IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රුපියල් එක් මිලියන 11 ක විදේශ මුදල් අල්ලයි

(කටුනායක ටී.කේ .ජී.කපිල )

රුපියල් එක් මිලියන 11 ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවට රැගෙන යාමට තැත් කළ 25 හැවිරිදි චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -302 දරන ගුවන් යානයට නැගීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු රැගෙන ආ ගමන් මල්ලේ සිංගප්පූරු ඩොලර් ලක්ෂයක මුදලක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම චීන ජාතිකයා අතර අඩංගුවේ තබා ගනිමින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අරඹා තිබේ .



අදහස් (6)

රුපියල් එක් මිලියන 11 ක විදේශ මුදල් අල්ලයි

lusena Saturday, 09 December 2017 02:09 PM

අර හොර රහසේ ගෙනාව " ෆොරීන් එක්ස්චේන්ජ් ඇක්ට්'' එකෙන් මේවා ලිස්සලා යයි.

:       0       29

Bamunuarachchi Saturday, 09 December 2017 04:14 PM

අපි මේ මුදල් ගෙන ඒම සහ නැවත ගෙනයාම ගැන නීති නොදන්නා නිසා අදහස් ප්‍රකාශ් කිරීමට බැරිය. නමුත් පෙනෙන විදිහට ලංකාවේ සිංගප්පුරු ඩොලර් භාවිතා වෙන්නේ නැහැනේ. එමනිසා මෙම මුදල වෙන රටකින් මෙහාට ගෙනත් නැවත සිංගප්පුරුවට ගෙනයනවා වෙන්න ඇති. වැරැද්ද තිබෙන්නේ මුදල් ගෙනෙන විට ප්‍රකාශ නොකර සිටීමයි. විදේශීය ශ්‍රමිකයින් පවා දැන් ලංකාවට මුදල් එවීමට මැලි වෙනවා. මමනම් ළමයින්ට කීවා ලංකාවට මුදල් එවන්න එපා කියලා. අපි වෙන ක්‍රම වලින් මුදල් ගන්නවා.

:       1       0

sam Sunday, 10 December 2017 01:01 AM

මේක සිංගප්පුරු ඩොලර් ලක්ෂයක්, ඒ කියන්නේ රුපියල් එකසිය එකොලොස් ලක්ෂයක්. එහෙම නැතිනම් එක් කෝටි එකොලොස් ලක්ෂයක් . මේකේ තියන හැටියට සිංගප්පුරු ඩොලරයක් රුපියල් දහයයි.

:       2       0

BamunuarachchiWednesday, 13 December 2017 03:48 PM

අඩු වශයෙන් අංක ගණිතයවත් ඉගෙන ගන්න... මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක්..

:       0       0

sathyapala Sunday, 10 December 2017 06:22 PM

යන්න වැල්ලවත්තට හෝ කොටුවව. විදේශ මුදල් හුවමාරු කරන ඕනෙම තැනකට ගිහින් රුපියල් දීලා යවන්න ඕනේ රට, මුදල් වර්ගය සහ විදේශයේ ගිණුම් අංකය දුන්නාම දවස් තුනකින් පිටරට ගිණුමට මුදල් ලැබෙනවා.

:       0       0

Undial Monday, 11 December 2017 08:31 AM

සෑම විදේශ මුදල් හුවමාරු කරන්නෙක්ම සිය නියෝජිතයෙක් සංගප්පූරුවේ ඉන්නවා. ඔහු හරහා තමයි මුදල් හුවමාරු වෙන්නේ. ලංකාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව ඩොලර් හුවමාරු වෙනවා. සමහර බුකී කරුවන් එකතුවෙන මුදල් බැංකුගත කරන්නේ විදේශමුදල් වලින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1279 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 179 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 382 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site