(ඩයනා උදයංගනී)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්වී තිබේ.
අනුරුද්ධ පාදෙණිය මහතා මෙවර මෙම තනතුරට තේරී පත්වූයේ පිට පිට දස වැනි වරටවීම විශේෂත්වයකි.
කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේදී ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වු බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත් වී තිබේ.
මීට පෙර ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක තනතුරට පත්ව ඇත
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය 10 වැනි වරටත් වෛද්‍ය පාදෙණියට
Rata Perata Sunday, 28 June 2020 07:04 AM
මේ මාෆියාවෙන් ගොඩ එනවා බොරු...
de silva Sunday, 28 June 2020 07:06 AM
ඕක තනිකරම රටේ පොදු ජනතාව තලාපෙලා දමමින් දොස්තරලාගේ බඩ වඩා ගැනීමට අටවාගනු ලැබූ මාෆියා සංවිධානයක්...
Gamage Sunday, 28 June 2020 07:10 AM
කඩේ යනකොට ඔහොම දේවල් වෙනවා. මේ තනතුරු දැරීම අවුරුදු 3කට නැතිනම් 4කට සීමා කරන්න ඕනේ. සෑම ආයතනයකම මෙහෙම තනතුරු දිගට දරන්න දෙන්නේ නැහැ. රටේ ජනාධිපති තනතුර පවා අවුරුදු 4ට සීමා කරලා දෙපාරකට වඩා ඉන්න බැහැ කියන කොට මේ වගේ අවස්ථා දෙන්න හොඳ නැහැ. වංචාව, දූෂණය, හිස උදුම්මවා ගැනීම, සේවය නිසි ලෙස නොලැබීම, වන්දි භට්ටයින් කොටසක් බිහිවීම අපට දැකගන්න පුළුවන්...
sena Sunday, 28 June 2020 07:16 AM
පාදෙණිය මහත්තයාට දැන් කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ ආණ්ඩුවට හොඳටම හිරවෙලා ඉන්නේ... හරියට විෂදළ ගලවලා දාපු නයා වගේ... අහිකුණ්ඨිකයා නලාව පිඹිනකොට ටිකක් පෙනේ පුප්පලා පෙන්නුවා... එච්චරයි.
Buddika Sunday, 28 June 2020 07:19 AM
එකම පුද්ගලයෙක් 10වැනි වරට සභාපති වෙන්න ඇති. එහෙම වුණාම වෙන්නේ ඒ ආයතනය තුළ ප්රජාතන්ත්රවාදයක් නොපැවතීම... ඒකාධිපති තත්වයක් ඇතිවීම.. කිසිම තැනක එකම පුද්ගලයෙක් තුන් හතර පාරකට වඩා පත් නොවිය යුතුයි.
kamal Sunday, 28 June 2020 08:35 AM
මේ රටේ නීතියක් තියෙනවා නේද ජනාධිපති වෙන්න පුළුවන් 2හෝ 3 වතාවක් කියලා... ඇයි ඒ නීතිය රටේ අනිත් අයට නැත්තේ? ක්‍රිකට් මණ්ඩලයට සහ ඡන්දයෙන් පත්වන සියලුම සමිති සමාගම්වලට, මරණාධාර සමිතියට පවා ජනාධිපතිට බලපාන නීතියම දාන්න බැරි ඇයි?
siri Sunday, 28 June 2020 08:46 AM
ඇමැති තනතුරක් බලාගෙන වැඩකළා කියලා කවුදෝ කිව්වා... බොරුවට වෙන්න ඇති මගෙ හිතේ...
Mahesh Sunday, 28 June 2020 09:30 AM
රනිල් වගේම චරිතයක්... ලේසියට පුටුව දෙන්නේ නෑ වෙන කෙනෙක්ට...
Siri Sunday, 28 June 2020 12:25 PM
සුබ පැතුම්... අනාගත රනිල් චරිතයට...
Kamal Sunday, 28 June 2020 02:01 PM
මෙයත් රනිල් මැතිතුමා වගේ තමයි.