IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘රටේ කප්පරක් ප්‍රශ්න තිබියදී අලුතින් ඇමැතිවරු පත් කරනවා‘

  ( නාලක සංජීව දහනායක)


ජනතාව කප්පරක් ප‍්‍රශ්නවල පැටලී සිටියදී අලූතින් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.


මෙවැනි පැලස්තර විසඳුම් මඟින් තම කඩාවැටීම වළක්වා ගැනීමට ආණ්ඩුවට නොහැකිවන බව ඒකබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ලංකාදීපයට පැවසීය.


 මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


තම ප‍්‍රශ්නවලට විසඳුම් නැති නිසා ආණ්ඩුව ජනතාව අතර පිරිහෙනවා. ඒ අතරදි පසු පෙළිනුත් ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වෙනවා. මේ පීඩනය අවම කරගන්න මන්ත‍්‍රීවරුන්ට විවිද දොළ පිදේනි දෙනවා. මේවායින් ආණ්ඩුවේ  කඩාවැටීම නවත්වාගන්න බැහැ.  



අදහස් (12)

‘රටේ කප්පරක් ප්‍රශ්න තිබියදී අලුතින් ඇමැතිවරු පත් කරනවා‘

hira Tuesday, 12 June 2018 11:38 AM

දැන්නම් ලංකාවෙන් වෙනරටකට යන්න කාලය ඇවිල්ලා.

:       41       210

Raveendra Tuesday, 12 June 2018 11:47 AM

තුන්වේල අඩුම මුදලකට ලැබෙනවා.කිසිම හිරිකිතයකින් තොරව ගිලදමනවා, පිං පඩි ලැබෙනවා, යාම් ඉම් , පිනට වාහන ලැබෙනවා ඉතින් මොන අඩුපාඩු ද ? පිටරට වල සංචාර නොමිලේම ලැබෙනවා .

:       41       358

නුමා Tuesday, 12 June 2018 11:59 AM

'අනුන්ගෙ ඇහේ තියෙන පොල්කෙන්ද පෙනුණාට, තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලය පේන්නෙ නැහැ' කියන උපහැරණයට උදාහරණ හොයන දරුවන් ඉන්නවනම් මේ ලිපිය ගුරුතුමාට පෙන්වන්න පුළුවන්. කටකයිවාරු ගහන මුන්නැහෙලා පටන්ගත්ත කෙරුවාවල කරුම තමා මේ ගෙවන්නෙ. මේ බකතපස් රකින්නන් බලයට ආව දවසක්, දැන් බලය ඇති අම්බරුවනුත් මෙම කථාවම කියනව නැවත අහන්න ලාංකිකයන් විදිහට අපිට හේතු වාසනා තියෙනවා.

:       118       172

kalani Tuesday, 12 June 2018 12:53 PM

නස්රුදින් තම නැති වූ මංගල මුද්ද මිදුලේ සේව් කතාව සිහිපත් කරමි. ඒකාබද්ධ විපක්ෂය ද එය සොයමින් සිටියි.

:       0       0

සතයපාල Tuesday, 12 June 2018 01:19 PM

මේ අයගේ පාලන කාලයේ කිසිම ප්‍රශ්නයක් රටේ තිබුණේ නැහැ රට කේතුමතී රාජධානිය වගේ තිබුණේ. ඒක නිසා තමයි මහරජතුමා ඇමතිවරු එකසිය හතලිස් ගාණක් එක්ක රට පාලනය කලේ අපේ හාමුදුරුවනේ.

:       0       0

faizer Tuesday, 12 June 2018 03:18 PM

හැමෝම එකම ගොඩේ. දේශපාලන හිගන්නෝ. හිගන්නොත් එහෙමනේ හිගකනවා නමුත් සල්ලි බැංකුවල තියෙන්න. කන්නේ රජ බොජුන්. සල්ලි පොලියට දෙනවා.

:       0       0

V.warnakulasuriya Tuesday, 12 June 2018 04:32 PM

ජනතාවත් ප්‍රසන්න රණතුංග මහතා වැනි මන්ත්‍රීවරුන්ට දොලපිදේනි දෙනවා. ආණ්ඩුවත් ඔවුන්ටම දොලපිදේනි දෙනවා. ශ්‍රිලංකාවේ පට්ට හොරු මොනතරම් වාසනාවන්තද?

:       0       0

සනත් ඉතාලිය Tuesday, 12 June 2018 06:51 PM

කලින් මේකේ තිබුණනේ පත්කරපු රාජ්‍ය ඇමැති නියෝජ්‍ය ඇමැති ලිස්ට් එක ඒ පුවත් ඉවත් කරලා තියෙන්නේ ඇයි? හෙට වෙනකොට තවත් වෙනසක් කරන්නද? අනේ මන්දා... ආව දවසේ ඉඳන්ම ඇමැති මාරු හරියට පලාපල වගේ විද්‍යානුකූල ක්‍රමයට ඇමතිකම් දීලා තිබ්බේ ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමති අලුවිහාරේ මේ වගේ විගඩම් පාර්ලිමේන්තුවක් දැක්කමයි ලෝකෙටම එකයි...

:       0       0

appuhamy Tuesday, 12 June 2018 07:18 PM

පෙර දිග ලෝකයේ ( දැන් ) නො බැබලෙන මුතුඇටේ ට කප්පරක් දෙව් දේවතාවන්ගේ අනිවාර්ය පිහිටයි!

:       0       2

athura Wednesday, 13 June 2018 03:27 AM

මේ රටේ සුද්දාගෙන් පස්සේ ප්‍රශ්නයක් නැති වුන කාලයක් තිබුනද මහත්මයෝ.

:       0       1

Raveendra Wednesday, 13 June 2018 04:35 AM

නුමා මබ නිවැරදිය. මේ අම්බරුවන් 225 ම රග දක්වන්නේ ඔබට, මට, අපට හෝ රටට ඇති ආදරය නොවේ "තමන්ගේ පට්ටිය" රැකගැනීමටය. එබැවින් මහජනතාවගේ දුප්පත් මුදල්වලින් අලුතින් පත් උණු රෑනටත් හැකි ඉක්මනින් අඩුතරමින් ලක්ෂ 500 කාටවත් සුව පහසු යාන වාහන ලබා දිය යුතුය. එසේ නොවේනම් මේ අය සැමවිටම අඩනවා දැකිය හැකිය.

:       0       3

KANDEPOLA Wednesday, 13 June 2018 05:25 AM

ඔන්න ඔහේ ඔය ටික දීපුවාවේ. 2020න් පස්සේ ආයේ අවුරුදු 25 කටවත් ඇමතිකමක් ගන්න ආණ්ඩු පක්ෂේ ඉන්න වෙන්නේ නැනේ. පවුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 21 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1310 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1174 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 670 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1713 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 87 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site