IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රවීගේ විශ්වාසභංගය ගැන පක්ෂ නායක කතා

( සමන් විජය බංඩාර )
 
විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිබඳ ආණ්ඩුව සුදුසු පරිදි තීරණයක් ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි
 
“  රවි කරුණානායක මහතාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා දැන ගන්න ලැබිලා තියෙනවා. ඒ ගැන පක්ෂ නායකයෝ කථා කරගෙන යනවා. ඒ නිසා ඉක්මනින් මේ සම්බන්ධයෙන් තීරණයක් ලැබෙයි.“

“ප‍්‍රධානතම දේ තමයි අපි මෙ ආණ්ඩුව වශයෙන් යහ පාලනය පිළිබඳ ස්ථාවරයක් ගත්තා. මෙ වාගේම සිද්ධියක් පසුගිය රජය කාලේ සිද්ධ වුණා නම් ඇමැතිවරුන්ට රටේ නිතීය ක‍්‍රියාත්මක කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. අපි මෙ රටේ නිතීය ආධිපත්‍යයට  සම්පුර්ණයෙන් ඉඩ දිලා තියෙනවා.  අපි ඒ වගකීම හා විනිවිදය පිළිබඳ ස්ථාවරයේම ඉන්නවා එක වෙනස් වෙන්නේ නැහැ. එම නිසා ඉදිරි දිනයන්වල මෙ සම්බන්ධයෙන් දේශපාලන වශයෙන් අපි ගන්න පියවර කුමක්ද කියන එක ගැන අපි තීරණයක් ගන්නවා. “

“පසුගිය කාලේ සොරකම් කරපු වංචා කරපු විපක්ෂයේ හිටපු ඇමැතිවරුන්ට විරුද්ධව චෝදනා ගේනකොට කොමිසමකට එන්න කීවාම ඒවා දේශපාලන පලිගැනිම් කියලා සහ ඒවා දේශපාලන න්‍යාය පත‍්‍ර කියලා විවිධ හේතු දක්වලා මහජනයාට වැරදි පණිවිඩයක් දෙන්න හැදුවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (15)

රවීගේ විශ්වාසභංගය ගැන පක්ෂ නායක කතා

Kalyana Jayawardena Sunday, 06 August 2017 06:46 AM

අනේ කොහොමහරි රවීව බේරගන්න. මතක නෑනේ. දන්නේ නෑනේ. පව්නේ ඉතින්...

:       76       306

ජගත් Sunday, 06 August 2017 04:54 PM

කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ බොරුද කියල. ඉස්සර කට්ටියට වුණත් ඔච්චරයි.

:       0       0

amith-colombo Sunday, 06 August 2017 06:58 AM

රවිට කලින් ආණ්ඩුවේ හොරුන්ටත් දඬුවම් දෙන්න. විස්සයි20 දී අපේ එජාප ඡන්දේ ඕනෙ නම් රවී කරුණානායක මහතා වහාම මේකෙන් නිදහස් කරන්න.

:       1179       168

bamunu Sunday, 06 August 2017 07:55 AM

ඔව් ඔව් අපි දන්නවා එජාපයේ කට්ටිය ඡන්දේ දෙන්නේ රවී කියන විදිහට කියලා.

:       15       214

anraSunday, 06 August 2017 08:04 AM

ඔබ හරි, ගිය ආණ්ඩුවේ හිටිය හොරුන්ට දඬුවම් නැතිව , ඔවුන්ව අපේ එජාප ආණ්ඩුවේ ඇමතිකම් දීලා රවී මහතාට විතරක් දඬුවම් කරන්න හදනවා. ගරු අගමැතිතුමනි 2020දී එජාපයට තනි අපේක්ෂකයෙක් දාන්න. එජාපයට ජය වේවා!!!

:       468       28

Manoj Sunday, 06 August 2017 07:06 AM

යහපාලනයට ඡන්දේ දුන්නේ පරණ අය හොඳ නැති නිසා තමයි. ඒ නිසා පරණ කතා මෙතනට අදාළ නැහැ. ඒකාලේ මෙහෙමයි දැන් මෙහෙමයි කියලා වැඩක් නැහැ. නීතිය ඉදිරියේ මොන බොරු කිව්වත් මුළු ලෝකෙටම ඔප්පුවෙලා ඉවරයි රවී ගැන... ඒ නිසා මහත්තයෙක් වගේ ඉල්ලා අස්වෙන්න. නැතිනම් අස් කරන්න. යහපාලනයද? ගවපාලනයද? ජයගන්නේ කියලා අපි බලා ඉඳිමු.

:       400       1192

raveendra Sunday, 06 August 2017 07:12 AM

මොන පක්ෂ නායක කතාද? පක්ෂවල හිටපු මියගිය නායකයන්ව ගෙනැල්ලා කතාකලත් ලාංකීය මහජන අධිකරණය විසින් දැනටමත් තීරණය කර අවසානයි. මේ හතරටවත් ගැනගන්නවත් බැරි තොත්ත බබා අපගේ මුදල් හොරකම් කර ඇතිබව. එබැවින් මෙම හොර තක්කඩියාට නීතිප්‍රකාර දඬුවම් දිය යුතුමය. ඉල්ලා අස්වෙන ලෙස නොව සියළු තනතුරුවලින් නෙරපා දැමිය යුතුය. තවද පෙර රජයේත් පල් හොරුන්ටද මෙයම වියයුතුය. දැන් ඉතින් යන්නකෝ කිලිනොච්චි යනවා කියලා මැදවච්චියට. අලිමංකඩ කියලා පාමංකඩ යන්නකෝ. ඒ ගමන් දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන්නකෝ හොඳා ....

:       0       294

sahan Sunday, 06 August 2017 07:17 AM

ඇයි විජේදාස මහතාට විරුද්ධව දෝෂාභියෝග ගේන්නේ නැත්තේ? ඒකාබද්ධයේ හොරු රකින්නේ මේ අය නිසාද?

:       369       77

siri Sunday, 06 August 2017 08:03 AM

මට මතකයි රවී සතොසට කරපු දේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ, "කළුගල් ගිලපු කෙනාට අග්ගලාවත් කජ්ජක්ද?" කියලයි.

:       7       278

RD Sunday, 06 August 2017 08:16 AM

ආරංචිය හැටියට ජනාධිපතිතුමා රවිට අස්වෙන්න කියලා නෑ කියලයි.

:       113       46

dias Sunday, 06 August 2017 08:43 AM

රවිට දඬුවම් කොට එජාපයේ පිරිසිදු භාවය පෙන්වමු. හිටපු අයටත් ඉක්මණින් දඬුවම් දිය යුතුයි.

:       28       12

Danushka Sunday, 06 August 2017 08:52 AM

කොළ, නිල් ඔක්කෝම හොරු තමයි. රතු,නිල්,කොළ ඔක්කොම එකම සංගමයේ කට්ටිය...

:       1       8

Hafeel Sunday, 06 August 2017 09:08 AM

පක්ෂ නායකයන්ගේ තීරණය කෙසේ වෙතත්, ඔබ ලේකම් ධුරය දරණ එජාපයේ ස්ථාවරය කුමක්දැයි කියා අපට දැනගන්න කැමැතියි. මොකද රවි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ? තිස්ස මහතා ලේකම් ධුරය දැරුවා වගේ ඔබත් කළා නම්, පක්ෂයේ ලිපිනයත් හොයන්න බැරිවේවි.

:       0       74

Hafeel Sunday, 06 August 2017 09:14 AM

මෙතුමාගේ ප්‍රකාශ අනුව එක්සත් ජාතික පක්ෂයත් රවී මහතාව ආරක්ෂා කරනවා වගේ. දන්නේ නැති, මතක නැති කෙනෙකුට රජයේ ඉහළ වගකියන තනතුරු දෙනවද?

:       0       178

sunil Sunday, 06 August 2017 12:50 PM

"වැටත් නියරත් ගොයම් කනවා නම් කාට පවසම්ද මේ අමාරුව" කියල කිව්වලු !!!

:       0       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1169 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1113 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 633 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1644 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 84 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2709 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site