IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රාවණා 01 ලබාගත් පළමු ඡායාරූප එකතුව නිකුත් කෙරේ

(ඩයනා උදයංගනී)
 

ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතින් නිර්මාණය කෙරුණු මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවණා 01 චන්ද්‍රිකාව මගින් ලබාගත් පළමු ඡායාරූප පෙළ මේ වන විට නිකුත් කර තිබේ.
 

පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයේ සිට එම චන්ද්‍රිකාව මගින් ලබාගෙන ඇති ඡායාරූපවල ශ්‍රී ලංකාව ද සටහන්ව තිබේ.
 
ආතර් ශ්‍රී ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරි`දු දයාරත්න සහ දුලානි චාමිකා විසින් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළහ.
 
ඒ ජපානයේ කියුෂු තාක්‍ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ක‍්‍රියාත්මක කෙරෙන ‘බර්ඞ්ස් 3’ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙනි.
 
තරිදු දයාරත්න මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන අතර දුලානි චාමිකා විතානගේ මෙනවිය තායිලන්තයේදී විද්‍යුත් යාන්ත‍්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක්ව ඇත.
 
රාවණා 1 චන්ද්‍රිකාව මගින් සිදුකිරීමට අපේක්ෂිත ක‍්‍රියාදාමයන් සංඛ්‍යාව පහක් වන අතර ශ‍්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම ඒ අතර වේ.
 



අදහස් (9)

රාවණා 01 ලබාගත් පළමු ඡායාරූප එකතුව නිකුත් කෙරේ

Gihan Sunday, 04 August 2019 12:02 PM

ඊට කලින් අරයගෙ පුතා යවපු චන්ද්‍රිකාවේ ඡායාරූප තවම ලැබුනේ නැහැනේ... කොහෙද දන්නේ නැහැ අර කලින් යවපු චන්ද්‍රිකාව තියෙන්නේ...

:       605       1364

JayaSunday, 04 August 2019 01:10 PM

මොන හොඳවැඩක් කරත්..., එ්කටත් කොහෙද යන දේශපාලකයෙක් හරි, කවුරුහරි ඇදගෙන... ඒ හොඳ වැඩේ පහතට ඇදල දාන්න බලනවා. මිනිසුනේ නරක දෙයක් විවේචනය කරනවා වගේ මේ දේශපාලන විෂබීජ ඔලුවෙන් අතහැරලා හොඳ වැඩක් දැක්කම එ්ක ඊටත් ඉහළින් අගය කරන්න පුරුදු වෙයල්ලා...

:       1029       1040

savinduSunday, 04 August 2019 03:01 PM

මේ ඔයා වලිගෙ පාගාගෙන. අපි කිව්වේ අර හිටපු ලොක්කගේ පුතා හෙවත් රොකට්.. අපේ ඇස් වහලා, චීනාට විකුණපු හොර රොකට් එක ගැනයි. මගේ උණුසුම් සුබ පැතුම් මේ නියම විද්‍යාඥයන් දෙදෙනාට...

:       264       1390

dilanSunday, 04 August 2019 05:04 PM

දේශපාලන නිසා මොලේ අවුල්වෙච්ච පොරක්...

:       1       0

Darshana Sunday, 04 August 2019 12:46 PM

සුබපැතුම්...!!!

:       0       553

sandy123 Sunday, 04 August 2019 12:57 PM

උණුසුම් සුබපැතුම්...!!!

:       0       231

JCN Sunday, 04 August 2019 01:01 PM

යවපු සෙට් එක දැන් වොයේජර් යානා පහුකරගෙන මේ සක්වලින් පිටමං වෙලා ඇතිනේ..

:       273       32

Amara Monday, 05 August 2019 03:48 AM

නියමයි. මේක ලංකාවට ලොකු දෙයක්. තරිඳු - දුලානි ලංකාවේ ලොකු නම් දෙකක්.

:       0       12

sharm warn Monday, 05 August 2019 04:11 AM

මේ අපේ හපනුන්ගේ සාම්පලයක් විතරයි. මේ වගේ අති දක්ෂයින් සිය දහස් ගණනින් ඉන්නවා මේ රටේ . දේශපාලකයෝ නිසා ඒ අය බහුතරයක් අවතක්සේරුවට ලක් වෙලා තියෙන්නේ. අපිට ඕන මේ වෙනස. අපේ දක්ෂයින්ගෙන් වැඩ අරගෙන මේ රට ඉදිරියට ගෙනියන්න . එහෙම නැතුව දේශපාලන දෙවිවරු හදාගෙන උන්ට මල් පහන් පුදන නිවට රැලක් වෙන්න නෙමේ .

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 916 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 178 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1078 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1115 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1396 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1243 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site