(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙහි රටට අයහපතක් වන කරුණක් ඇතුළත්ව තිබේ නම් එය සංශෝධනය කිරීමේ හැකියාවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
අත්සන් කළ දින සිට වසරක් ඇතුළත ගිවිසුමට අවශ්‍ය සංශෝධන එකතු කළ හැකි බවට වන වගන්තියක් එම ගිවිසුමට ඇතුළත් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර ස්වාධීන කමිටු වාර්තාව මගින් එහි සංශෝධනය කළ යුතු කරුණු ඇති බව දක්වා තිබුණහොත් එය සිදුකළ හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එම කමිටුවේ සිටින විශේෂඥයින් විසින් නිසි පදනමක් ඇතිව ලබාදෙන වාර්තාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇතැයි කී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඒ අනුව සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට හැකි බව ද කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘රටට අයහපත් කරුණු ඇත්නම් ලංකා-සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්‘
Cisco Thursday, 16 August 2018 09:18 AM
ඉතින් මේක අත්සන් කරන්න කලින්මනේ බලන්න තිබුණේ ඇමතිතුමෝ?
piyal Thursday, 16 August 2018 10:51 AM
ඔබතුමාට අයහපතක්වෙන බව පේන්නෙම නැද්ද?
Raveendra Thursday, 16 August 2018 11:26 AM
ඇයි "රටට අයහපතක් වන කරුණක් ඇතුළත්ව තිබේ නම් " කියමන් දැන් කියන්නේ ? ඕනෑම මිනිසකු යමක් අත්සන් කරනකොට එය කියවා බලා නොවේද තමන්ගේ අත්සන තබන්නේ?
jayatissa Thursday, 16 August 2018 12:43 PM
ඔබතුමාලා ඔය අමාත්‍යංශේ ඉදන් අත්සන් කරලා යවන ලිපිත් පස්සෙන් ගිහින් සංශෝධනය කරනවද. හොඳට කියවලා බලලා නේද අත්සන් කරන්නේ.