IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


’රටේ ආරක්ෂාව මේ තරම් පහළ අඩියකට කවදාවත් වැටුණේ නෑ’

 


විනීතා එම් ගමගේ

ඉතිහාසයේ කිසිදු අවස්ථාවක රටේ ආරක්ෂාව මේ තරම් පහළ අඩියකට නො වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.    

                      
එහි ඇති ඉතාම කණගාටුදායක තත්ත්වය වත්මන් ජනාධිපතිවරයා තම රජය තුළම සිරකරුවකු  බවට පත්වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.                     


රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව නැති කිරීමේ සැළසුම් සහගත කුමන්ත්‍රණ පිළිබඳ මේ වනවිට රටේම කථා බහට ලක්ව ඇතැයි කී පීරිස් මහතා මේ චෝදනාවට ලක්වන්නේ පොලිසියේ ඉහළම තනතුරක් දරණ නිලධාරියෙක් වීම මෙහි දී අවධානය යොමු කළ යුතු කරුණක් යැයි ද කීය.    

                           
මේ චෝදනාවට අදාළ පොලිස් නිලධාරියා ගේ යැයි කියන හඬ පට සැබැවින්ම ඔහුගේ හඬ බවට රස පරික්ෂක වාර්තාව නිකුත් වී ඇතැයි වාර්තා වන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම කියා සිටියේය.              

                             
මේ සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා නායකත්වය දුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ගිනි අවි දෙකක් නිකුත් කර ඇති බවත් එම අංශයට කිසිසේත්ම ගිනි අවි අවශ්‍ය නොවන බැවින් එය සැක සහිත බවත් කී මහාචාර්යවරයා එය හිටි අඩියේ අතුරුදන් වීම තවත් ගැටලූ සහගත බවත් කියා සිටියේය.       



අදහස් (9)

’රටේ ආරක්ෂාව මේ තරම් පහළ අඩියකට කවදාවත් වැටුණේ නෑ’

Bamunuarachchi Monday, 08 October 2018 12:02 PM

එ්ක තමයි අපි කියන්නේ කොන්දක් තිබෙන ඝෝඨාභය වගේ කෙනෙක්ව ජනාධිපති කරන්න කියලා...

:       745       77

Bamunuarachchi Monday, 08 October 2018 12:08 PM

රටේ ආරක්ෂාව විතරක් නොවෙයි.. ආර්ථිකයත් බිමටම කඩා වැටිලා. දෙලක්ෂ පනස්දාහක් රටට කරපු නස්පැත්තිය....

:       512       142

sirimal Monday, 08 October 2018 12:26 PM

ඔය පක්ෂ නායකත්වය තව කී දවසක් තියෙයිද පඬිතුමනි? ඕන වෙලාවට නායකකම ගන්න නේද අර මන්ත්‍රීතුමා පක්ෂයක් හදලා කියන දෙයක් අහන සුභර කීකරු කෙනෙක්ව නායකකමට දාගෙන වැඩ කරගෙන ගියේ ඇයි? දැන් තේරෙනවා නේද මන්ත්‍රීතුමාගේ දුර දක්නා නුවණේ තරම? දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. ඒකාබද්ධ විපක්ෂය අතර ඇති කර ගන්නා සභාගයක් හරහා එජාපයත් රනිල් වික්‍රමසිංහවත් ආණ්ඩු බලයෙන් පන්නා දමා හිටපු ජනාධිපති රාජපක්ෂ, භාරකාර ආණ්ඩුවේ අගමැති කරනවා. ඒ වැඩපිළිවෙළම ඊළඟ ජනාධිපතිවරණයටත් යනවා. ඒ ජනාධිපතිවරණයේදී සිරිසේනට සහය වෙන්න රාජපක්ෂට පුළුවන්. ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජපක්ෂට සහාය වෙන්න සිරිසේනට පුළුවන්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුවේ ප්‍රධාන චරිතය වෙන්නේ අගමැතිවරයා කියන එක ජනාධිපති සිරිසේන දැනටමත් කියලයි තියෙන්නේ. ඒක නිසා, හිටපු ජනාධිපතිවරයාට ඔහුට අවශ්‍ය තැන ලැබෙනවා. ඊට පස්සේ සිද්ධවෙන හරිය ඉතිහාස පොත්වල ලියැවෙනවා ඇති.

:       0       51

OMGMonday, 08 October 2018 02:05 PM

ඔබ හිතන්නේ සූත්තර පුංචා අත් දෙක බැඳන් නිකන් හිඳීවි කියලද?

:       0       6

Chandra Monday, 08 October 2018 01:14 PM

ඔය කට්ටිය ඉද්දි මහජන ආරක්ෂාව තිබුණේ කොහෙද? සූරාකන රටක් තමයි තිබුණේ. කාගේ හරි ලේ බීලා සල්ලි හොයන්නයි පුරුදු කරලා තිබුනේ. ඡන්ද දින්නේ කුඩු, එතනෝල් සහ ගංජා ව්‍යාපාරවලින්. පාසල් යන ළමුන්ට පවා ඉගෙන ගන්න සල්ලි හොයන්න සැලසුම් කලේ දුරාචාරයේ ගොසින්... එහෙම නේද? දැන් මේවායින් රට ගලෝගන්න හරි අමාරුයි. තවත් ජනතාව රවටන්න හදන්න එපා... කොහොම තිබුණු රටක්ද මේක සධාම් හුසේන් ඉරාකයට කල විනාශයට එහා ගිහින්...

:       0       514

rohana Monday, 08 October 2018 01:18 PM

ඒ කියන්නේ අපේ සිරිලා ආපහු අර හොරුන්ට, මිනීමරුවන්ට රට දෙන්න හදනවා කියන එකද? මොනවා කරන්නද සිරිල් කැමති එ්කට නම් දීලදාන්න.

:       0       7

rohana Monday, 08 October 2018 01:31 PM

ඔව් ඔව් අපි බමුණා කියන විදියට සහෝදර සමාගමේ හොර වැඩකරන අයෙකුට රට දෙමුකෝ.

:       0       16

BamunuarachchiMonday, 08 October 2018 02:28 PM

කියන්න හලෝ මොනවද කරපු හොර වැඩ. දන්නවා නම් අල්ලස් කොමිසමට කියන්න. බැංකු මංකොල්ලය ගැන නම් අපි කොමිසමට කිව්වා. අර සුදු වෑන් කතාව වගේ තමයි. එජාප අලියාගේ නැට්ටේ එල්ලිලා ලැම්බෝගිනි බලන්න ගිය කට්ටියනේ ඔයගොල්ලෝ.

:       331       0

Mf Monday, 08 October 2018 07:16 PM

ලංකාවේ විශ්‍රාම යන්නේ නැති එකම රස්සාව දේශපාලනයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 1 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 308 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 439 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1209 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2650 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1762 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site