IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රජය ගැන ආයෝජකයන් - ව්‍යාපාරිකයන් තැබූ විශ්වාසය කඩා වැටිලා

(නිමල කොඩිතුවක්කු)

කඩා වැටෙන අර්ථිකය,බාල්දු වෙන රුපියල රැක ගැනීමට වත්මන් රජයට වැඩ පිළිවෙළක් නොමැති බවත් මේ රජය පිලිබඳ ව්‍යවසායකයන්,ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් තැබූ විශ්වාසය කඩා වැටී ඇති බවත්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා කොළඹදී අද (04) පැවසීය.

රටේ ආර්ථිකය බාරගත් රනිල් වික‍්‍රමසිංහ මහතා යලිත් වරක් අසාර්ථක බවට ඔහු විසින්ම තහවුරු කර ඇති බවද දිසානායක මහතා කියා සිටියේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 යේ කණ්ඩායම නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා මෙසේද කීය.

      ‘‘රුපියල ලෝක මුදල්  අතර අවලංගු වන කාසියක් තරමට පහළ වැටෙමින් තිබෙනවා.  ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ අපි අද පතුලටම වැටිලා තියෙන අවස්ථාවක තමයි මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ.

රුපියල් බිලියන 644ක අයවැය හිඟයත්, රුපියලේ  අව ප‍්‍රමාණයත් සමඟ ඉතිහාසයේ වැඩිපුරම මුදලක්  වැය කරන අයවැයක් විදියට මේ අයවැය ඉතිහාස ගත වෙනවා.

අපේ රටට ජී.එස්.පී බදු සහනය හිමිවුනා මත්ස්‍ය තහනම ඉවත් කෙරුණා. මේ එකකින්වත් ප‍්‍රයෝජනයක් ගන්න මලික් සමරවික‍්‍රම මහතාටත්, අගමැතිවරයාටත් මුදල් ඇමතිවරයාටත් නොහැකි වුනා.

අද වනවිට තේ, පොල්, රබර් කඩා වැටිලා තියෙනවා. ආර්ථිකය ගොඩගන්න බැරි තත්වයට අද පත්වෙලා තියෙනවා.  රතුපස්වල ෆැක්ටි‍්‍රයට විරෝධය පළ කළා. අද ඒ කර්මාන්ත ශාලාව තායිලන්තයට අරගෙන ගියා. ඒක මෙහේ නවත්වගන්න කිසිම වැඩපිළිවෙළක් තිබුනේ නැහැ.

ජය අපවිත‍්‍ර වුණා කියන කාරනාව බොරුවක්. වැරදි මතයක් නිසා ඒ ප‍්‍රදේශවල ජනතාව එලියට බැස්සා. මේ නිසා අපේ රබර් අද 300 ටවත් විකුණ ගන්න බැරුව තියෙනවා.

මේ රජයේම  එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක්  වියට්නාමයෙන් ගම්මිරිස් ගෙනල්ලා  අපේ ලාංඡනය ගහලා  1200ට ඉහළින් තිබුණ ගම්මිරිමස් මිල අද 400 දක්වා පහත දාලා තියෙනවා.

අද මේ රටේ අනාරක්ෂිත තත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ජනාධිපති ඇතුළු  ප‍්‍රභූන් ඝාතන කුමන්ත‍්‍රන ආදි බරපතල තත්වයක්  තියෙනවා. මෙම තත්වයන් ඉතාම නරක විදිඑට අපේ සංචාරක ව්‍යාපාරයට බලපානවා.

එක්සත් ජාතික පක්ෂය සහ ආර්ථිකය භාර අරන් ඉන්න රනිල් වික‍්‍රමසිංහ මහතාට  අද සැලැස්මක් නැහැ. එතුමන්ගේ ආර්ථික  කළමනාකරණ  කමිටුව ජනාධිපතිවරයා විසින් අහෝසි කළා. ඒත් අදටත් මලික් සමරවික‍්‍රම ඇමතිතුමාත්, අගමැතිතුමාත්, මුදල් ඇමතිතුමත්  මේ රටේ ආර්ථිකය මෙහෙයවනවා.

පසුගියදා රැස්වූ  කැබිනට්  මණ්ඩලයේදී තෙල්  වලට වගේම විදුලියට මිල සූත‍්‍රයක් ගෙන ඒමේ යෝජනාවක් එන්න නියමිතව තිබුණා. ඒක  කැබිනට් ලේකම් වරයාට භාරදිලා තියෙනවා. ජනාදිපතිවරයා ඒක ගේන්න ඉඩ දෙන එකක් නැහැ කියලා අපි හිතනවා.

කඩා වැටෙන  ආර්ථිකය, බාල්දු වෙන  රුපියල රැක ගන්න, අපනයන ආදායම වැඩි කරගන්න මේ රජයට අදටත් වැඩපිලිවලක් නැහැ.  එවැනි සැලැස්මක් හදන එක මේ රජයට ලේසි වෙන එකකකුත් නැහැ. මේ රජය පිලිබඳ ව්‍යවසායකයන්, ආයෝජකයන්, ව්‍යාපාරිකයන් තියපු විශ්වාසය කඩා වැටිලා තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ කණ්ඩායම විදියට අපි උත්සාහ කළේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නැති ආණ්ඩුවක් හදන්නයි. එක්සත් ජාතික පක්ෂයේ අද පාර්ලිමේන්තුවේ  ඉන්න මන්ත‍්‍රීවරුන් බහුතරයකුත් මේ ගැන ඉල්ලිම් කළා. ඉන් පසුව තමයි  එතුමා රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන්  මෙම ඉල්ලීම කළේ. වරක් දෙවරක් නෙමෙයි අපි දන්න විදියට අට වරක් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළා.

මොකද එතුමන් අයින් වෙලා වෙන අගමැතිවරයෙකු පැමිණිමෙන්ම කොටස් වෙළඳපොල ශක්තිමත් වෙමින් ආයෝජකයන්ගේ විශ්වාසය  වැඩිවෙලා රටේ ආර්ථිකයේ තීරණාත්මක වෙනසක් සිදුවිය හැකියි.

එතුමා 1993 වසරේ  පළමු වරට අගමැති වුනා. අවුරුදු 17ක් පැවති එක්සත් ජාතික පක්ෂ රජය එතුමා අගමැතිවෙලා වසරකින් පක්ෂය පරාජයට පත්වෙනවා.

2001 දිත්  එතුමන්ට කරගන්න බැරි වුනා. ඒ අවුරුදු දෙකහාමාර තුළ කිසිදු පුද්ගලයෙක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගත්තේ නැහැ. එතුමා 2015 ඉදන් අගමැති ධූරයේ කටයුතු කළා. සියලුම වගකිවයුතු අමාත්‍යාංශ එක්සත් ජාතික පක්ෂය ගත්තා. එහෙම අරගෙනත් ඔවුන්ට 113 දිනාගන්වත් බැරිවුනා.

රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට එන හැම අවස්ථාවකදීම  ආර්ථිකය ගොඩ නගන බවට ලොකු කතා කියලා ආවත් ඒ හැම අවස්ථාවකදීම ඔහු අසාර්ථක වුනා. ඒක දැන් ආපහු ඉතාම හොඳින් පැහැදිලි වෙලා තියෙනවා.

අද ව්‍යාපාරිකයන්ට රට ගැන රටේ පාලනය ගැන කිසිම විශ්වාසයක් නැහැ. පිටරට සල්ලි හම්බකරන අය සතයක් ලංකාවට ගේන්නේ නැහැ.ඒවත් මේ ආර්ථික අර්බුදයට බලපාලා තියෙනවා’’ යැයිද ඔහු එහිදී කියා සිටියේය.

ඡායාරූප - ගයාන් අමරසේකර

 

 

 



අදහස් (6)

රජය ගැන ආයෝජකයන් - ව්‍යාපාරිකයන් තැබූ විශ්වාසය කඩා වැටිලා

OMG Thursday, 04 October 2018 01:55 PM

මේ 225 ඉන්නකම් ඔක්කොම කඩාගෙන වැටෙනවා. අපිට එක වේලක් හරි කාලා ඉන්න පුළුවන්. ඒත් අපේ දරුන්වන්ට දෙයියන්ගේම පිහිටයි. මුනුබුරන්ටනම් හිතන්නවත් බැහැ.

:       0       0

sirimal Thursday, 04 October 2018 02:49 PM

මේ දවස්වල මේ මහත්තයා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේද, ජනාධිපතිතුමා එක්කද? නැත්නම් වෙන කොහෙවත්ද? ආර්ථිකය කඩා වැටිලානම් ඔයතරම් විශාල පුජෝත්සව පැවැත්වෙන්නේ, දැවැන්ත නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ, විශාල පරිමාණයේ හෝටල් හැදෙන්නේ, වාහන ගෙන්වන්නේ, කෝටිගණන් තෑගි දෙන රුපවාහිනි වැඩසටහන් විකාශනය වෙන්නේ, උත්කර්ෂවත් අන්දමේ මඟුල් ගෙවල් දකින්නට තියෙන්නේ කොහොමැයි?

:       0       13

Chanak Los angeles Friday, 05 October 2018 01:15 AM

මොහු රජයට හේත්තු වෙලා හිටියානම් කියන්නේ ආයෝජකයන්, ව්‍යාපාරිකයින් තැබූ විශ්වාසය තවත් තහවුරු වෙලා කියලයි.

:       0       0

mahinda Friday, 05 October 2018 01:57 AM

ඊට ඉස්සෙල්ලා මෙයාව මහනුවර ඡංදදායකයෝ තම දිස්ත්‍රික්ක යෙන් පරාජය කර පාර්ලිමේන්තුව තහනම් කලා මෙය නියෝජය කරන්නේ ජනතා මතය නෙවෙයි

:       0       0

sadi Friday, 05 October 2018 03:00 AM

රටේ ඉහළම තැන කාර්යමණ්ඩල ප්‍රධානියා ආයෝජකයින්ගෙන් අල්ලස් අරන් මාට්ටු වෙනකොට, ව්‍යවසායක ඇමතියා අල්ලස් ඉල්ලනකොට මොන ආයෝජකයින්ද හලෝ?

:       0       0

laksman Friday, 05 October 2018 06:18 AM

එක් නායකයෙක් කිව්වනේ රටේ දේපල ලබාගෙන ව්‍යාපාර කලොත් ඔහු බලයට ආවාම ඒවා ආපසු පවරා ගන්නවා කියල.අපිට හිතෙනවා විදේශිකයන් ඔවුන්ගේ ආයෝජන ආපසු ගෙනගියේ එනිසා කියල.එය එසේනම් එවැනි අය රටේ පාලනයට සුදුසුද මන්ත්‍රීතුමා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 28 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 275 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2806 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1543 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1115 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 481 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site