( එම්.එන්.පියරත්න)
මේ රටේ සෑම පුරවැසියකුම රුපියල් ලක්ෂ හතරක් පමණ ණය වී ඇතැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තිස්සමහාරාම තිස්සපුර සිරිජයගම නිවාස ව්‍යාපෘතිය විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
හම්බන්තොට ප්‍රදේශයේ වරායක් ඉදිකිරීම ගැන තමාගේ විරුද්ධත්වයක් නැති නමුත් ප්‍රශ්නයක් වී ඇත්තේ වරායට නැව් නොපැමිණීම බවද ඇමතිවරයා කියයි.
දිස්ත්‍රික්කයේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් වී ඇත්තේ නිවාස නොමැති කම බවත් පසුගිය රජයට එය විසඳීමට නොහැකි වූ බවත් ප්‍රේමදාස මහතා පවසයි
එක්සත් ජාතීන්ගේ කොන්ග්රස් සාමාජිකයින් පිරිසක් හම්බන්තොට සංචාරයකින් පසුව එහි ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සදහා ආධාර කිරීමට කැමැත්ත පල කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රටේ සෑම පුරවැසියෙක්ම ලක්ෂ 4 ක් ණයයි - සජීත් ප්‍රේමදාස
nimallalitha Monday, 17 April 2017 07:08 AM
මේ ණය ප්‍රමාණයට, ඔබේ නායකතුමා පත්කළ මහා බැංකුවෙන් අපිව ණය කල ප්‍රමාණයත් අැතුළත්ද.?
ravin Monday, 17 April 2017 07:24 AM
පසුගිය වසර කීපය තුල දේශපාලනඥයින් අර ගත්තු කොමිස් මුදල් ආපසු ණය හිලව්වලට බැරකළොත් ඔය ණය ප්‍රමාණයෙන් සියයට 99.99%ක් ම ආපසු ගෙවන්න පුළුවන් වේවි. !!!
ajith Monday, 17 April 2017 07:28 AM
ඇමෙරිකන් ඩොලර් එක 200 ට ගියොත් ලක්ෂ 6ක් වේවි !!!
Pushpa Monday, 17 April 2017 07:32 AM
එහෙම කියන්නේ කොහොමද? මම ලක්ෂ හතරක් ණය නම් ඒ ණය කොහේ කුමන කාරණාවකට ගත්ත දැයි දැන ගැනීමට උවමනාය. මගේ පොතට ගත් ණය වලින් වෙන අය කාර් ගෙන්වලාදැයි බැලීමටත් සිදුවේ. කොහොම නමුත් මේ ණය අප දිනපතා බදු ලෙස විවිධ ආයතන වලට ගෙවමින් සිටින බව මතක් වන විට දැනෙන්නේ දුකකි.
SIRI Monday, 17 April 2017 07:53 AM
සජිත් මහත්තයෝ, ඔබට මතකද? 1984-1986 කාලය. එකල යාල වැහුවේ නිසි පරිදි නෙමේ.
SINHA Monday, 17 April 2017 07:58 AM
ඔය කතා කරන්නේ කටින්ද? තවදුරටත් ඔබල ඔය වැඩේ කළොත් සාක්කි ඇතිව ජනතවට ඉදිරිපත් කරනවා. නැතිව ඔය තියෙන කොමිසන් වලට දුන්නට වැඩක් නැති බව අපි දන්නවා.
Ratnamalala Monday, 17 April 2017 08:10 AM
තාත්තා රජ කරපු කාළේ එහෙම නැති වෙන්න ඇති...
ruwani Monday, 17 April 2017 08:33 AM
රටේ සංවර්ධනය වගේම ඔයාලට වාහනය අරන් සැප විඳින්න නේද?
Danushka Monday, 17 April 2017 08:47 AM
පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම හොරු නෙ ...
roshanMonday, 17 April 2017 01:06 PM
හොරුන්ට ඡන්දෙ දෙන්නේ එක්කෝ හොරු නැත්නං මෝඩයෝ. අපේ රටේ හැමෝම මේ දෙකෙන් එකකට අයිතියි. මාත් ඇතුළුව....
raheem Monday, 17 April 2017 08:58 AM
අපි නම් කාටවත් ණය නෑ... ඔය කියන ණය කගේ ණයද ? බැංකුවකින් ණයක් ගන්න කොච්චර අමාරුද? එහෙම එකේ ලක්ෂ හතරක් ණය ඔය කියන දේශපාලකයින්ටම ගෙවන්න කියන්න...
sisira kumara Monday, 17 April 2017 10:07 AM
තාත්තා බලයේ ඉන්න කොට ගත්ත ණයත් අැතුළුවද?
lalithsjm Monday, 17 April 2017 11:44 AM
බයිලා වැඩක් නැහැ. කරගන්න බැරිනම් යන අතක් බලා ගත්තනම් හොදයි නේද?
menna Monday, 17 April 2017 11:56 AM
අපි පොඩි කලේ ඉඳන්ම අහන කතාවක්. IMF එකත් එක්ක ගනදෙනු තියෙන හැම රටක්ම ණයකාරයෝ. ඕක කියව කියව ඉන්නේ නැතිව රටක් හැටියට අරගන්න ණයෙන් දියුණු වෙන්නේ කොහොමද? කියල කිව්වනම් තමා හොඳ. කියන්න ඕනේ නැහැ. කරන්න තියෙන්නේ. කිව්වට ණය ගෙවෙන්නේ නැහැ. වැඩ කරලා තමයි ණය ගෙවන්න වෙන්නේ.
da silva berlin Monday, 17 April 2017 12:43 PM
තවදුරටත් නිවාස , ව්‍යාපාරික ණය සදහා වන බැංකු පොලි අනුපාත වැඩි කරන්න එතකොට මිනිස්සු ගෙවල් හදන්නේ නැතුව ව්‍යාපර කරන්නේ නැතුව ඉදිවී , එතකොට ආණ්ඩුවට ලැබෙන බදු අඩුවෙලා අලුතෙන් ණය ගන්න වේවි , දේශපාලකයන්ට නිලධාරීන්ට තව තවත් සැප වාහන ගෙන්වල දෙන්න , අර මහේන්ද්‍රන් වැනි ලෝක හොරු ටිකක හොයල රටේ ආර්ථිකය භාර දෙන්න, තවදුරටත් අර පහුගිය කලේ කර වගේ පහුගිය ආණ්ඩුවේ හිටපු ආර්ථිකය හොර කපු හොරු දෙන්නෙක් තුන්දෙනෙක් මාධ්‍ය සංදර්ශනයක් තබල ගෙනත් සති 2-3 රිමාන්ඩ් කරලා නිදහස් කරන්නන , එතකොට මේ ආණ්ඩුවේ හොරුත් බය නැතිව හොරකම් කරවී , මොකද දන්නවනේ වැඩේ වැරදුනොත් හිරේ යන්න වෙන්නේ සති 2-3 කියල (අ)
Chanak Los Angeles Monday, 17 April 2017 02:05 PM
රට ණය කරලා අරගෙන තිබෙන සල්ලි ඔක්කොම බෙදාගෙන තිබෙන්නේ දේසපාළකයන්ය.එම ණය ජනතාව වෙනුවෙන් අරගෙන තිබේනම් මෙලහකට රට දියුණු වී තිබෙන්න ඕනෙ.කරුණාකරලා රටේ සාරය උරාගෙන බොන්නේ නැතුව අත පය සොලවලා වෙනත් රාජකාරියක් කරනු කියා දේසපාලකයන්ට කියමි. (අ)
pradeep liyanage Monday, 17 April 2017 02:16 PM
දැන් ඔය කට්ටිය කරන්නේ ජනතාවට ණය නොවී සතුටින් ඉන්න පුළුවන් විදියේ දේවල්. හරිම සතුටුයි ඇමති තුමා, තව ඉතුරු කට්ටියටත් හොඳවයින් වාහන ටිකක් ගෙන්වමු. මහ බැංකුවත් හොරා කෑවට පස්සේ තවත් කොහෙන්ද සල්ලි. වරාය විතරක් මදි තව ඉඩම් ටිකකුත් චීනෙට විකුණමු, තව ඔය රාජ්‍ය ආයතන ටිකක් ඉන්දියාවටත් වීකුනන්න පුළුවන්නේ. ඊට පස්සේ දෙයියනේ කියලා ණය නැතුව සතුටින් ඉන්න පුළුවන්.
SUNIL WIJESENA Monday, 17 April 2017 02:47 PM
ඔය රෙකොර්ඩ් එක අහලම එපාවෙලා...
de silva Monday, 17 April 2017 03:23 PM
නිවාස ණය වල පොලි අනුපාතිකය වැඩි වුන එක , නිවාස සැදීමට අවශ්‍ය වැලි, ගඩොල් වැනි දේවල් වල මිල පහුගිය ආණ්ඩුවේ සහ මේ ආණ්ඩුවේ සැලසුමක් නැති බලපත්‍ර වලට යටත් කරපු නිසා මිල ඉහල ගොස් ඇත. ජනතාවට නිවාස ඉදිකිරීමට හිතන්නවත් බැරි තත්වයක් උදා වී ඇත.
anura Monday, 17 April 2017 03:52 PM
කථා කෙරුවා ඇති. කරන්න බැරි නම් ගෙදර යන්න.
sisira kumara Monday, 17 April 2017 11:28 PM
හොඳ කතා මුත්තෙක්. එහෙම ණයක් තියාගෙනද ඇමතිවරයෙකුට සැප කාර් ගෙන්නන්න එකාට කෝටි 4 බැගින් වෙන් කරලා තියෙන්නේ. එතකොට එක පුරවැසියෙක් ගෙවන ණය කීයක් දක්වා ඉහල යයිද මහත්තයෝ. රට නොකා මිනිසුන්ගේ යකා අවුස්සන්නේ නැතුව ගෙදර යන්න.
sudesh Tuesday, 18 April 2017 02:44 AM
ඉතින් නිධන් සල්ලිවලින් ගෙවමු
senarath Tuesday, 18 April 2017 03:02 AM
මෙහෙම ඔලමොට්ටල ආණ්ඩුවක් ලෝකෙම නැතුව ඇති. දැනට අවුරුදු 2 කට වැඩිය බලයේ හිටිය මොකක්ක්ද වුණු සෙතේ ? රට දවසින් දවස විනාසයට යනවා. රුපියල බාල්දු වෙන විදිය දැක්කම පෙනෙනවා මෙයාලගේ කෙරුවාවේ තරම. පාරවල් හදන්නේ කන්නද ඇහුව. ? මහින්ද මහත්තය හිටියනම් මේ වෙනකොට් නුවර අදිවේගී මාර්ගයත් හදල ඉවරයි . රනිල් කවද්ද රටට වැඩක් කලේ ? වැඩිම වකුගඩු ලෙඩ්ඩු ඉන්න උතුරු මැදට, කිසිම පිලියමක් නොකළ සෞඛ්‍ය ඇමතිකම මෛත්‍රීට රටක් කොරන්න පුලුවන්ද
de silva berlin Wednesday, 19 April 2017 09:28 AM
ඉස්සර කලාවගේ රජයේ වනාන්තර එළි කරමින්, රජයේ මුඩු ඉඩම් ජනතාවට බෙදාදෙමින් හැමතැනම උදාගම් වගේ ගෙවල් හදමින් යන ව්‍යාපෘති අද ලංකාවට ගැලපෙන්නේ නැහැ, කරුණාකර භුමිය ඉතුරුවෙන මහල් නිවාස යෝජනා ක්‍රම වැනි දේ ඉදිරියට ක්‍රියාත්මක කරන්න. ඉදිකිරීම් වලට අවශ්‍ය වැලි වැනි අමුද්‍රව්‍ය වල මිල අද ඉතා ඉහළය.