විනීතා එම් ගමගේ
රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි මිලදී ගැනීමේ දී හෝ කුලියට ගැනීමේ දී හරිත ගොඩනැගිලි පමණක් ලබා ගැනීමට රජය ඉදිරියේ දි කටයුතු කරනු ඇතැයි මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ක්‍රිෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා ගොඩනැගිලිවලට හරිත අගයක් ලබා දෙන බවත් 0 සිට 5 වූ එම අගයන්ගෙන් 5 සිට 2.5 දක්වා වූ අගයක් ලබා ඇති ගොඩනැගිලි පමණක් රාජ්‍ය ආයතන සඳහා ලබා ගනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ගොඩනැගිලි ඉදිකිරීමේ දී යොදාගන්නා ස්වභාවික සම්පත් භාවිතය හේතුවෙන් විශාල පාරිසරික ප්‍රශ්න ගණනාවක් මතුව ඇති බවත් මේ නිසා තිරසාර සංවර්ධනයට බාධා ඇති වි ඇති බවත් කී මහාචාර්යවරයා රජය මේ තීන්දුව ගන්නේ මෙම හේතුවනිසා යැයි ද පැවැසීය. ඒ අනුව පරිසරයට අවම හානි සිදුවන ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගෙන ඉදි කර ඇති ගොඩනැගිලි පමණක් ලබා ගැනීමේ නීති ඉදිරියේ දී සකස්වනු ඇතැයි ද රණසිංහ මහතා කීය.
මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (02) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි හෙට දක්වා පැවැත්වෙන තිරසර ලංකා ප්‍රදර්ශනය පිළිබඳව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජ්‍ය ආයතන සඳහා හරිත ගොඩනැඟිලි පමණයි
Pushpa Sunday, 02 April 2017 02:02 PM
අපට කීමට ඇත්තේ ලංකාවේ ගොඩක් තැන්වල ලංකාවේ දැනට පවතින සරල ප්‍රශ්න නොවිසදා වඩා සංකීර්ණ දේවල් තනි තනිව විසදීමට යාම ප්‍රයෝගික නොවන බවයි. තිරසාර සංවර්ධනය බොහෝ අගනේය. එනමුත් දැනට පවතින ගොඩනැගිලි සම්පුර්ණයෙන් තිරසාර නොවුනත් ආර්ථික ලෙස උපරිම ප්‍රයෝජනයට ගත යුතුයි. එලෙසම හිතවතුන්ගේ තිරසාර ගොඩනැගිලි කුලියට ගැනීම නොකළ යුතුය. රජයේ ගොඩනැගිලි කුලියට ගැනීම එක ආයතනයකින් හරි හැටි විශ්ලේෂණයකින් පසුව සිදු කල යුතුය. සුර්ය පැනල බදු අඩු කල යුතුය.
himalMonday, 03 April 2017 04:22 AM
හරිත ගොඩැනැගිලි වෙතට යොමුවෙන්න වෙලා තියෙන්නේ බලශක්ති ප්‍රශ්නයත් එක්ක. ඒ හින්දා ඒක වැරදි නෑ. අනික හිතවතා කවුද නැත්තේ කවුද කියලා කොහොමද හොයන්නේ?හරිත ගොඩනැගිලි සංකල්පය අතනින් මෙතනින් අල්ලගෙන කියවලා වැඩක් නෑ.
PushpaMonday, 03 April 2017 06:05 AM
බලශක්ති ප්රශ්නය රජයේ හරිත ගොඩනැගිලි වලින් විසදන්න බැහැ. එකට මෙයට වඩා සරල නමුත් ප්‍රමාණයෙන් විශාල දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස ලංකාවේ සියලු අලුත් ගෙවල් සහ අලුත් ගොඩනැගිලි සරල ප්රමිතිකරණයකට නීතියෙන් යටත් කිරීම සහ ඒ පිළිබඳව වෘත්තිකයින් සහ බාස්වරු හොඳින් පුහුණු කිරීම, විදුලි පිරිමැසුම් උපාංග ප්‍රචලිත කිරීම, රජයේ ආයතනවල සහ පාරවල් වල නිකරුනේ දවලුත් දැල්වෙන පහන් සහ අනෙකුත් උපාංග පාලනය කිරීම සහ පාසල් හරහා ආකල්ප දියුණු කිරීම වැනි දෑ
himalMonday, 03 April 2017 07:54 AM
බලශක්ති ප්රශ්නය ඔය කියපු කිසිම දෙයකින් විසඳන්න බෑ, ඒත් පාලනය කරන්න පුළුවන්. අනික දැනටමත් ගොඩනැගිලි ඉදිකරද්දි පළාත් පාලන ආයතනයේ නීති තියෙනවා. ඒ වගේම ඔය කියන දේවලුත් වසර ගණනාවක් තිස්සේ ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් කෙරෙනවා. හරිත ගොඩනැගිලි ඉදිකරීම ප්‍රමිතියක් විදිහට ගෙන ඒම තමයි මේ යෝජනා කරලා තියෙන්නේ.
Lanka Perera Sunday, 02 April 2017 10:47 PM
සුර්ය පැනල වලට බදු ගන්නේ නැහැ නේ.
සිරි Monday, 03 April 2017 05:09 AM
හරිත ගණයට වැටෙන ගොඩනැගිලි ලංකාවෙ තියෙන්නෙ ඉතාම අල්පයයි. මේ බව නොදැනද මහාචාර්යතුමා මෙවැනි යෝජනාවක් ගෙනෙන්නෙ. හරිත ගොඩනැගිල්ලක් හදන්නට යන පිරිවැය සාමාන්‍ය ගොඩනැගිල්ලකට වඩා 30%-40% කින් වැඩියි. එම ආයෝජනය නැවත ලබාගන්න වෙන්නෙ අධික කුලියක් අය කිරීමෙනුයි. මේ යෝජනාවෙන් වෙන්නෙ සීමිත පිරිසකට රජය මගින් ලාභ උපයන්න මාර්ගයක් හදාගන්න එක විතරයි. හරිනම් කරන්න ඕනෙ තායිලන්තයේ චියන්ග් වටනා වල කලා වගේ රජය මගින්රජයේ ආයෝජනයක් ලෙස තම ආයතන සඳහා විශාල හරිත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමයි.
Deeapl Nirosh Monday, 03 April 2017 07:57 AM
මහාචාර්යතුමා, ඉදිරියේ දී ඉදිකරන ගොඩනැඟිලි සඳහා හරිත ගොඩනැඟිලි පමණයි කියල අපි යෝජනාව පොඩි වෙනසක් කරමු ද? මොකද ඉදිකර ඇති ගොඩනැඟිලි හරිත නෑ කියල බැහැර කිරීම අපි වැනි රටකට ඔරොත්තු නොදෙන ජාතික අපරාධයක්.