IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ අලුත් සිතියම මැයි අගදී නිකුත් කරයි

( තිළිණි ද සිල්වා )
 
වෙනස්කම් ඇතුළත් කර සකසන ලද දිවයිනේ නව සිතියම ලබන මැයි මස අගවන විට නිකුත් කිරිමට සැලසුම් කර ඇති බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
 
ඒ අනුව ඊට අදාළ දත්ත රැස් කිරීම් මේ වනවිට අවසන් කර ඇති බවද මිනුම්පති පී.එන්.පී උදයකාන්ත මහතා කියා සිටී.
 
මෙරට කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සහ අනෙකුත් ප්‍රදේශවල සිදු වූ භූමියේ වෙනස්කම් හේතුවෙන් මෙලෙස නව සිතියමක් සැකසීම ආරම්භ කෙරිණි.
 
මේ යටතේ එලෙස සැකසූ නව සිතියම මුද්‍රණය කිරීමේ කටයුතු ඉදිරියේදී සිදුකරන බවයි මිනුම්පති පී.එන්.පී.උදයකාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (15)

ලංකාවේ අලුත් සිතියම මැයි අගදී නිකුත් කරයි

sampath Sunday, 08 April 2018 01:05 PM

තවත් ගොන් පාර්ට් එකක්... එහෙනම් ඩුබායි කටාර් වගේ රටවල්වල නව ඉදිකිරීම් වල හැටියට එයාලට හැම මාසෙකම අලුත් සිතියම් හදන්න වෙන්නේ. මෙහෙම ගියොත් මෙයාලා ලෝක සිතියමත් හදයි. ඔයිට වැඩිය හොඳ නැද්ද අනවසරයෙන් අල්ලගත්තු රජයේ ඉඩම් ටික මැනලා ආපහු රජයට ගන්න ක්‍රියා කළා නම්... මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට කරන්න වැඩද නැත්තේ...?

:       821       257

BamunuarachchiSunday, 08 April 2018 03:51 PM

දන්නා මගුලක් කතා කරන්න හලෝ. කටාර් සිතියම කටාර් ජී.අයි.එස්. ආයතනය මගින් හැමදාම අලුත් කරනවා. ඒ සඳහා මිනින්දෝරු කණ්ඩායම් 13ක් පමණ සියලු පහසුකම් සහිතව යොදවා මැනුම් කටයුතු කරනවා. අලුත් කිරීම් ඩේටා බේස් කරනවා. ඕනෑම කෙනෙකුට ඒ ඩේටා බේස් එකෙන් සිතියම භාවිතා කරන්න පුළුවන්...

:       20       439

WaruMonday, 09 April 2018 12:19 AM

මෝඩ අදහස් එපා සම්පත්...

:       0       1

විකුම් රංගන Sunday, 08 April 2018 01:19 PM

අපේ ලංකාවේ මිනින්දෝරුවෝද මේ වැඩේ කරන්නේ? එහෙම නම් ඉතින් අහන්න දෙයක් නැහැ... වැඩේ අවුල්? කට කයිවාරුව විතරක් ඇති, වැඩ බැරි ටාසන්ලා කවදාද හරියට වැඩක් කලේ?

:       619       30

BamunuarachchiSunday, 08 April 2018 04:42 PM

මෙපමණ කලක්, අවුරුදු 218 මේ රට සියලුම මැනුම් කටයුතු කලේ ලංකාවේ මිනිදොරුවන් දිනකට සැතපුම් 4 - 5 පයින් කැලෑවල ඇවිදලා කරපු සේවය තමයි අද ජනතාව භුක්ති විඳින්නේ. ඒවා ගැන දන්නේ ඒ පහසුකම් බුක්ති විඳින ජනතාව මිසක් පිටරටවලට ගොස් ටැක්සි එලවන අය නොවෙයි.

:       0       820

uddikaMonday, 09 April 2018 03:43 AM

අඩු පහසුකම් යටතේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ මිනිම්දෝරු දෙපාර්මේන්තුවේ වැඩ කරන උදවිය ගැන මම දන්නවා. මේ ලොරි ටෝක් දෙන උදවියගේ උගත්කම මේ පැහැදිලි වෙන්නේ. අඩුගානේ අර සම්පත් කියන පඩිතුමා දන්නේ නැහැ මිනුම්දෝරු දෙපාර්මේන්තුවේ රාජකාරිය වත්. ඉඩම් දෙපාර්මෙන්තුවයි මිනුම් දෙපාට්මෙන්තුවයි දෙකක් කියලා දන්නේ නැහැ.

:       0       6

RaveendraMonday, 09 April 2018 04:48 AM

විකුම් රංගන මය වෙත, අප දන්නා පරිදි ( අප වැරදි නම් කරුණාකර නිවැරදි කරන මෙන් ඉල්ලා සිටින්නෙමු) මිනින්දෝරු දෙපාර්තුමේන්තුව ලංකාවේ තිබෙන පැරණිම දෙපර්තුමෙන්තුවක් වන අතර මිනින්දෝරුවෝ තම වෘතීය ඉතාමත්ම දුක්ගැහැට විඳ සේවය කරන්නෝය. තවද ඔවුන්ගේ නිහඩ සේවය අගය කරනවාද යන්න සැක සහිත වන අතර විදේශ රටවල ලාංකික මිනින්දොරුවන්හට ඉහල ඉල්ලුමක් ඇතිබවත් කිවයුතුය. අවසාන වශයෙන් "ඕනෑම වෘතීයකම" දෙවිවරු මෙන්ම යක්ෂයන්ද සිටින බව අප සැවොම දන්නා කරුණක් බව කිව යුතුය.

:       0       13

rohana kumara mendis Sunday, 08 April 2018 06:15 PM

ඔය කවුරු මැන්නත් හැම රටකම පාවිච්චි කරන්නේ ගූගල් සිතියම් තමයි ලෝකේ කොහේ උනත් හොයා ගන්න බලන්න ගූගල් තමයි

:       0       0

Raveendra Monday, 09 April 2018 07:35 AM

rohana kumara mendis මයා වෙත, ඔබගේ අදහස්වලට අප ගරු කරන අතර ඒවා පිළිගැනීමට නොහැකි බවත් කීමට කැමැත්තෙමු. අප දන්නා පරිදි ගූගල් සිතියම් මෑත කාලයේ කරලියට පැමිණි වැදගත් දෙයකි. නමුත් අප අසා ඇති පරිදි එමගින් අපට අවශ්‍ය ස්ථානයක් හෝ ප්‍රදේශයක් සොයා ගැනීම වැනි ප්‍රයෝජන ගත හැකි අතර දලවශයෙන් අදහස්ද ලබාගති හැකි වන බව අපගේ හැගීමයි.(සමරවිට අප සම්පුර්ණයෙන්ම වැරදි වන්නට පුළුවන). නමුත් වඩාත් නිවැරදි මැනුම් ක්‍රියාවන් සදහා "ගූගල් සිතියම්" බාවිතා කරන්නේද යන්න ඉතාමත්ම සැක සහිත බව අපටනම් හැගේ. මක්නිසාදයත් "ගූගල් සිතියම්" වල නිවැරදි තාවය පිලිබදව ගැටළුවක් පවතිනවා නේද ? කරුණාකර දන්නා කිසිවකු සිටිනම් අපව දැනුවත් කරනමෙන් ඉල්ලා සිටින්නෙමු.

:       0       3

BamunuarachchiMonday, 09 April 2018 06:31 PM

රවින්ද්‍ර බොහෝ අය ගූගල් සිතියම පාවිච්චි කරන්න ස්ථාන බලාගැනීමට පමණයි. නමුත් මෙම සිතියමට ඇතුල්වීමට ක්‍රම තිබෙනවා. එසේ ඇතුල් උනාම UTM ඛණ්ඩාංක වලින් හෝ ඒ ඒ රටවලට අයත් ඛණ්ඩාංක වලින් වැඩ කර ගන්න පුලුවන. ඒවාට බොහොමයක්ම ගණිත ගැටළු සම්බන්දය.

:       0       5

ගයාන් ප්‍රියන්ත Monday, 09 April 2018 07:46 AM

දුක යනු මේ ක්ෂේත්‍රය ගැන මෙලෝ මගුලක් නොදන්නා අය කටවාචාලකමට ගොන් කතා කියවීමයි.

:       17       1

විකුම් රංගන Monday, 09 April 2018 09:37 AM

සමහරුන්ට ඇත්ත ඇහෙද්දී කුලප්පුව ඇතිවීමේ රෝගය ගැන අපි නොදන්නවා නොවෙයි. අතීතයේ ලංකාවේ, මිනින්දෝරු දෙපාර්තුමේන්තුව පමණක් නොවෙයි, ඕනෑම ක්ෂේත්‍රයකම ප්‍රමිතියක් තිබුණා. ඒ අතීතය තළුමරමින් කයිවාරු ගැහුවට පලක් නැහැ. මේ සියලු ක්ෂේත්‍රයන් වර්තමානයට යාවත්කාල වුනේ නැතිනම්. රජය සතු ඉඩම් වල භූමි ප්‍රමාණයන් දැක්වෙන සීමාවන් හා දත්ත නිවැරදිව හා ඒ සඳහා නියමිත සීමා සලකුණු මේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව යොදා තිබේද? විල්පත්තුව ජාතික වන උද්‍යානයට අයත් වන භුමි ප්‍රමාණය හා එහි සීමාවන් දැක්වෙන සලකුණු ඇත්තේ කොහිද? මෙයට අමතරව රජය සතු අනෙකුත් රක්ෂිත බිම් වගුරුබිම් වල සීමා සලකුණු තිබේද? වැඩිය ලොකු කතා අවශ්‍ය නැහැ. තමන්ගේ පෞද්ගලික ඉඩමම මිනින්දෝරුවන් දෙදෙනෙකු විසින් මැන්නොත් එතනම ප්‍රමාණයන් දෙකක්? එහෙම නැත්නම්, මහපාරත් ඉඩමට අල්ලලා මැනලා... අන්න ඒකයි හලෝ ඇත්ත තත්වය... පිළිගන්නවා නම්, පිළිගන්න.. නැත්නම්, අපි තමයි ලෝකෙටම කෙරුමෝ කියලා හිතාගෙන, හුරේ දාලා වැඩ බැරි අයව පත් කරලා ඔවුන් සිදුකරන ගැටළු, පසුව තමන්ම විසඳාගෙන සතුටින් ජීවත් වෙන්නේ...

:       0       0

BamunuarachchiMonday, 09 April 2018 11:02 AM

දන්න මගුලක් කතා කරන්න හලෝ... විෂය දන්නා අයව හිනාගස්ස වන්නේ නැතිව... ඔහෙට වඩා ඉඩම් නඩුවක පැටළුණු ගමේ මනුස්සයෙකුට මේ විෂය ගැන අවබෝධයක් තිබෙනවා.

:       0       0

විකුම් රංගන Monday, 09 April 2018 01:00 PM

මේ බමුණු, තප්පුලන්න කලින් විෂය බද්ධ කරුණු දැනගෙන තර්කානුකූලව කතා කරන්න පුරුදු වෙන්න මුලින්ම. ඔහේ ඔච්චරටම මේ විෂය ගැන දන්නවා නම්, පෙන්නනවකෝ විෂය පිලිබඳ දැනුම හා එහි ක්‍රියාකාරකම් හා ප්‍රතිඵල... ඔහේ ලංකාවේ මිනින්දෝරුවන්ගේ ලණුව අල්ලපු කෙනෙක් වගෙයි කතාවෙන් පෙනෙන්නේ. "ෆෙඩ්රික් නෝර්ත්" කියන සුද්දාට පහනක් පත්තුකරලා, ලංකාවේ ටෙලියකුත් බලලා නිදා ගන්න.. මෙතන කුලියට කහින්නේ නැතිව...

:       6       0

BamunuarachchiMonday, 09 April 2018 06:09 PM

මට වඩා ඔබ මේ විෂය දන්නේ කොහොමද මේක මගේ අවුරුදු 50 ගානක් කල වෘත්තිය. ඔබලා වගේ අය තමයි දොස්තරලා ලඟට ගොස් පණු බෙහෙත් විටමින් ඉල්ලන්නේ. එකයි කීවේ නොදන්නා විෂයන් ගැන කතා කරන්න එපා කියලා. එයින් පෙන්වන්නේ තමන්ගේ මෝඩකම. ඔබලා නඩුකාරයින්ටත් නීතිය කියලාදෙන අයනේ.

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2359 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 99 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 203 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 198 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 181 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 709 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site