IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංකාදීප ආලෝක පූජාව මුළු රටටම මහත් අස්වැසිල්ලක්

හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට

තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව අඛණ්ඩව පවත්වාගෙන යෑම තන්තිරිමලේ ජනතාවට, සමස්ත බෞද්ධ ජනතාවට මෙන්ම මුළු මහත් රටටම මහත් අස්වැසිල්ලක් හා ගෞරවයක් යැයි මහවිලච්චිය ප‍්‍රදේශීය ලේකම් ඊ.ආර්.එම් තිලකරත්න මහතා අද (29) ප‍්‍රකාශ කළේය.

විජය පුවත්පත් සමාගම මගින් අඛණ්ඩව 15 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරස්ථාන පුදබිමේ සංවිධානය කෙරුණු ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ අවසන් දිනයේ ස්තූති කතාව කරමින් තිලකරත්න මහතා ඒ බව කීය.

අවසාන දිනය මෙන්ම තෙවැනි දිනය වූ අද (29)  ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ විවෘත කරනු ලැබුවේ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ  සහ ලංකාදීප ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ , මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් ඊ.ආර්.එම් තිලකරත්න සහ සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල යන මහත්වරුන් විසිනි.

තවදුරටත් අදහස් දැක්වූ මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් ඊ.ආර්.එම් තිලකරත්න මහතා මෙසේ ද කීය.

‘‘මේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව පවත්වද්දි අපට මතක් වෙන ආයතනයක් තමයි සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම. ඒත්  සමගම මතක් වෙන නම තමයි එක්සත් ප‍්‍රවෘත්ති සමාගමේ නිර්මාතෘ එහෙමත් නැතිනම් ලේක්හවුස් නිර්මාතෘ ඞී.ආර්.විජයවර්ධන මහතා. ඞී.ආර්. විජයවර්ධන මහතා පුවත්පත් කලාව ලංකාවේ ආරම්භ කරන්නේ මේ රටේ ජනතාව විජාතික අධිරාජ්‍යයකට යටත් වෙලා සිය පාලනය ඉල්ලන ස්වපාලනයට සූදානම් වන සමයකි.

සිංහල බෞද්ධ ජනතාව දැනුවත් කරමින් නිදහස් සටන ශක්තිමත් කිරීමට ඞී.ආර්. විජයවර්ධන මහතාට අවශ්‍ය වුණා. නිදහස් සටන එක් යුගයක් ලෙස ඞී.ආර්. විජයවර්ධන යුගය එක්සත් ප‍්‍රවෘත්ති සමාගමේ ආරම්භක සමය පෙන්වා දෙන්න පුළුවන්. ඞී.ආර් විජයවර්ධන මහතා මෙරට පුවත්පත් කලාවේ ඞී.ආර් විජයවර්ධන මැතිතුමා මෙරට පුවත්පත් කලාවේ නිර්මෘත කියලා කියන්න පුළුවන්. ඒ ගැන කිසිදු විවාදයක් නැහැ.

ඞී.ආර්. විජයවර්ධන මහතා ආරම්භ කළ එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම අපේ රටේ අභාග්‍යයකට එතුමාලාගෙන් ගිලිහුණා. එසේ වුවත් රංජිත් විජයවර්ධන මහතා විජය පුවත්පත් සමාගම ආරම්භ කරලා ආලෝක පූජා වැඩසටහන තවදුරටත් පවත්වාගෙන යෑමට කටයුතු කළා. මේ ආලෝක පූජාව අඛණ්ඩව පවත්වාගෙන යෑම තන්තිරිමලේ ජනතාවට, බෞද්ධ ජනතාවට, මුළු මහත් රටටම අස්වැසිල්ලක්, බලාපොරොත්තුවක්. මේ ආලෝක පූජාව පවත්වාගෙන යෑම තිස් අවුරුදු යුද්ධයෙන් බැට කාපු ජනතාවට කරන ගෞරවයක්.

අපවත් වූ නායක හාමුදුරුවෝ වගේම අපේ වත්මන් නායක හාමුදුරුවෝ තන්තිරිමලේ පුදබිම වෙනුවෙන් තන්තිරිමලේ ජනතාව වෙනුවෙන් හලපු ලේ, කඳුළු, දහඩිය, මහන්සිය උන්වහන්සේලාගේ කැපවීම, උනන්දුව රටට ලෝකයට කීවේ ලංකාදීප පුවත්පත. ඒ නිසා මේ ලංකාදීප ආලෝක පූජාව අප සියලූ දෙනාටම, යුද්ධයෙන් බැට කපා ජනතාවට කරන ගෞරවයක්.

තන්තිරිමලේ ජනතාව මේ දුක, කටුක බව, අභියෝග විඳගෙන නොසිටියා නම් අපට අනුරාධුපරය පමණක් නොව මුළු මහත් රටම නැති වෙන්නට තිබ්බා.

අපේ මහ සංඝරත්නය, අපේ ජනතාව, මේ ගම් පළාත්වල සියලූ දෙනා කරපු කැපවීමේ ප‍්‍රතිඵල අපට අද දක්නට තිබෙනවා. අපේ මහ සංඝරත්නය, අපේ ජනතාව, මේ ගම් පළාත්වල සියලූ දෙනා කරපු කැපවීමට වටිනාකමක් දුන්නේ ලංකාදීප පුවත්පත. ඒ නිසා ලංකාදීප පුවත්පතට විශේෂ ගෞරවයක් හිමිවිය යුතුයි. 

ඒ වගේම විශාල රාජ්‍ය ආයතන ගණනාවක් මේ කටයුත්ත සාර්ථක කරගැනීමට අපට උපකාර කළා. විද්‍යුත් නාලිකාවක් විදියට ජාතික රූපවාහිනිය 11 වතාවක් මේ ආලෝක පූජාව සහ තන්තිරිමලේ පුදබිම රටට ලෝකයට පෙන්වුවා. ඒ වගේම ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, රාජ්‍ය නිලධාරීන්, ගම්වාසීන් ආදී සියලූ දෙනාට මම කෘතඥ වෙනවා.

මා නැවතත් විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන, ලංකාදීප පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ සිරි රණසිංහ යන මහත්වරුන් ඇතුළු එම සමාගමේ සියලූ දෙනා නැවතත් ගෞරව පූර්වකව සිහිපත් කරනවා.

සමාගමේ බොහෝ පිරිසක් තමන්ගේ පෞද්ගලික කටයුතු කැප කරලා මේ අවස්ථාවට එක්වුණා. විශාල මහන්සියක් දැරුවා. ඒ නිසා ඔවුන්ට පමණක් ඔවුන්ගේ එම කැපවීමට දරාගෙන එම කටයුතුවලට සහාය දැක්වූ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ගෞරව පූර්වකව සිහිපත් කරමින් ස්තූතිවන්ත වෙනවා.

අවසාන වශයෙන් මේ  පූණ්‍ය උත්සවයට දායකත්වය දැක්වූ මහා සංඝරත්නය ඇතුළු සියලූ දෙනාට මා නැවත නැවතත් ස්තූතිවන්ත වෙනවා.

තන්තිරිමලේ පොසොන් ආලෝක පූජා කමිටුවේ සභාපතිවරයා ලෙසත් ප‍්‍රාදේශීය ලේකම් ලෙසත් අද මට මහත්  සතුටක් තිබෙනවා. මම මේ ප‍්‍රදේශයට ඇවිත්  වසර පහක් වෙනවා.එහිදි මෙම පොසොන් කමිටු හයකට සම්බන්ධ වෙමින් මේ මහත් පුණ්‍ය උත්සවයට සම්බන්ධ වුණා. ඒ වගේම රාජ්‍ය නිලධාරියෙක් විදියට මා සහභාගී වන සංවිධානය කරන අවසන් පොසොන් උත්සවය, අලෝක පූජාව මෙය බවත් මතක් කරන්න කැමැතියි.

ලබන වසරේදී මා මේ උත්සවයට සහභාගී වෙන්නේ බෞද්ධයෙක් විදියට. ඒ වගේම ඉදිරි සෑම වසරකදීම මා මේ ලංකාදීප පොසොන් ආලෝක පූජාවට සහභාගී වන බව බැති සිතින් සිහිපත් කරනවා’’.

 

‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ තෙවැනි හා අවසාන දිනය වූ අද අනුශාසනාව සහ පුණ්‍යානුමෝදනාව කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජ මහ විහාරයේ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ මෙසේ කීහ.

‘‘ඉතාම සුෂ්ක කටුක අවස්ථාවක මේ ආලෝක පූජාව ආරම්භ කළ ප‍්‍රාදේශීය ලේකම්වරු, භික්ෂූන් වහන්සේලා විදුලි රැහන් ඇදපු හැටි, මන්තී‍්‍රවරුන් කොට ඇදපු, කල්දේරම්වල බත් උයපු හැටි මට මතක් වෙනවා. නිලධාරී මහත්වරු පස්පුරවපු කාලය මට මතක් වෙනවා.

දඹුල්ලට ගිහින් වෙළෙඳසැල්වලින් බඩු මුට්ටු ගෙනාපු හැටි මට සිහිපත් වෙනවා. ඒ සියල්ල ඉතා සුන්දර අත්දැකීම්. මේ සෑම අවස්ථාවකදීම ප‍්‍රදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් පේමඩුවේ සුමංගල ස්වාමීන් වහන්සේ සෙවනැල්ලක් මෙන් මා සමඟ ඉන්නවා.

එදත් අදත් උන්වහන්සේ මා සමඟ සිටිනවා. ඊයේ පෙරේදා චෛත්‍යය පාට කරන වෙලාවේදී දායක පිරිස එකතු කරගෙන මෙය කරමු කියලා මම උන්වහන්සේට කීවා. එහෙත් මේ පිංකම කරන්න තමන්ට බාරදෙන්නැයි උන්වහන්සේ කියා සිටියා. මේ පුදබිම චන්ද්‍රරතන හාමුදුරුවන්ගේ පමණක් නොව සමස්ත බොදු ජනතාවගේ පුදබිමක් කියලා උන්වහන්සේ කීවා. අද කාලයේ භික්ෂූන් වහන්සේ නමක් එවැන්නක් කියන්නේ කලාතුරකින්. බොහෝ භික්ෂූන් වහන්සේලා මගේ පන්සල මගේ දායකයෝ කියලා බෙදා ගන්න සමයක උන්වහන්සේ මේ කටයුතුවලට මැදිහත් වෙමින් කරපු කැපකිරීම මා ගෞරවයෙන් සිහිපත් කරනවා.

බෞද්ධ කටයුතු සමායෝජක පේරමණ්ඩියේ ධම්මපාද තිරයෙන් පිටුපස සිටිමින් සුවිශේෂි කාර්යභාරයක් කළා. උන්වහන්සේ බැති ගී කණ්ඩායම් දහම් පාසල් එකතු කරගෙන සුවිශේෂී වැඩ කොටසක් කළා. උන්වහන්සේ අපේ ප‍්‍රදේශයට සම්පතක්.

අපවත්  වී වදාළ නායක හමුදුරුවන්ගේ අතින් සිවුරු පටි ගැට ගහපු ගෝල හිමිවරුන් දෙදෙනයි වැඩ ඉන්නේ. එක් අයෙක් මං. අනෙක් හිමි නම මගේ පැවිදි සහෝදරයා වන විහාරගම සංඝරත්න හාමුදුරුවෝ. උන්වහන්සේ මේ විහාරස්ථානයේ කටයුතුවලදී මෙන්ම ප‍්‍රදේශයේ ආගමික, සංස්කෘතික සමාජ සංවර්ධනයේදී අප සමඟ උරෙන් උර ගැටෙනවා.

අපේ සෑම කාර්යයකටම අනුශාසනා දෙන අතරේම උන්වහන්සේගේ උපරිම සහයෝගය දෙන බව සිහිපත් කළ යුතුයි. සහනෝදය පදනම අධ්‍යක්ෂ හපුතලේ පඤ්ඤාසාර හාමුදුරුවෝ අපිත් සමඟ හැමදාම හිටියා. අපි අධ්‍යාපනය ලබන කාලයේ පටන්ම එක දානය බෙදා හදාගිනිමින් කටුක ජීවිතයක් ගත කරමින් අප‍්‍රමාණ කැපවීමක් කළා. මේ සෑම කාර්යයකටම උන්වහන්සේ මැදිහත් වෙනවා. උන්වහන්සේවද සිහිපත් කළ යුතුයි.

මීට වසර දහයකට පහළොවකට කලින් දැන හඳුනාගෙන අපේ සෑම කටයුත්තකටම සහභාගී වෙන රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාකොළ මංගල හාමුදුරුවෝ සිහිපත් කරන්න  ඕනේ. බෙලිගල්ලේ සුමනජෝති, මාවරල්ලේ භද්දිය, පන්නල ඥානාලෝක, ඉසුරුමුණියේ නායක හාමුදුරුවෝ , නියෝජ්‍ය ලේඛකාධිකාරී සුසීල හාමුදුරුවෝ, මාගල්ලේගම විපුලසාර, වජිර යන අපේ හාමුදුරුවරු සියලූ දෙනා ප‍්‍රමුඛ මහා සංඝරත්නයට මෙහිදි පුණ්‍යානුමෝදනා කරනවා.

ඒ වගේම අටමස්ථානාධිපති උතුරු මැද පළාතේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස අපේ නායක හාමුදුරුවෝ මෙහිදි විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. උන්වහන්සේ අපේ මේ හැම කටයුත්තක්ම සොයා බලමින්, අනුශාසනා දෙමින් අපට ලබාදෙන නායකත්වය මෙහිදි ගෞරව පූර්වකම සිහිපත් කළ යුතුයි.

ඒ වගේම මේ සියල්ලටම දේශපාලන බලාධිකාරිය නැතිනම් අපට මේ දේවල් මේ තරම් පහසුවෙන් කරගන්න බැහැ.  ජනාධිපතිවරයා ප‍්‍රමුඛ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ දේශපාලනාධිකාරිය, වාරිමාර්ග හා ජල සම්පත් අමාත්‍ය දුමින්ද දිසානායක හා එම නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, ළමා හා කාන්තා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු සියලූ දේශපාලන අංශ අපි සිහිපත් කරනවා.

ඒ වගේම අපේ හැම කටයුත්තකටම සෑම විටම සහයෝගය ලබාදෙන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සිහිපත් කළ යුතුයි.

විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ කාරුණික අදහස ඉදිරිපත් නොවුණා නම් මේ පුදබිමට රටේත් ලෝකයෙත් අවධානය යොමු වන්නේ නැහැ. ඒ නිසා මේ සියල්ලේ නිර්මාතෘ වන රංජිත් විජයවර්ධන අපේ සභාපතිතුමන්, විජය පුවත් සමාගමේ සියලූ දෙනා මෙහිදි කෘතඥ පූර්වකම සිහිපත් කළ යුතුයි. ඒ වගේම අපේ මේ පුදබිම රටට ලෝකයට ගෙන යන සිරි රණසිංහ මහතා ඇතුළු ලංකාදීප කාර්ය මණ්ඩලය සිහිපත්  කළ යුතුයි. සිංහ රත්නතුංග මහතාත් ඊයේ මෙහි පැමිණියා. ඔහු ඇතුළුව විජය පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩලවල සියලූ දෙනා මෙහිදි සිහිපත් කළ යුතුයි.

ඊට අමතරව ජාතික රූපවාහිනිය ඇතුළු අපට සහයෝගය දෙන මාධ්‍ය ආයතන, රයිගම්, සමහන්, ඩෙල්මේජ්, සන්ලයිට් ආදී ව්‍යාපාරික සමාගම් ද සිහිපත් කරන්න  ඕනේ.යුද හමුදාව, පස්වැනි ජාතික ආරක්ෂක බලකාය, නාවික හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ග‍්‍රාම ආරක්ෂකයන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව , වනජීවි දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, විදුලි බල මණ්ඩලය, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, ශී‍්‍ර ලංකා ටෙලිකොම් යනාදී රාජ්‍ය සමාගම් සියල්ල ද සිහිපත් කළ යුතුයි.

අනුරාධපුර දිසාපති ආර්.එම් වන්නිනායක, මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් ඊ.ආර්.එම් තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සියලූ දෙනාට අපේ ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන්න  ඕනේ.දායක සභාව, විමලඥාන පදනම, අපේ මහ සංඝරත්නය, අපේ ප‍්‍රදේශවාසීන්, ගම්වාසීන්, වැඩවලට සම්බන්ධ වූ සියලූ දෙනා, දන්සැල් යනාදිය සංවිධානය කළ සියලූ දෙනාටත් කෘතඥතාව පළ කළ යුතුයි.

ලංකාදීප පුවත්පත හා විජය පුවත්පත නැවත නැවතත් සිහිපත් කළ යුතුයි. කටුකොහොලින් පිරි මේ දුෂ්කර තන්තිරිමලේ ප‍්‍රදේශය මේ ඓතිහාසික පුදබිම රටට ලෝකයට ගෙන යන්න කළ කැපවීම අපි සිය දහස් වාරයක් සිහිපත් කළ යුතුයි.අපි ලබන වසරේදී අමතක නොවන පොසොන් උත්සවයක් සංවිධානය කරනවා. ඒ ගැන අපි දැනටමත් ලංකාදීප පුවත්පත හා විජය පුවත්පත් සමාගම සාකච්ඡා කර තිබෙනවා’’ යැයි නායක හිමියෝ තවදුරටත් කීහ.‘‘

 

 

 

 



අදහස් (0)

ලංකාදීප ආලෝක පූජාව මුළු රටටම මහත් අස්වැසිල්ලක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 161 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 326 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1441 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 219 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 428 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site