(නිමල කොඩිතුවක්කු)
ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියකු වූ රොනි ලීච් මහතාගේ දේහය ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සිට හෙට (10) මෙරටට රැගෙන ඒමට නියමිතය.
දේහය මහජන ගෞරව සඳහා හෙට පස්වරු 6.00 සිට අනිද්දා පස්වරු 2.00 දක්වා බොරැල්ල ජයරත්ත මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
ඉන් අනතුරුව දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදි අනිද්දා (11) පස්වරු 3.00ට සිදු කිරීමට නියමිතය.
මිය යන විට 65 වන වියේ පසු වූ රොනි ලීච් මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
සංගිත ප‍්‍රසංගයකට සහභාගී වීමට ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නගරයට ගිය රොනී ලීච් මහතා ප‍්‍රසංගය සාර්ථකව නිමකර යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා මිය ගියේය.
1973 වසරේදි ගායන ක්ෂේත‍්‍රයට පිවිසි රොනී ලීච් මහතා 1981 වසරේදි සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගිත කණ්ඩායමට ගායකයකු ලෙස එක්විය.
ඔහු ගායනා කළ ජනප‍්‍රිය ගිත අතර තට්ටයා, කවුද බොලේ ඇලිස්, කෙල්ලේ කෙල්ලේ සුදු කෙල්ලේ යන ගීත ද ඔහු රගපෑ චිත‍්‍රපට අතර ඇතින් ඈතට යලි හමුවෙන්නයි , චෙරියෝ ඩාලිං, ,ජොලි බොයිස්, මගෝ ඩිගෝ ඩයි යන චිත‍්‍රපට වේ.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රොනි ලීච්ගේ දේහය හෙට ලංකාවට