IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රට තුළ හදිසි නීතිය දින 10ක්

අජන්ත කුමාර අගලකඩ

රට තුළ හදිසි නීතිය දින 10කට පැනවීමට  රජය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (6) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

අදාල ගැසට් නිවේදනය අද (6) නිකුත් කෙරෙන බවද ඔහු කීවේය.

තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර  ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර රට තුළ ජාතිවාදය ඇතිවන ආකාරයෙන් වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර  ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව ඔහු කීවේය.



අදහස් (35)

රට තුළ හදිසි නීතිය දින 10ක්

Laksitha Tuesday, 06 March 2018 08:09 AM

ඔහොම යං රට හදන්න පුලුවන් .....ආයෝජකයෝ එයි....

:       206       299

ජගත් ලියනගේ Tuesday, 06 March 2018 08:21 AM

‘‘ වෛරයෙන් , වෛරය නොසන්සිදේ . අවෛරයෙන් පමණක් වෛරයෙන් සංසිදේ " . බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළේ මෙයයි .

:       33       612

රජින්ද Tuesday, 06 March 2018 08:30 AM

මොනවද මේ රටට මේ වෙන්නේ. ජනතාව කලහාකාරී ලෙස හැසිරෙන්නේ රජය නිසිපරිදි ජනතාව දැනුවත් නොකරන නිසයි. අනික රජයේ ආයතන ගැන මහජනතාව තුල පවතින සැකය සහ අවිනිශ්චිතභාවය මේ සියල්ලටම මුලයි. කිසිදු රාජ්‍ය ආයතනයක් ජනතාවට වග නොකියන නිසා ජනතාව තුළ පවතින කළකිරීම මෙසේ පහව යාම අතිශයින්ම බිහිසුණුය.

:       6       500

appuhami Tuesday, 06 March 2018 08:38 AM

ජාතිවාදීන් ඉන්න කන් ඉතින් රටක් කොහොමත් හදන්න අමාරුයි...

:       50       380

Janitha Tuesday, 06 March 2018 08:39 AM

පොටෝස් රඑක්ක වීඩියෝ තියෙනකොට තව වැරදි මොනාද? සිංහල බෞද්ධ රටට ගිය කළක්.....................

:       249       382

HarrySL Tuesday, 06 March 2018 08:55 AM

ඕනැම සිදුවීමක් දේශපාලනය = මහා විනාශයක්

:       1       19

Ranil Tuesday, 06 March 2018 09:06 AM

අගමැතිගේ විශ්වාසභංගය යට ගහන්න මාර ප්ලෑන් එකක් ගැහුවෙ නේද?

:       396       941

ajith Tuesday, 06 March 2018 09:24 AM

රටට ආයෝජකයෝ එයි????? විදෙස සංචාරකයෝ එයි??? සින්ගපුරුවේයි????? අපේ දරුවන්ගේ අනාගතය සුපිරි වේයි??? විදෙස රටවෙලින් කොන් වේයි රට ආපස්සට යයි........ පාලකයෝ නිදා සිටියි ජාතිවාදීන් රට ගිනි තියයි........

:       19       187

Vijitha Tuesday, 06 March 2018 09:25 AM

රටේ පළවෙනි සහ දෙවෙනි තුමන්ලා ඔවුනොවුන්ට කේන්ද්‍ර ගතවුණු තනතුරු ආරක්ෂා කර ගැනීමේ පෞද්ගලික වූ න්‍යාය පත්‍ර වලට කොටු වූ මානසිකත්වය තුළ සිටින වෙලාවක, මේ කවුද? මොනවාද කරන්නේ? මොනවාද වෙන්නේ? කියල සොයා බලන්න වෙලාවක් කොහෙද තියෙන්නේ. මේ දේශය දැන් මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරය ක්ෂණයෙන් ක්ෂණය විනාශයට යනවා...............

:       0       204

sachithTuesday, 06 March 2018 10:26 AM

ඔබතුමාගේ කතාව හරියටම හරි. රට අද අරාජික වෙන්න ප්‍රදානම හේතුව පලකයෝන්ගේ තියෙන බල ලෝභය.

:       0       0

sachithTuesday, 06 March 2018 10:26 AM

ඔබතුමාගේ කතාව හරියටම හරි. රට අද අරාජික වෙන්න ප්‍රදානම හේතුව පාලකයෝන්ගේ තියෙන බල ලෝබය.

:       0       0

sathyapala Tuesday, 06 March 2018 09:30 AM

මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටියි. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැක. ඇඳිරි නීතිය, හදිසි නීතිය මගින් මැතිවරණ කල් දැමීම සියලු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැති ඇමතිවරුන් වළක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරය යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි.

:       2       0

sugath bandara Tuesday, 06 March 2018 09:37 AM

පුරා වසර 31ක් ලාංකිකයින් ලෙසට අපි වින්ද දුක් කන්දරාව හොඳටම ඇති. මොන විදිහකට අාවත් ඉලක්කය එ්කමයි එහෙනම්... රටේ නීතියට අවනත නොවන කව්රු හෝ වේවා!!! උපරිම දඬුවමකට ලක්කර යුතුමයි. එයට ජාති වර්ග අනවශ්‍යයි. නීතිය හැමෝටම එක හා සමාන විය යුතුමයි.

:       0       3

V.warnakulasuriya Tuesday, 06 March 2018 09:41 AM

අප්පුහාමි මහතාගේ අදහස වඩාත් නිවැරදි කරනවා නම්, සමහර දේශපාලකයින්ට බඩගෝස්තරය රැකගන්න ජාතිවාදයක් පැවතිය යුතුයි. මේ නිසා රටක් හදන්න බඩගෝස්තරවාදී දේශපාලකයින් ඉන්නකම් අමාරුයි කියමු.

:       0       0

mjb Tuesday, 06 March 2018 09:43 AM

රජයක් නිතිය සියලු ජාතීන්ට සමව ක්‍රියාත්මක ක‍රන්නෙ ඕනේ. අද ඒක එහෙම වෙන්නේ නැති නිසා සිංහල අය අතෙරේ ලොකු අවිශ්වාසයක් තියෙනෙව නිතිය ක්‍රියාත්මක කෙරන ආයතන ගැන. අද උතුරු / නැගෙනහිර හිදී නිතිය ක්‍රියාත්මක වෙන විදියයි රටේ අනිත් ප්‍රදේශ වල ක්‍රියාත්මක වන විදියයි වෙනස් නේ. මේවට පොලිසිය වග කියන්නෙ ඕනේ.

:       0       20

සතයපාල Tuesday, 06 March 2018 09:53 AM

1983 කළු ජූලියෙන් පස්සේ මේ රටට ලැබුණු තෑග්ග තමයි 30 වසරක යුද්ධය. ඒකෙන් පාඩමක් ඉගෙන නොගත් අමනයෝ තවත් යුද්ධයකට පාර කපන්න වලි කනවා. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා බුද්ධිමතුන් පාඩම් ඉගෙන ගන්නේ අනුන්ගේ අත්දැකීම් තුළින් වුවත්, මෝඩයන් පාඩමක් ඉගෙන ගන්නේ තමන්ගේ අත්දැකීම් තුළින් කියලා. මේ රටේ ඉන්න සමහරු පට්ටපල් මෝඩයින්... මේ එකකින්වත් පාඩම් ඉගෙන නොගන්න බව ඉතා පැහැදිලියි.

:       0       6

Fazal Tuesday, 06 March 2018 09:59 AM

පුද්ගලයෙක් එක්ක ප්‍රශ්නයක් නම්, සම්බන්ධ අය එක්කම බේරාගන්න... රටම ගිනි ගොඩක් නොකර...

:       0       1

lalithsjm Tuesday, 06 March 2018 10:02 AM

තමන්ගේ ජාතිය ආරක්ෂා කරන්න කියලා ඉල්ලපු ඔහු ජාතිවාදියෙක්ද? තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තා කාලකණ්ණියෙකි.

:       0       6

සනත් ඉතාලිය Tuesday, 06 March 2018 10:10 AM

ඔක්කොම කුනු බෙන්ගාලෙ බොක්කට වගේ අවසානෙ මෙකත් රාජපක්ෂලගේ ගිණුමට එකතුවෙයි අද.

:       0       28

Nuwan Tuesday, 06 March 2018 10:10 AM

මහපාරේදී මිනීමැරුමක් වුනහම පොලිසියෙන් වහාම ක්‍රියාත්මක වෙන්න ඕන, එච්චරයි . මම ඉන්නෙත් වෙන රටක මෙහෙ විවිධ රටවල මිනිස්සු ඉන්නවා, මෙවැනි සිද්ධියකදී ජාති ආගම සලකන්නේ නැහැ, මිනීමරුවෝ හිරේ. උගත් සමාජයක සහ නුගත් සමාජයක වෙනස මේ, නොදනිම කඩේ යනවා කපටි දේශපාලුවන් වෙනුවෙන්. 30 වසරක් යුද්දයෙන් බැට කෑ අපි අපේ දරුවන්ටත් එයම උරුම කරමුද ? මුස්ලිම් සිංහල දෙමල බර්ගර් සිදුකල සියලු වැරදි වලදී රටේ නිතිය හරියට ක්‍රියාත්මක වුනානම් අද මෙහෙම වෙන්නේ නැහැ

:       10       635

kalani Tuesday, 06 March 2018 10:12 AM

විනාශය වේගයෙන් අතු ඉති ලා වැදෙන්න පුළුවන්. නියපොත්තෙන් කලා දමන එක හොඳයි.

:       1       76

රත්නවීර Tuesday, 06 March 2018 10:28 AM

රටට මේ වේලාවේ හදිසි නීතියක් හෝ විශේෂ ආරක්ෂක තත්වයක් නැත..!!! ආණ්ඩුව ඉතාම දුර්වල වී ඇත. එහි අභ්‍යන්තර දුර්වලකම් සහ ගැටුම් වසා ගැනීමට මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෙම තීරණය ගත් බව පැහැදිලියි.

:       1       0

Wasantha (attorney at law) Tuesday, 06 March 2018 10:37 AM

ඊයේ, පෙරේදා මාලදිවයිනේ සිදු කළෙත් බලහත් කාරයෙන් හදිසි නීතිය පනවා ජනාධිපතිවරයා සිය බලය බලහත්කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සාහයක් බව තේරුම් ගත යුතුයි. වර්තමානයේ බලය අහෝසිවෙමින් යන වර්තමාන පාලකයින් බැඳුම්කර මුදලින් සිය මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇතිකර එමගින් බලහත්කාරයෙන් හදිසි නීතිය පනවා සිය බලය රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වී ඉන්පසු එය සිය විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් වෙත පටවා ඔවුන් ඒ තුළින් මර්ධනය කිරීමේ පටු උත්සාහයක් බව පැහැදිලිව පෙනේ...

:       0       0

sathyapala Tuesday, 06 March 2018 10:41 AM

මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටියි. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැකිය. ඇඳිරි නීතිය, හදිසි නීතිය මගින් මැතිවරණ කල් දැමීම සියලු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැති ඇමතිවරුන් වළක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරය යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි.

:       0       22

sathyapala Tuesday, 06 March 2018 11:14 AM

මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටියි. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැක. ඇඳිරිනීතිය, හදිසිනීතිය මගින් මැතිවරණ කල් දැමීම සියළු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැති ඇමතිවරුන් වළක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරය යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි. මේ සඳහා ගහලයා තනතුර (නීතිය හා සාමය ඇමති) සරත් ෆොන්සේකාට යෝජනා කර ඇත්තේ මේ සැලසුම ක්‍රියාත්මක කරන්නට දින දෙකකට පෙරය.

:       1       5

sathyapala Tuesday, 06 March 2018 11:14 AM

මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටී. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැක. ඇඳිරිනීතිය, හදිසිනීතිය මගින් මැතිවරණ කල් දැමීම සියලු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැතිඇමතිවරුන් වළක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරයෙන් යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි. මේ සඳහා ගහලයා තනතුර (නීතිය හා සාමය ඇමති) සරත් ෆොන්සේකාට යෝජනා කර ඇත්තේ මේ සැලසුම ක්‍රියාත්මක කරන්නට දින දෙකකට පෙරදීය.

:       113       104

Cisco Tuesday, 06 March 2018 01:28 PM

සත්‍යපාල ඔබ නිවැරැදියි. 1983දී මෙයට සමාන දෙයක් සිදුවිය.

:       0       1

Rimzan Tuesday, 06 March 2018 11:19 AM

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්වේගෙනයි එන්නේ..

:       36       47

chanak os angeles Tuesday, 06 March 2018 11:27 AM

විශිෂ්ඨ තීරණයක්... යහපාලන ආණ්ඩුව සංහිඳියාව, සහජීවනය ඇති කළ නිසා එහි ප්‍රයෝජන අද සියලු දෙනාටම ලැබෙනවා..

:       1146       0

kumara Tuesday, 06 March 2018 11:48 AM

පැති කණ්නාඩිය බිඳෙනකොට පොලීසියට යන්නේ නැතිව මිනී මරනකොට ඉවසාගෙන සංහිඳියාව ආරක්ෂා කළා නම් අවුරුදු 2න් මිනීමරුවන් ගෙදර... මිනී මරණකොට පොලීසිය හරියට නීතිය ක්‍රියාත්මක කළානම් (දින ගණනාවක් සැකකරුවන් නොසොයා) මේ විපත වෙන්නේ නැහැ. ඒ මොකුත් නොකර සිටීමේ ප්‍රතිවිපාක තමයි මේ. මේ රටේ සුළු ජාතිකයින් බොහෝ ස්ථානවලදී සිංහල නොහැකි බවට අඟවමින් මහ ජාතියට වඩා බොහෝ වරප්‍රසාද ලබාගන්නා අතර මට සිංහල බැහැ කියා ඕනෑම ප්‍රකාශයක් ඔවුන්ගේ වාසියට හරවා ගනී. එසේම දැනට විනාශ වූ සියළු වත්කම් ඔවුන් රජයෙන් වන්දි ලෙස අනිවාර්යයෙන්ම ලබාගන්නවා. ඒ නිසා දේපළ විනාශය හමුදාව යොදවා හෝ නතර කල යුතුයි. කෙටියෙන් ගන්න දිගන හා පේරාදෙණියේ මාර්ගය දෙපස පදිංචිකරුවන් තම නිවස ඉදිරිපස පාර භාවිතා කරන ආකාරය දැක්කාම ඔවුන්ගේ හැසිරීමේ ගොඩක් දේවල් විද්‍යාමාන වේ. සිතන්න... මා වැරදිද? වැරදිනම් පෙන්වා දෙන්න..

:       66       303

sagara Herath Tuesday, 06 March 2018 12:20 PM

අපරාදේ, මේ ආණ්ඩුව හදන්නේ සංචාරක ව්‍යාපාරයටත් හානි කරන්න... මේ වගේ තීරණ ගත්තාම ලෝකෙට යන්නේ වෙන විදිහකට... මේකෙන් යුරෝපා රටවල් අනිවාර්යයෙන් නිවේදන නිකුත් කරනවා ලංකාවේ ගමන් කිරීමෙන් වළකින්න කියලා...

:       1       39

naradha Tuesday, 06 March 2018 12:32 PM

ඇයි.. මේ ජාතිවාදී කියන ප්‍රශ්න සියල්ලටම රජය වගකිව යුතුයි. රටේ පුරවැසියන්ට වගකීමක් ගන්න බැරිද? මේ මිලේච්ඡ, අමන හැසිරීමෙන් වැළකී සිටින්නට...

:       23       13

Sampatj Tuesday, 06 March 2018 01:15 PM

හේතුව සහ ඵලය හඳුනාගමු. කණ්ණාඩියක් බිඳීම රටේ හදිසි නීතිය ගේන්න තරම් ප්‍රබලයිද? කියන සිද්ධාන්තය වගේ දෙයක්... සමනළයෙක් පියාඹමින් සුළි කුණාටුවක් නිර්මාණය වෙනවා වගේ දෙයක් .... හැමෝම රටේ නීතියට ගරු කළ යුතුයි.

:       0       2

leel gunawardena Tuesday, 06 March 2018 02:06 PM

ජාතිවාදය කියනදේ කොච්චර භයානකද? කියන එක තේරුම් ගන්නට බැරි පිරිස් ඉන්න ලංකාව වගේ රටක මේ දෙය නැතිවන්නේ නැහැ. කාලයක් ගිහිල්ලා නැවත මතු වෙනවා. කණගාටුයි කියන්නට... මෙවැනි දේවල්වලට විරුද්ධව දැඩි නීතිරීති සකස් කළ යුතුයි.

:       0       2

amila Thursday, 08 March 2018 03:49 AM

මේක හුදෙක්ම යටි අරමුණක අතුරු ජවනිකාවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 6155 33

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 2968 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 9542 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7475 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


සුබ අලුත් අවුරුද්දක් වේවා
2024 අප්‍රේල් මස 13 264 3

ලංකාදීප පාඨක ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.


රුසියාව යුක්‍රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි
2024 අප්‍රේල් මස 12 7559 1

යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site