IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රුපියල 161.54ට යයි

හර්ෂණ තුෂාර සිල්වා
 
ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (16) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161.54ක් දක්වා පහළ ගියේය.  
 
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 161.54 ක් වූ අතර ගැනුම් අගය 158.34ක් විය.  
 
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය ජූනි මස (18) වැනිදා ශ්‍රී ලංකා රුපියල 161 ඉක්ම වීය. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අගෝස්තු 10 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.5කින් අවප්‍රමාණය වී තිබේ. 
 
මේ අනුව රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. ඉකුත් පෙබරවාරි මස පැවැති පළාත් පාලන ඡන්දයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ අස්ථාවරත්වයත් සමඟ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබේ.
 
ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන බවත් ඊට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ මස ආරම්භයේදී සඳහන් කළේය. අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත්තේ අඩු වේගයකින් බව ද මහ බැංකුව සඳහන් කළේය.
 
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක ඉතා වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන ඉන්දීය රුපියල අඟහරුවාදා (14) වාර්තාගත අයුරින් 70.1ක් දක්වා පහළ වැටුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. 
 
  දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල මේ වසර අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව 163ත් 165ත් අතර අගයක් දක්වා පහත වැටෙනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මීට පෙර අවස්ථාවකදී වාර්තා කර තිබිණි. 
 
“ගෝලීය ප්‍රවණතා හේතුවෙන් රුපියල පීඩනයකට ලක්ව තිබෙනවා. එය රුපියලට පමණක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. ගෝලීය ප්‍රවණතා හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා” යැයි රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ගනුදෙනුකරුවකු මීට පෙර පවසා තිබිණි. 



අදහස් (9)

රුපියල 161.54ට යයි

NARAYANA Thursday, 16 August 2018 04:36 PM

රුපියලට අපමණ අගයක්.

:       49       121

prabha Thursday, 16 August 2018 08:04 PM

අපි මේ ගැන රාජිත අැමැතිතුමාගෙන් පොඩ්ඩක් අහලා බලමු..

:       0       0

sahan Friday, 17 August 2018 12:03 AM

ඔය අවපාතය පටන්ගත්තේ මහබැංකු කොල්ලය එළියට ආපු කාලේ ඉඳලමයි. ඉඳහිට ගෝලීය ප්‍රශ්න එක්ක පොදුවේ වැටුණාට යුද්ධයක් තිබුණු කාලේවත් වැටුනේ නැති විදිහට 2015 මුල ඉඳලා රුපියල වැටුනේ...

:       0       0

JJ Friday, 17 August 2018 01:23 AM

ගෝලීය ප්‍රවණතා හේතුවෙන් රුපියල පීඩනයකට ලක්ව තිබෙනවා. එය රුපියලට පමණක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. ගෝලීය ප්‍රවණතා හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා” වියට්නාමය ඇතුළු ආසියානු කලාපයේ මුදල් අවප්‍රමාණය වෙලා තියෙන්නේ. ඩොලර් වලින් පඩි ගන්න අයට මෙහි වාසිය ඇත..

:       0       0

Janu Friday, 17 August 2018 02:13 AM

දණ ගැස්සූ අාර්ථිකය හරි ගැස්සූ ඔබට ස්තුතියි..

:       0       17

wedage Friday, 17 August 2018 03:42 AM

රුපියල බාල්දු වීමේ වීමේ උදාහරණ කීපයක් පහත සඳහන් කිරීමට අවසර දෙන්න. රු 19ක ටිකට් එකට 20 කොලයක් දුන්විට කොන්දා ඉතිරි රුපියල නොදෙන අතර මගියද නොඉල්ලයි. 24 ටිකට් එකට 25 ක් දුන්විටද කොන්දා ඉතිරි රුපියල නොදෙන අතර මගියාද නොඉල්ලයි. 12 ටිකට් එකට 20 කොලයක් දුන් විට කොන්දා ඉතිරි රුපියල් අටක් දෙයි.

:       0       23

wedageFriday, 17 August 2018 06:01 AM

පොඩි අතපසුවීමක්!!! 12 ටිකට් එකට 20 කොලයක් දුන් විට කොන්දා ඉතිරි රුපියල් හතක් දෙයි.

:       0       0

abaran Friday, 17 August 2018 05:05 AM

ජයවේවා!!...අපිට නම් මරේ මරු...

:       0       18

ananda Friday, 17 August 2018 05:47 AM

2030 දක්වා වන නව ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක වෙනකල් ඉවසන්න. එදාට රුපියලක් වෙනුවෙන් ඩොලර් 160ක් ගෙවන්න වෙනවා.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 319 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 201 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 838 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 56 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2176 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 406 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site