IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රට බෙදන ඉල්ලීම් 13 කට වරදරාජා පෙරුමාල්ගෙන් තල්ලුවක්

(එෆ්.අස්ලම්)

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ස්වයං නිර්ණ අයිතිය ඇතුළු ඉල්ලීම් 13 කට බලකරමින් අත්සන් කළ ගිවිසුම පිළිගත හැකි එකම ජනාධිපති අපේක්ෂකයා එම්.කේ.සිවාජිලිංගම් යැයි උතුරු නැගෙනහිර ප්‍රථම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා අද(17) සදහන් කළේය.

රට බෙදන ඉල්ලීම් මෙකී ඉල්ලීම් 13ට ඇතුළත්ව ඇති හෙයින් ගෝඨාභය රාජපක්ෂ,සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක යන කිසිදු අපේක්ෂකයෙකු පිළිනොගනු ඇති බවද පෙරුමාල් මහතා කීය.

ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය,ටෙලෝ සංවිධානය,ප්ලොට් සංවිධානය,ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය,තමිල් මක්කල් පේරවෙයි යන උතුරේ දේශපාලන පක්ෂ පහක් යාපනය පෞද්ගලික හෝටලයකදී දෙමළ ජනතාවගේ ඉල්ලීම් වශයෙන් ඉල්ලීම් 13කට බලකරමින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,උතුරු නැගෙනහිර දෙමළ නිජබිමෙහි අනන්‍යතාව පිළිගනිමින් එහි  අයිතිය තහවුරු කිරීම,ජාත්‍යන්තර නීතියට අනුව දෙමළ ජනතාව සදහා ස්වයං නිර්ණ අයිතිය හිමිබව පිළිගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් ඒකීය රාජ්‍ය සංකල්පය ඉවත් කොට ෆෙඩරල් විසදුමක් ලබාදීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම,යුද අපරාධ විභාගයට ජාත්‍යන්තර ස්වාධීන අධිකරණයක් පිහිටුවා විමර්ශන සිදුකිරීම,සියළු දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,යුද්ධයෙන් අතුරුදහන්  සියළු දෙනාටම ජාත්‍යන්තර නීතියට අනුව වන්දි පිරිනැමීම,ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කර ඒවායෙහි ජනතාව නැවත පදිංචි කිරීම,රජයේ මැදිහත් වීමෙන් උතුරු නැගෙනහිර සිදුකරන සිංහල ජනපදකරණය සහ බෞද්ධකරණය කිරීම වහා නතර කළ යුතුවීම,මොරගහකන්ද ජලාශය නමින් වන්නි දිස්ත්‍රීක්කයේ සිදුකරන සිංහල ජනපද කරනය නතර කිරිම,පුරාවිද්‍යා හා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තු උතුරු නැගෙනහිර පළාත් වල සිදුකරන ඉඩම් අත්පත් කරගැනීම් නතර කළයුතු වීම,උතුරු නැගෙනහිර ආයොජන හා රැකියා වියුක්තිය දියුණු කිරීම සදහා විදේශීය දෙමළ ඩයස්පෝරාවට ඍජුවම මූල්‍ය ප්‍රදානයන් සිදුකිරීමට හැකි පරිදි නිතිරීති ලිහිල් කිරීම,උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීම සදහා මහජන නියෝජිතයන්ට ලැබෙන මුදල් එක් අරමුදලක් යටතේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම යන ඉල්ලීම් 13කට මෙම ගිවිසුම මගින් බලකෙරේ.


මෙම ගිවිසුම පිළිබද ලංකාදීපය වෙත අදහස් පලකරමින් වරදරාජා පෙරුමාල් මහතා මේ බව කියා සිටියේය.


ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ සිවාජිලිංගම් විතරයි මේ යෝජනා පිළිගන්නා එකම අපේක්ෂකයෙකු විදිහට ඉන්නේ.වෙන කිසිදු අපේක්ෂකයෙකුට මේ ඉල්ලීම් වලට එකග වෙන්න බැහැ.මොකද රට බෙදන නැවතත් බෙදුම්වාදයට පණපොවන මෙවන් ඉල්ලීම් සදහා කිසිදු දකුණේ නායකයෙකු එකග වෙන්න බැහැ.ඒවාට එකග වුනා කියන්නේ ඔවුන් දකුණේ සිංහල ජනතාව විසින් පරචනු ඇති.මේ බව දැන දැනම මේ අවස්ථාවක මේ වගේ ගිවිසුමකට එළඹීම පිටුපස කුමක් හෝ ලොකු සැලැස්මක් තියෙනවා.


ඒ අය කියනව වගේ සිවාජිලිංගම් මේ යෝජනා පිළිගන්නා බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළත් මේ පක්ෂවල කිසිවෙක් දෙමළ ජනතාවගේ සහාය සිවාජිලිංගම්ට යන්න ඉඩ තියන්නෙත් නැහැ,යැයිද පෙරුමාල් මහතා කියා සිටියේය.



අදහස් (22)

රට බෙදන ඉල්ලීම් 13 කට වරදරාජා පෙරුමාල්ගෙන් තල්ලුවක්

suji Thursday, 17 October 2019 10:08 AM

මාර වැඩේනේ..., ඔක්කොම ඉල්ලීම් දෙන්න ලෑස්ති සිවාජිලිංගම්ට ටීඑන්ඒ එක සපෝට් කරන්නේ නැහැ. සජිත් මහතාණෙනි, අපි ඔබ ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්නේ, රනිල්ගේ ඇම ගිලින්න එපා. පක්ෂය මකලා හරි හදාගනිමු..

:       294       165

MaheeThursday, 17 October 2019 10:26 AM

අපි නොදන්නා දේවල් බොහොමයක් තිරය පිටුපස සිද්ද වෙන බව අමතක කරන්න එපා. ඔය කිසිම අපේක්ෂකයෙක් මේ ගොල්ල එක්ක ගහන ගිවිසුම් අපිටත් දකින්න දෙයි කියල හිතන්නත් එපා. මෙතෙක් අපේ අත් දැකීම අනුව හිතල බලන්න. අපේ සියලුම පක්ෂ නායකයෝ කොළේ වහල ගහන්න දෙයියල බව නොදන්නෙ කවුද?

:       3       87

NirmalThursday, 17 October 2019 07:42 PM

පක්ෂය රැකුනාම මදෑ. රටට හෙන ගැහුවත් කමක් නෑ. අපි කැපුවත් කොළ.

:       1       39

sarath Thursday, 17 October 2019 10:10 AM

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමකින් තොරව සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන වාදනය කිරීම පමණක් සිදුවිය. ජාතික ගීය ගායනය කිරීම වෙනුවෙන් උත්සව සභාවට ළමුන් ගෙන්වා තිබුණත් ළමුන් ලවා ජාතික ගීය ගායනය කිරීමක් සිදුනොවුණි.

:       175       428

NishanFriday, 18 October 2019 12:04 AM

ඒ ගෙනාපු ළමයින්ට ජාතික ගීය සිංහලෙන් ගයන්න දන්නේ නැහැ.

:       4       3

ranga Thursday, 17 October 2019 11:02 AM

ජාතික උත්සවකකදී ජාතික ගීය ගායනා කරන්නේ නැත්නම් ඇයි ජාතික උත්සවයක් තිබ්බේ

:       63       288

ranga Thursday, 17 October 2019 11:06 AM

කොළඹ ඉන්න සියලුම දෙමළ ජනතාව යාපනයට යන්න කැමතිද? බස්නාහිර පළාතේ තියෙන කෝවිල් සේරම ඉවත් කරන්න ඒ ගොල්ලන් කැමතිද?

:       2       585

sirimal Thursday, 17 October 2019 11:10 AM

අපේ දේශප්‍රේමී නඩය මේගැන මොකුත්ම කියන එකක් නැහැ මගේ හිතේ.

:       216       171

සෙන්දේ Thursday, 17 October 2019 11:16 AM

අපිට නම් ආරංචි විදියට මිස්ට පෙරුමාල් ගෝඨාභයට සහය දෙනවා කියල කියන්නේ

:       332       203

madhawa Thursday, 17 October 2019 11:19 AM

ටොපික් එක එකක්. ඒත් ඇතුලේ තියෙන්නේ ඊට විරුද්ධ කතාවක් ....

:       1       237

Lakmal Thursday, 17 October 2019 11:56 AM

ටොපික් එක සහ මේ නිව්ස් එකේ අන්තර්ගතය අතර වෙනසක් තියෙනවා. මේක කාගේ වුවමනාවකට දාපු එකක්ද කියලා තේරෙනවා.

:       1       204

Don Thursday, 17 October 2019 12:37 PM

මොහු කරන්න හදන්නේ උතුරේ ඡන්ද වෙන කෙනෙකුට දීලා එජාපය එකට තියෙන ඡන්ද අඩු කරන එක... මේක ගෝඨාභයත් එක්ක දාපු ඩීල් එකක්...

:       411       383

juliyan Thursday, 17 October 2019 12:48 PM

වර්ගරාජා පෙරුමාල් දැනට වසර 15 ක සිට කෙලින්ම සහයෝගය මහින්ද රාජපක්ෂට බව රටම දන්නා දෙයක් ... අන්තිමට ගෝඨාට එක්වෙනවා.

:       94       235

tharidu Thursday, 17 October 2019 12:49 PM

මෙයා මහින්දගේ මිනිහෙක්...

:       66       178

Jayalal Thursday, 17 October 2019 01:26 PM

යාපනය කොහොමටත් දෙමළ අපේ කලබල විය යුතු නැහැ.. එය අපි බලාගන්නම් කොළඹත් අපේ... අවුරුදු කීපයකින් ලංකාවම දෙමළ අපේ...

:       69       35

Abey Thursday, 17 October 2019 01:29 PM

දෙමළ අන්තවාදීන්ට කඩේ යන, කොන්දක් නැති පාලකයන්ට රට වටින්නේ නැත්නම්, ජාතික ගීයක් මොකටද?

:       1       54

Nuwan Thursday, 17 October 2019 02:20 PM

උතුරු, නැගෙනහිර දෙමළ නිජබිමෙහි අනන්‍යතාව පිළිගනිමින් එහි අයිතිය තහවුරු කිරීම, හරිම හිනා..! මහරජ වසභ රජයේ ඇමති ඉසගිරිය නාගදීපය පාලනය කරද්දී ‘පියගුක තිස‘ විහාරය කරවීය. ඔහොම තමයි ක්‍රි.ව පළවෙනි සියවසේ වසභ රාජොත්තමයානෝ වල්ලිපුරම් රන් පතේ සදහන් කරලා තිබ්බේ. අන්තවාදී, නිජබ්ම් සංකල්පයට මරු පහර වැදුනේ ඔය රන්පතෙන්... මේ රටේ සිංහල, මුස්ලිම්, බර්ගර්, දෙමළ හා වෙනත් ජාතින් තමන්ගේ පාඩුවේ ජීවත් වීමට ඇති අයිතියට අප හැවොම ගරු කළ යුතුවෙනවා.. එත් අන්තවාදීන්ට මේ රටේ කිසිම ඉඩක් නොතැබිය යුතුමයි. කවුරු අපේක්ෂකයෙක් වුණත් රටේ ස්වෛරීභාවය හා බෝම්බ අඛණ්ඩතාවය සුරැකිය යුතුයි. එච්චරයි.. !

:       0       75

Asanka Thursday, 17 October 2019 02:21 PM

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත වෙයි... ජාතික ගීතේ භාෂා ප්‍රශ්නෙ නිසා සංගීතේ පමණයි. ඉදිකිරීම් වැඩ තාම ඉවර නැත.

:       1       13

kamail Thursday, 17 October 2019 03:07 PM

මේ කොඩිවිනයක පිල්ලියක්... මේ පිල්ලිය එවන කට්ටඩියා මහින්ද බාවා රටම දන්නවා.. අපි කියනවා ඔහෙලා අහනවා... මෙව්වා කවදා ඉවර වේවිද බලය සොයා යනවිට...? මේවගේ දේවල් 2005 සිට වෙනවා.

:       176       136

Ahinsakaya Friday, 18 October 2019 02:39 AM

මම සිංහල ඒත් සර්ලාගේ ප්‍රකාශ දැක්කම එකට පක්ෂ ලයික්ස් දැක්කම රට කොච්චර බෙදිලද කියල හිතුනා, බයක් දැනුනා, මේවා දකින දෙමල මනුස්සයෙක් මොනවා හිතාවිද. දෙමල වුනා කියල එයාට බලෙන් සිංහල උගන්නල සිංහල කතා කරන්න සිංහල සින්දු කියන්න කියලා බල කරන්න ගිය නිසා තමයි අවුල් වුනේ, ඕනෑම මනුස්සයෙක්ට ස්වයං අභිමානයක් තියෙනවා, අන්ත අසරණයෙක් වුනත් ඒ අභිමානේ පෙන්වන්න කැමති පුරසාරම් කියල අතීතේ දොඩවන අහිංසක ආච්චිලා නැද්ද කාටවත්? ඒ වගේ තමයි මිනිස්සු කාටවත් යටත් වෙලා කාගේවත් විදිහට ජීවත් වෙන්න කැමති නැහැ, කරුණාකරලා ඒ දෙය තේරුම් ගන්න. බලහත්කාරෙන් නීති ගෙනත් අකමැති දෙයක් කරන්න බල කරන්න ගියොත් අන්තිම අසරණ මනුස්සය වුනත් මොකක් හරි විරෝධයක් පෙන්වනවා

:       44       1

mama gota ta Friday, 18 October 2019 02:50 AM

ටිකක් කල්පනා කලහම තේරෙනවා මේක දෙමල මිනිස්සුන්ගේ ඡන්ද ප්‍රධාන පක්ෂ දෙකට නොවැටෙන්න ගහපු උප්පරවැට්ටියක් කියලා, දෙමල ඡන්ද නොවැටෙන ප්‍රධාන අපේක්ෂකයෙක් ඉන්නවා, ඔහුට විරුද්ධව ඒ ඡන්ද අනෙත් අපේක්ෂකයාට වැටුනොත් දෙවනුව කී අපේක්ෂකයාට අවස්ථාවක් තියෙනවා, ඒ වගේම දෙයක් කාලෙකට කලින් වෙන රටක වුණා, කැරලි නායකයාට සල්ලි දීලා ඡන්දේ දාන්න තහනම් කෙරෙව්වා, ඒ ඉතිහාසය ටිකක් වෙනස් විදිහට ආයෙම වෙනවා, දැන් මේකට විරුද්ධ අය ඇති, දෙමල අයට මොකක්ද තියෙන අයිතිය ජනාධිපති තීන්දු කරන්න, අපි සිංහල, අපි අපේ කෙනෙක් ජනාධිපති කරගන්නවා, අපි තනි සිංහල ඡන්ද වලින් අපේ කෙනා දිනවනවා, එහෙම හිතන උදවියත් ඉන්නවා, අතිබහුතර සිංහල උදවිය එහෙම තමයි හිතන්නේ, එත් හිතන්න, ඒ දෙමල අය ලංකාවේ පුරවැසියන් නම් ඒ අයට දැනෙන හැඟෙන දෙයට අනුව ඡන්දේ දෙන්න නායකයෙක් තීන්දු කරන්න අයිතියක් තියෙනවා! ඒ දෙයට විරුද්ධ කවුරුහරි ඉන්නවා නම් ඒ තැනැත්තා තමයි නියම ජාති ද්‍රෝහියා, එක තමයි තිත්ත ඇත්ත, මොලේ තියෙනවා නම් කල්පනා කරන්න.

:       23       2

Nishan Friday, 18 October 2019 03:07 AM

අපි දැක්කා මෙතුමා පොහොට්ටු වේදිකාවේ ඉන්නවා. අන්න ඒකයි සැබෑ කුමන්ත්‍රණය. ඒක හෙළිදරව් කරන්න ඔක්කොටම කලින්.

:       0       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1183 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1122 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 635 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1652 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 84 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2710 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site