්‍ය වියදම් සීමා කරමින් අයවැය සැකසීමට උත්සාහ කිරීම දීර්ඝ කාලීන සංවර්ධනයට බාධා පැමිණවිය හැකියි. එමෙන්ම සමාජ සහ ආර්ථික ස්ථාවරත්වය මත ඍණාත්මක බලපෑම් ඇති කළ හැකියි.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වාන් පැබ්ලෝ බොහොස්ලැව්ස්කි මෙම ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.
ඡායාරූප - සමන්ත පෙරේරා
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම
ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘ලංකාව ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් ගැන නැවත සිතා බැලිය යුතුයි‘‘
Chandima Tuesday, 11 September 2018 04:29 PM
අපේ රටේ ආරක්ෂාව වටින්නේ අපිට.
de silva Tuesday, 11 September 2018 04:49 PM
ආරක්ෂාව සදහා වියදම් කරේ නැත්නම් ත්‍රස්තවාදී , පාතාල අපව මරා දමනු ඇත. නමුත් දරන්න බැරි මේ දේශපාලකයන්ගේ නඩත්තු කරන්න කරන මේ බොරු වියදම, වැඩකට නැති මේ පළාත්සභා වැනි දේවල් අහෝසි කරන්න. ඔය සුපිරි වී -8 සහරා ජීප් වැනි වාහන මොවුන්ට අවශ්‍ය නැත. ගමන් බිමන් වලට මරුටි ජීප් එකක්ක හොඳටම ඇතිය, පාර්ලිමේන්තුවේ ආහාරය ලෙස වැංජන 2-3 සමග බත් සෑහේ. දේශපාලකයන් රජයේ වියදමින් කරන අනවශ්‍ය රට ගමන් අඩු කරන්න
විජිත් Tuesday, 11 September 2018 05:40 PM
ඔබගේ අදහස් නිවැරදියි.
රජින්ද Tuesday, 11 September 2018 05:33 PM
මෙතුමාට මේ විස්තර ටික හොයා ගන්න ගියේ දවස් නවයයි. මෙතරම් කුඩා රටක 225ක් ඉදලත් මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න වලින් දාහකින් එකක්වත් අවුරුදු ගානක් පුටු රත් කරලවත් හොයා ගන්න බැහැ. පුරසාරම් රැවටිලි වලින්ම දුවන රට මෙහෙයවන්නන් පිරිසක් පමණයි ඉන්නේ. රටේ සහ රට වැසියන්ගේ අවාසනාව..
NASRUDIN Tuesday, 11 September 2018 06:03 PM
මේ විශ්ලේෂණය තරමක් විවාදාත්මකයි. මෙයා ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ ක්‍රියාකාරකම් වලට ජනතාවගෙන් ලබා ගන්න බදු මුදල් සීමා රහිතව කෙරෙන වියදම් පැත්ත ගැන දැකලා නැද්ද? නොදැක්ක වගේ ඉඳලද?
ROSHAN Wednesday, 12 September 2018 02:49 AM
මේ මහත්මය විදේශිකයෙකු හැටියට ලංකාව සම්බන්දයෙන් එම කුඩා කාලය ඇතුළත 90% පමණ දේ හොයාගෙන තිබෙනවා. එසේ වන්නේ රටක් විදිහට එය සැලසුම් කරන්නේ කෙසේද යන්න සුවදීනවා කල්පනා කලොත් විතරයි.අපේ රට ගොඩ ගැනීමට පුළුවන් මිනිසුන් සිටියත් (දැනට හෝ පෙර දේශ පාලනයේ නැත ) බලයට පැමිණීම සිහිනයක් පමණයි . එය රටේ අවසනවයි
රවින් Wednesday, 12 September 2018 02:59 AM
ශ්‍රී ලංකාවේ විතරමද ආරක්ෂක කටයුතුවලට කරන වියදම් වැඩි? කොහෙන් හරි ගණනක් අරගෙන වගේ? ලංකාවේ විතරක් නොමේ ලෝකය පුරාවටම දූෂණය තියන බවට තවත් සාක්ෂියක්...
Ajith Wednesday, 12 September 2018 03:09 AM
මොනව වුණත් රටේ විය යුත්තේ මෙයයි. මෙහි හරය තමයි ලංකාව මත පැටවී තියෙන අති විශාල ණය බර. එයට වන්දි ගෙවන්නේ දුප්පත් මහජනයා. ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමෙන් ණය ගෙවීමේ හැකියාව ඔවුන්ට ලැබෙනවා. එහෙම නැතුව අනෙක් ක්ෂේත්‍රවලට අවශ්‍යතාවට එහා වියදම් කිරීමෙන් වියදම් වැඩිවෙනවා.
Harshana Wednesday, 12 September 2018 06:07 AM
අයියෝ ඕකට නම් අපේ කට්ටිය එක පයින් කැමති වෙයි. මොකෝ ඒ ගොල්ලන්ට මේ රට තිබුණත් එකයි නැතත් එකයිනේ. රට විකුණල හරි බඩ ගැන විතරක් හිතන කට්ටියනෙ. හරියට ලක්ෂ 62 වගේ.