IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ඇමති වාසුගේ රිය යතුරු පැදියක ගැටෙයි

( කේ බුද්ධික කුමාරසිරි )
 
ජල සම්පාදන පහසුකම් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගී නිල රථය හයිලෙවල් මාර්ගයේ ගොඩගම 27 කණුව ප‍්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් අද (01) දින දහවල් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 
රත්නපුර ප‍්‍රදේශයේ පැවැත්වෙන ජන හමුවකට සහභාගී වීම සදහා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සිය රියදුරා ද සමගින් සිය නිල රථයෙන් කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් සටින අතරතුර මෙම අනතුර සිදුව ඇත
 
අනතුරට පත් යතුරුපැදිකරු ද හෝමාගම දෙස සිට ගොඩගම දෙසට පැමිණ 27 කණුව මංසන්ධියෙන් ගොඩගමගේවත්ත ප‍්‍රදේශයට යතුරුපැදිය හැරවීමට යාමේදී යතුරුපැදිය පස කරලීමට කටයුතු කරමින් සිටි අමාත්‍යවරයාගේ නිල රථයේ ගැටීමෙන් අදාල අනතුර සිදුව ඇති බවත් අනතුර සිදුවන ආකාරය අසල සතොස වෙළධසලෙහි ආරක්ෂිත කැමරා පද්ධතියෙහි සටහන්ව ඇති බවත් සිදු කල මූලික විමර්ශණයේදි අනාවරණය වූ වී ඇත
 
තුවාල ලැබූ පුද්ගලයාගේ තත්වය බරපතල නොවන බවත් ඔහුගේ අත් වලට සහ පාදයකට තුවාල සිදුව ඇති බවත් තුවාල කරුගේ සුවදුක් විමසීමට අමාත්‍යවරයා හෝමාගම මූලික රෝහලට පැමිණි බවද හෝමාගම මූලික රෝහලේ ප‍්‍රකාශකයෙකු පැවසීය
 
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හෝමාගම ගොඩගමවත්ත ප‍්‍රදේශයේ කුලී පදනම මත පදිංචිව සිටි පුද්ගලයෙකු වන බවත් එම පුද්ගලයා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ හිතවතකුද වන බැවින් සිද්ධිය සමථයකට පත් කර ගැනිමේ සූදානමක් පවතින බව ද වාර්ථා වේ



අදහස් (17)

රාජ්‍ය ඇමති වාසුගේ රිය යතුරු පැදියක ගැටෙයි

sena Sunday, 01 December 2019 08:56 AM

වැඩේ කියන්නේ හිතවතෙක්මනේ ඇවිත් හැප්පිලා තියෙන්නේ..

:       0       211

Jayantha Sunday, 01 December 2019 09:02 AM

මේ සුඛෝපභෝගී රථවාහන වලින් යන වාමාංශික සමාජවාදී නායකයා...

:       148       461

Rata Perata Sunday, 01 December 2019 09:10 AM

වැඩේ කියන්නේ මේ අයට මොනවත් වෙන්නේ නෑනේ...

:       109       269

kamal Sunday, 01 December 2019 09:10 AM

සාදුකින් පෙළෙන අය දැන් නැගිටින්න...

:       106       263

lanka Sunday, 01 December 2019 09:27 AM

අනේ ඇමතිතුමා පව්...

:       117       203

රවින් Sunday, 01 December 2019 09:44 AM

අවට පරිසරය නරක වචන වලින් පිරී ඉතිරී යන්න ඇති...

:       0       199

sandySunday, 01 December 2019 10:17 AM

එහෙම නැතුව කොහොමද?

:       0       65

Nimal Sunday, 01 December 2019 10:58 AM

ඇමතිතුමාගේ දෑකැත්තත්, මිටියත් සුඛෝපභෝගි රථය තුළ තිබුණාද? ඒවා සුරක්ෂිතයිද?

:       0       51

Bamunuarachchi Sunday, 01 December 2019 11:24 AM

කව්ද අපේ සර්ගේ වාහනේ හැප්පුවේ...?

:       1       15

BamunuarachchiTuesday, 03 December 2019 01:31 PM

ඩුප්ලිකේට් බමුණුආරච්චි, තමන්ගේම නමින් ලියනවානම් නේද හොඳ. කරුණාකර ඔබේ හොඳ අදහස් තම නමින් ලියා නමක් ගොඩනගා ගන්න. මම කාටවත් සර් කියා අමතන්නේ නැත.

:       0       0

කපුරුහාමි Sunday, 01 December 2019 11:31 AM

වාහනයේ හැප්පිච්චි කෙනාට මෙයා හොඳ සුද්ද සිංහලෙන් කතා කරන්න ඇති. මහා ලොකු විප්ලවවාදියා. කතාවට නම් වාමාංශික... කෙරුවාව නම් කියලා වැඩක් නැහැ.

:       13       128

මෝ Sunday, 01 December 2019 12:13 PM

මේ මිනිසා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුත්තෙක්. එනපාර පාර්ලිමේන්තුවට නොඑවීමට වගබලා ගන්න මෙවැනි මිනිසුන්...

:       0       25

mahinda Sunday, 01 December 2019 12:54 PM

ඉතා හදිස්සි වැඩකට යන ගමන් වෙන්න ඇති...

:       0       10

Mahee Sunday, 01 December 2019 12:56 PM

හරි පුදුමයි අපේ මිනිස්සු. වාසුට පණ යනකම් බනිනවා. වාහනේ පදවලා තියෙන්නේ වෙන මිනිහෙක්... මේ වයසක මනුස්සයා මොනවා කරන්නද? අර එක ඇමතියෙක් රිය අනතුරෙන් පස්සේ පැනලා ගිහින් රියදුරා එව්වේ බිල්ලට. මෙයා අඩු ගානේ ඒ ලෙඩාව බලන්නත් ගිහින් තියෙනවනේ. අපේ මිනිස්සු කට තියෙනවට දොඩවන පිරිසක් මිසක් මොලේ තියෙන අය කියලා පේන්නේ නෑ.

:       58       214

vidya Sunday, 01 December 2019 05:48 PM

අපිට මතකයි කොමියුනිස් කාරයන් ඔක්කොම ඔහොම අය තමයි. චීනයේවත්, රුසියාවේවත් ඔය පරණ ධර්මය හරි ගියේනෑ. එහාට මෙහාට පැනපැන දුප්පත් මිනිස්සුන්ගේ දේවල් කාබාසිනියා කරනවා.

:       0       1

de silva Monday, 02 December 2019 01:05 AM

සමාජවාදය නමට පමණි. ගමන බිමන නම් සුපිරි රථයේ, වාසය සුපිරි මැදුරු වල, කෑම බිම තරු හෝටල වල

:       0       0

bamunuarachchi Tuesday, 03 December 2019 01:26 PM

ඒකනේ වාහන ඉන්ෂුවරන්ස් කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 121 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 323 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 803 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1094 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 381 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 183 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site